අලුත් ව්‍යවස්ථාව ගේන බව අගමැති යලි කියයි.. ජනවරම එයටලු..
October 21, 2017 at 12:00 pm | lanka C news
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරනු ලබන්නේ පසුගිය මැතිවණයේදී ලද ජන වරමට අනුකූලව යයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.
අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් උවමනා බව පසුගිය මැතිවරණයේදී ජනතාව විසින් පෙන්වා දුන් බවද අගමැතිවරයා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර වත්තේගමදී පැවති උත්සව සභාවක් අමතමිනි.
නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය නැතැයි මල්වතු අස්ගිරි කාරක සංග සභා විසින් තීරණය කර පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ඈත අතීතයේ සිට වෙනත් ප්‍රදේශවල මෙන්ම යාපනයේද සිටියේ සිංහලයෝය. ඔවුන්ගේ පාලකයෝ සිංහලයෝය. ඔවුන් කතා කළ, ලියූ බස සිංහලය. වසභ රාජ්‍ය සමයට අයත් වල්ලිපුරම් රන්පත් ලිපිය IV වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් කදුරුගොඩ අත්තානි කණුව V වන කාශ්‍යප රාජ්‍ය සමයට අයත් තුනුකායි අත්තානි කණුව යන සෙල්ලිපිවලින් ඒ බව ප්රකාශවේ. වසභ මහරජ කාලයට අයත් රන්පත් ලිපියෙන් යාපනයේ පැරණි නම නාගදීපය බව පැහැදිලිවෙයි
ශ්‍රී ලංකාව නම් වූ රට නැවත ”සිංහලේ ” විය යුතුය ,මේ රට සින්හලබෞධ්ධ රටකි. එරටේ සංස්කෘතියේ ප්‍රධාන සංරචකය සිංහල බෞධ්ධවේ. බුද්ධ සාෂණය ආරක්ෂාකර වර්ධනය කිරීම රජයේ වගකීමය් බුද්ධාගම රාජ්‍යාගම වේ .සිංහල ජාතිය මේ රටේ ජාතිය වේ. අනෙක්අ ය වාර්ගිකයෝවෙතිමේ රට තුල සිංහලත්වයට හිමි තැන අහිමි කිරීම දේශ ද්‍රෝහී ක්‍රියාවකි””
මෙයා 2025 දිත් 2015 ජනවරම ගෑන කතා කර කර ඉඳියි වගේ. ජනවරම බලා ගන්ඩත් එක්ක මොකක් හරි චන්දයක් තියලා බලපන්කො. එතකොට බලා ගත්තහෑකි දෑන් කොහොද ඉන්නෙ කියලා.
ratama walata
ඒකාලේ සිංහල කොල්ලෝ කෙල්ලෝ 66000 ක් ගාතණය කළා, ලාභ ලබන රටේ සම්පත් වික්ක, කොටින්ට රට දෙන්න හැදුව, බැංකුව සුද්ද කළා, මූ කොහොම හරි රටත් සුනු විසුනු කරලා දාන්න යන්නේ. බෙර ගනිල්ලා
ගන්න ඕනේ 113 ක්.. ගත්තේ 106 යි… ඉතින් කොහෙද ඡනවරමක් ලැබිලා තියෙන්නෙ…