අලුත් ව්‍යවස්ථාවෙන් රට කැලී කෑලිවලට තවත් ලෙබනනයක්, ඊශ්‍රායලයක් වීම ස්ථිරයි..

February 21, 2017 at 3:23 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවෙන් රට කැලී කෑලිවලට තවත් ලෙබනනයක්, ඊශ්‍රායලයක් වීම ස්ථිරයි..

නව ව්‍යවස්ථා සැකසීමේ මෙහෙයුම් කමිටුවෙන් හැර අනුකුත් අනු කමිටුවලින් එකාබද්ද පොදු විපක්ෂයේ නියෝජිතයින් ඉවත්වීමට තීරණය කරයි.

මෙයට ප්‍රධාන හේතුව අනුකමිටු 6 තුල සාකච්ඡා කරන කරුණු බෙහෙවින් ඒකිය භාවයට හානියක් මෙන්ම මේ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කලොත් මේ රට කැලී කෑලිවලට කැඩී ඉදිරියේදී තවත් ලෙබනනයක් ඊශ්‍රායලයක් වනවාට අකැමැති බවත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසිය.

ඉදිරියේදී ලිඛ්තව මේ සම්බන්ධව දැන්විමට කටයුතු කරන බවත් එහිදි මන්ත්‍රීවරයා සඳහන් කරන ලදි.

රජය කියනවා අලුත් ව්‍යවස්ථාවක් හදනවා, ඒත් ජනාධිපතිවරයා කියනවා එතුමා පොරොන්දු වුනේ ජනමත විචාරනයකට නොයන ව්‍යවස්ථා සංශෝධන පමණයි කියලා. දැන් අපිට තියෙන ගැටලුව තමයි ඇයි එහෙනම් මෙතරම් විශාල මුදලක් සහ කාලයක් ගතකලේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න, මේ රට අවුල් ජාලයක් ඇති කරන ව්‍යවස්ථාවක් තමයි මේ ගෙනෙන්නේ යයිද මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පැවසිය

607 views

One Comment to “අලුත් ව්‍යවස්ථාවෙන් රට කැලී කෑලිවලට තවත් ලෙබනනයක්, ඊශ්‍රායලයක් වීම ස්ථිරයි..”

  1. jayamal says:

    රට කෑලි කෑලි වලට කඩන නව ව්‍යවස්තා ගේන්න රනිල්ට කිසි සේත් ඉඩ නොදිය යුතුය. ඒකාබද්ධ විපක්ශයේ හැම විටම ප්‍රධාන සටන් පාඨය විය යුත්තේ එයයි. වසර දහස් ගණනක් පැවති සිංහල බෞද්ධ රාජ්‍යය “අනාගමික” රාජ්‍යයක් කර බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දී ආරක්ශා කිරීම නවතාලීමට මෙම ව්‍යවස්තාවෙන් යෝජනා කර ඇත. මව්බිමට හිතැති සැවොම එකහෙලාම නව ව්‍යවස්තාවට විරුද්ධ විය යුතුය.

Main News