අලුත් ව්‍යවස්ථාව ගැන ජනාධිපතිගේ අදහස මෙන්න…
October 20, 2017 at 4:40 pm | lanka C news
මේ වන තෙක් කෙටුම්පත් කර නැති නව ව්‍යවස්ථාවක් ගැන කියමින් ඇතැමුන් සමාජය නොමග යැවීමට උත්සාහයක් ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
නව ව්‍යවස්ථාවක දළ කෙටුම්පතක් හෝ මෙතෙක් සකස්කර නැති බවත් දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන් ව්‍යවස්ථාවක් සකස් කිරීම සදහා පදනම් කරගත් වාර්තාවක් පමණක් යයිද පවසන ජනාධිපතිවරයා ඊට සියලු දෙනාගේ අදහස් යෝජනා ලබාගෙන සුදුසුම කි‍්‍රයාමාර්ග පමණක් ගන්නා බවද සදහන් කරයි.
ජනාධිපති මන්දිරයේ පැවති දීපාවලී සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.
අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක්ද මේ සදහා සහභාගී වී සිටියහ.
ගමට කොටියා එන බව දුටු ගම්වාසින් “කොටියා එනවෝ “ කියමින් කෑ ගැසූ නමුත්, කිසිවෙක් ගනන් ගත්තේ නැත. සැබවින්ම කොටියා ඇවිත් මිනිසුන් මරණ විට කවුරුත් උදව්වට අවේ නැත”: මේ පැරණි අපේ ගම්වල කියමනකි. ආණ්ඩුවේ මුන් කරන්නෙත් සැබෑ අනතුර වසන් කිරීමයි. යම් දවසක පාලක තොපි රටට වින්නැහියක් කරදාට තොපේ NGO, JVP, TNA රොත්තම නැති බව වටහා ගනිව්. එදාට තොපි කවුරුත් ඩයස්පෝරා වන බව නම් අපට සහතිකය.
නව ව්‍යවස්ථාවක් සැකසීම සඳහා තමන්හට ජනවරමක් ලැබී ඇතැයි යහපාලකයන් කරන ප්‍රකාශය මහජනතාව මුලාකර රටට විරුද්ධ විදෙස් බලවේගවල අවශ්‍යතා ඉටු කිරිම සඳහා කරනු ලබන පහත් හා ජාතිද්‍රෝහී ක්‍රියාවකි.
පසුගිය ජනාධිපතිවරනයේදී වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහන් වුයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව මිස, නව ව්‍යවස්ථාවක් සැකසීමක් ගැන නොවේ. එමනිසා එකී ජනාධිපතිවරනයේදී ලක්ෂ 62 ක්වූ චන්ද දායකයන් වරමක් ලබා දී ඇත්තේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විනා ව්‍යවස්ථා සංශෝධනයකට නොවේ. එම නිසා ජනාධිපතිවරයා කලයුත්තේ තමන් ජනතාවට මෙන්ම සෝභිත හිමියන්ගේ දේහය ඉදරිපිට පොරොන්දු වූ පරිදි, ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු කිරීමය.
ඒ.ජා. ප.යටද නව ව්‍යවස්තාවක් සම්පාදනය කිරීම සඳහා කිසිදු ජනවරමක් ලැබී නොමැත. පසුගිය මැතිවරණයෙන් රජයක් ස්ථාපිත කිරීමට ආවශ්‍ය 113 කට වැඩි නියෝජිතයන් සංක්‍යාවක් ඒ.ජා.ප.යෙන් තේරී පත් නොවූ බැවින් කිසිදු ජනවරමක් ගැන කතා කිරීමට ඒ. ජා.ප.යට සදාචාරාත්මක අයිතියක් නොමැත.
දරා ගත නොහැකි අධික ජිවන වියදම, වැඩවර්ජන රැල්ල, නියගය, ගංවතුර, නාය යෑම් හා සාලාව කඳවුර පිපිරිමෙන් පිඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට වඩා අතිශයින් වැදගත් හා කඩිනමින් සිදු කල යුතු කාර්යයන් බව අමුතුවෙන් මතක් කර දිය යුතු නොවේ. රටවැසියා වෙත තමන්ගෙන් ඉටුවිය යුතු වගකීම් හා ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු නොකර කිසිවෙකුත් නොඉල්ලූ හා ජනවරමක් නොලැබුණු ව්‍යවස්ථා සම්පාදනයකට අවතීර්ණ වීම යහපාලනය නොවන බව රජය පැහැදිලිව තේරුම් ගත යුතු යථාර්ථයයි.
Look at the people participated in this meeting:
“අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක්ද මේ සදහා සහභාගී වී සිටියහ”
All tiger proxies or their sympathisers!
Lanka web reported that Jayampathy was sacked by Peradeniya university in 1972 due to cheating during the final year exam but later he joined law college and Medea should expose such people to create a public opinion against such a cheater who was caught red handed