අලුත් ව්‍යවස්ථාව නවතනු.. එක හඬින් අප විරුද්දයි..- ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ආණ්ඩුව දණ ගැස්වූ සේක…

July 5, 2017 at 12:21 am | lanka C news
අලුත් ව්‍යවස්ථාව නවතනු.. එක හඬින් අප විරුද්දයි..- ත්‍රෛනිකායේ මහ නාහිමිවරුන් ආණ්ඩුව දණ ගැස්වූ සේක…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව ත්‍රෛනිකායික මහනාහිමිවරු ඒකමතිකව තීරණය කරති.

අස්ගිරි මහා විහාරයට රැස්වුණු මහනාහිමිවරුන් මේ මොහොතේ පවත්නා ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණයට පැමිණි බව අස්ගිර් පාර්ශහිර් මහා ලෙඛකාධිකාරි ආචාර්යව පූජා මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කලහ.

මෙම විශේෂ සාකච්ඡාව සදහා සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහා නාහිමියන්, සහ වෙඩරුවේ උපාලි අනුනාහිමියන්, මල්වතු පාර්ශවය වෙනුවෙන් අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් සහ අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමියන්, රාමාඥ්ඥ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නාහිමියන්, අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මෙන්ම කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපත් පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ද සහභාගී වී සිටියහ.

පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යාම උචිත බවටත් විධායක ජනාධිපති ධූරය අවශ්‍යතාවය රටට වැදගත් බවත් මෙහිදී මහනාහිමිවරුන්ගේ තීරණය වී ඇති අතර මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කළ යුතුනම් සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිබේ.

යුද සමයේ සමයේ සිදුවූ යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රණ විරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්, එම පනතද සුදුසු නැති බව මහනාහිමිවරුන්ගේ මතය වී තිබේ.

මේවන විට ජාතික හා ආගමික වශයෙන් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත්, එම ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සොයා බලා විසඳුම් ක්‍රියා මාර්ග සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමටද මහනායක හිමිවරුන් අද අවධානය යොමු කර ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

230 views
Main News