අලුත් ව්‍යවස්ථාවේ ‘ඒකීය’ වචනය ඉවත් නොකලොත් අයවැයට විරුද්දව ඡුන්දය දෙනවා..- සුමන්තිරන්

October 17, 2018 at 6:28 am | lanka C news
අලුත් ව්‍යවස්ථාවේ ‘ඒකීය’ වචනය ඉවත් නොකලොත් අයවැයට විරුද්දව ඡුන්දය දෙනවා..- සුමන්තිරන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ මෙහෙයුම් කමිටු වාර්ථාවේදී අඩංගු වී ඇති ඒකීය රාජ්‍ය යන වචනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවටත් රජයේ පොරොන්දු ඉටු නොකරන්නේ නම්  මෙවර පැත්වෙන අයවැයට විරුද්ධව ඡන්දය පකාශ කිරීමේ සූදානමක් ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ (15) දින යාපනය ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.එහිදී මන්ත්‍රී වරයා වැඩි දුරටත් කියා සිටියේය,

‘රජය අපිට ඉටුකරල දෙනව කියපු හුගක් දේවල් තවම ඉටු කරල නැහැ ඒවා නිශ්චිත කාලවකවානුවක ඉටු කලේ නැත්තම් අපි අයවැයට විරුද්ධව කටයුතු කළ යුතු බවට තමයි අපේ බහුතරයක කැමත්ත තියෙන්නේ නමුත් ඒ ගැන ආණ්ඩුවට ලබා දෙන කොන්දේසී කාලවකවානු මොනවද කියල තවම තීරණය කරල නැහැ.

එමෙන්ම මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයේ මෙහෙයුම් කමිටු වාර්ථාවේ වත්මන් තත්වය පිළිබඳවද මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ,

‘මෙහෙයුම් කමිටු වාර්ථාව දෙන්න තිබුනේ ඔක්තෝම්බර් 25 වනදා නමුත් ඒක මේ නොවැම්බර් 07 වනදා දක්වා කල් දාලා තියනවා ඊට හේතුව මේ වාර්ථාවේ සිංහල දෙමළ පරිවර්තන වල තිබුණු ප්‍රශ්නයක් ඒ අනුව මේ මාසේ 25 වෙනිදා කමිටු සාමාජිකයින් රැස් වෙලා අවසන් එකගතාවය ලබා දෙනවා.

ඒ වගේම පසුගියදා පැවති මෙහෙයුම් කමිටු රැස්වීමේදී ‘ඒකීය රාජ්‍ය යන වචනය පිළිබඳව සාකච්ඡාවක් ඇති වුනා මෙතෙක් ඒ වචනෙට දෙමළෙන් පාවිච්චි වුනේ ඔට්‍රියාච්චි නාඩු කියලයි ඒකට රට ගැන තේරුමක් එන්නනම් ඔරුමිත්ත නාඩු කියන නම දාමු කියලා යෝජනා වුනා නමුත් ඒකට ඩග්ලස් දේවානන්ද මන්ත්‍රීවරයා විරුද්ධ වෙලා ඔට්‍ර්යාච්චි කියලම පාවිච්චි කරමු කියල ප්‍රකාශ කලා ඒකයි මේ කමිටු වාර්ථාව පරක්කු වෙන්නේ,

මේ අතර අදාල මෙහෙයුම් කමිටු වාර්ථාව සම්බන්ධයෙන් ඊ.පී.ඩී.පී. පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලෙස් දේවානන්ද මහතා යාපනයේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ,

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැටලුවක් ආවොත් සිංහල භාෂාවේ වචනය තමයි අවසානයේ ගන්නේ එබැවින් ඒකීය රාජ්‍ය යන වචනයේ තේරුම තමයි ඔට්‍රියාච්චි කියන වචනය ඔරුමිත්ත නාඩු කියලා කිව්වොත් එක්සත් එට කියලා තමයි තේරුම් එන්නේ ඒබැවින් සිංහල හෝ දෙමළ හෝ ජනතාව රවට්ටන ආකාරයෙන් විය යුතු නැහැ කියලයි මම ඉල්ලන්නේ.. යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

90 views

11 Comments to “අලුත් ව්‍යවස්ථාවේ ‘ඒකීය’ වචනය ඉවත් නොකලොත් අයවැයට විරුද්දව ඡුන්දය දෙනවා..- සුමන්තිරන්”

  1. Nim says:

    ” ME SINHALA APAGE RATAI
    APA EPADENA MARENA RATAI ”
    SAMA DANEN SEYALU JATHIN
    AKKWA JEEWATH WENNA
    BARINAM NAWATHA UDDAYA
    KATA , DESASEEMA ARAGALA YKATA
    ATHA WANNA AKADA KARANNE.

    • Pina says:

      මේ සින්හල අපගෙ රටයි කියල ලියන්නෙ සින්හලෙන් නොවෙයිද බන්.

  2. Perera says:

    Racist bastard, vanish!

  3. රජය තමුන්ලාට ඉටුකරල දෙන්න පොරොන්දු වෙච්ච දේවල් අපිටත් දැනගන්න පුලුවන්ද?හොද දේවල් නම් අපිත් උදව් කරන්නම්.

  4. පොඩි එකා says:

    ඒ කියන්නේ මෙයාල අයවැයට චන්දේ දෙන්නේ ඒක රටට යහපත්ද අයහපත්ද කියලා නෙවෙයි.. ටී.එන්.ඒ එකට යහපත්ද අයහපත්ද කියලා.. හරි ෂෝක් විපක්ෂ නායකයෙක් තමයි ආණ්ඩුව රටට නිර්මාණය කරලා තියෙන්නේ.. 62 ලක්ෂයක් ඡනතාවගේ කරුමේ නෙවෙයි.. දෙකෝටියකට ආසන්න ඡනතාවගේ කරුමේ…

    • Asaranaya says:

      සරළ පඹයා හැම මොහෙතේම කිව්වේ අලුත් විවශ්තාවක් එන්නේ නැහැ කියලා , මොකක්ද බොල මේ ගෙන්නෙ, තොගෙ කටට හෙණ ගහන්න ඔනේ රටට බොරු කියනවාට, අනේ අම්මපා මූට රානි අලයටත් සමගව ජොනි බට්ටෙකුගෙ සන්ග්‍රහයක් දෙන්න කවුරුත් නැති හැටි

  5. Janathawa says:

    The whole nation watch carefully,how the present ruler react to this undue threat. Will they give their prime concern to protect their personal gains by obliging to them ,putting country’s sovereignty as a matter of secondary importance
    or otherway round?

  6. සනත් ඉතාලිය says:

    මට තියන ප්‍රශ්නය එක නෙමෙයි මුන් අයවයට විරුද්ධව චන්දෙ දුන්නොත් පොහොට්ටුව මුන්ව කරට ගනිද කියන එකයි විපක්ශයක් නොවන විපක්ෂය

    • Helaya says:

      The people are reminded 1. ” HANGI HANGI VES BANDANTH NATANNA VENNE ELIYE”.
      2. ” HONDHA HONDHA SELLAM ELIVENA YAAMETA”.

  7. kamani says:

    ane palayan demalo yanna yana dihakata kata wahagena,thopi thama lassanata thibuna lankawa winasa kale,LANKAWA APE THOPILATA INNA BARINAM PALAYAW YANNA THUHTHUKUDIYATA

Main News