අලුත් ව්‍යාවස්ථාවෙන් උප අගමැතිලා නෑ..- අග‍්‍රඵලය තව දුර කරමින් අධිකරණ ඇමති කියයි..

September 1, 2020 at 3:00 pm | lanka C news
අලුත් ව්‍යාවස්ථාවෙන් උප අගමැතිලා නෑ..- අග‍්‍රඵලය තව දුර කරමින් අධිකරණ ඇමති කියයි..

උප අගමැති වරයෙකු පත් කිරීමක් ගැන මේ වන තෙක් අවධානය යොමු කර නැති බව අධිකරණ ඇමැති මේ අලි සබ්රි මහතා සඳහන් කරයි.

මේ වනවිට රජයේ අවධානය යොමු වූයේ 19 සංශෝධනය ඉවත් කිරීම හා සහ නව ව්‍යවස්ථාවක් සකස් කිරීම ගැන බවද ඔහු පැවසීය.

මෙතෙක් උප අගමැතිවරයෙක් සම්බන්ධයෙන් කිසිම යෝජනාවක් ඉදිරිපත් වී නැතැයි ද ඔහු සඳහන් කළේය.

සියලු ජාතීන් වෙනුවෙන් ක්‍රියාත්මක පොදු නීති පද්ධතියක් ඇති කරන බවත් අධිකරණ කීය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

24,100 views

2 Comments to “අලුත් ව්‍යාවස්ථාවෙන් උප අගමැතිලා නෑ..- අග‍්‍රඵලය තව දුර කරමින් අධිකරණ ඇමති කියයි..”

  1. Fernando says:

    මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු නැ අපි ඔක්කොම ශ්‍රීලංකිකයෝ, සිංහල දෙමළ ඉගෙනීම අනිවාර්ය කල යුතුයි. රටේ සියළුම මිනිස්සුන් ට එකම නිතියක්‌

  2. අසංඛ්‍ය says:

    ඒවුනාට අලි සබ්‍රිගෙන් කප්පමක් ගන්න හදපු චීවරධාරියෙක් නම් කීවේ උප අගමැති කමක් අවශ්‍ය බවයි. එම තනතුරට පා.ච.රණවක පත්කළ යුතු බවත් හෙතෙම පැවසුවා. ඊට සුදුස්සා පාස්කු බෝම්බේ ගහන්න නිහඩ අනුමැතිය දුන් මෛත්‍රී නොව බෝම්බ ප්‍රහාර මාලාව නිසි අයුරින් ඉලක්ක වෙත සුදු වුනා නම් ජනාදිපති වීමට සිටි පා.ච. රණවක බවත් එම චීවරධාරියා මාධය සාකච්චාවක් තියා ප්‍රකාශ කර තිබෙනවා. 🙂

Main News