අලුත් ව්‍යාවස්ථා යෝජනා ජනපති පිලිගනී.. ඒකීය රාජ්‍ය ශක්තිමත් කරයි.. සභ්‍යත්ව රාජ්‍ය යලි ගොඩනගයි..

February 14, 2020 at 12:00 pm | lanka C news
අලුත් ව්‍යාවස්ථා යෝජනා ජනපති පිලිගනී.. ඒකීය රාජ්‍ය ශක්තිමත් කරයි.. සභ්‍යත්ව රාජ්‍ය යලි ගොඩනගයි..

නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වෙයි.

කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් යුතුකම සංවිධානය සම්පාදනය කළ  යෝජනාවලිය ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය  යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන අරමුණු 05 ක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබේ.

යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා  ජනාධිපතිතුමා වෙත එය පිළිගැන්වීය.

ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ ද, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විද්වතුන්, කලාකරුවන්, ලේඛකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

31,350 Viewers

12 Comments to “අලුත් ව්‍යාවස්ථා යෝජනා ජනපති පිලිගනී.. ඒකීය රාජ්‍ය ශක්තිමත් කරයි.. සභ්‍යත්ව රාජ්‍ය යලි ගොඩනගයි..”

  1. kamal says:

    කරුණු 32න් 26ක් නැත්තම් 28ක් අරගෙන ලියන පොත දේශිය වෛද්‍යවිදයාවේ නව පුනර්ගමනයක් ඇතිවෙනවා .මාර්තු පළමුවෙනි ඉරුදින පොත මහමෙව්නාවට බාරදෙනවා සංහල සංස්කෘතිය රැකිම උදෙසා කමල්ගෙ කාර්ය භාරය කියා නමුත් ගුරුදෙව් කියන්නෙ පුතා වගේ අහිංසකයෙක් රජකරනවා කියා. නමුත් ඇත්තෙ එක මනුස්‍යත්වයයි ඒ කමල් මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  2. mp says:

    ආරක්ෂාව, නීතිය සහ රාජ්‍ය පරිපාලනය යන ආයතන දේශපාලඥයන්ට වග නොකියන විදියට හදන්න ඕන…

  3. CAT says:

    නව ව්‍යවස්ථාවක් මේ අවස්ථාවේ අපේ රටට අවශ්‍යද ? ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ප්‍රමාණවත් නොවේද ?

    • kawinda says:

      nawa viyawasthaawak ona. nethnam mokakhari avulak ethiunaama usaawiyedi ara viyawasthaawe ahawal chedaya saha ahawal eke anka yatathe chedaya anuwa kiya kiya mulu viyawasthaa gonnama kiyawanna wenawa. e mokuth nethiwa rata hithakara kaalayata deshayata gelapena kaatawath wenas karanna beri ekak aluthin hadannama ona. YUTHUKAMA sabhapathi GEWINDU KUMARANATHUNGA ratata aadare honda namak ethi deshapremiyek. buddhimathek. ape anaagatha MINISTER OF EDUCATION wenawaanam api harima kemathi i.

    • Roy says:

      ඉන්දියාව ශ්‍රී ලංකාව බයකර ඇතිකල 13 වන ව්‍යාවස්ථා සංශෝදනට වහාම අයින්කලයුතුයි. දෙමලගේ නිජබිම තමිල්නාඩුවයි.

  4. Wijebahu says:

    Two of the biggest racists wrote a constitution. What a joke.

    • Janaka from Mathara says:

      Jeyampathi Wikremaratne and Sumundiran are the two biggest rogues that wrote the failed new constitution during the Jadapaalanaya regime.

      And they spent millions and millions of public funds on that constitution which did not materialize thanks to the protection of the Holy Triple Gems.

  5. Janaranjana says:

    පොහොට්ටුවට 3/2 ගැනීමටනම් කලයුත්තේ අපේ අතිගරු අගමැති තුමාත් ඔහුගේ පුත්‍ර රතනයත් ප්‍රසන්න වගේ හාල් පාරුවොත් මැතිවරන වේදිකාවෙන් ඉවත්වෙලා මැතිවරන කටයුතු මෙහෙය වීම සම්පූර්නයෙන් ජනාදිපති යටතට ගෙන බැසිල්ගෙ උපදෙස් අනුව ක්‍රියාකල යුතුයි. එසෙ නොවුන හොත් පොහොට්ටුව අසීරුතාවයකට පත් වෙනවා. මොකද මහජනයාගේ සැකයක් තිබෙනවා මැතිවරනයෙන් පසු මහින්ද මහත්තයට රුචි විදිහට රට පාලනය වෙයි කියල. මේ කොමෙන්ට් එක පලවේම අවිනිශ්චිතයි .මෙය සංවර විදිහට ලියා අත්තේ. කරුනාකර පලකරන්න.

  6. test says:

    ජී.එල් නුත් එහෙනම් ඒකීය උනා… ඔය වගේ වැදගත් අවස්තාවලට ගාමිනී ලොකුගේ වගේ තගරියොයි දයාසිරි වගේ රිලව් ටිකයි එකතු කරගත්තෙ අහවල් දේකටද

  7. T says:

    Jaya Wewa, Janadi Pathi Tumani Geviendu Kumaratunga obage ilaga Cbinet ekkata Atullath kara ganna lesa ilami.

  8. kkuruwita says:

    රටට යහපත් , දියුණු සමගි දැහැමි අනාගතයක් උදාවේවා !!! ජයවේවා !!!!!

  9. Sirisena Yatawara says:

    Having working on very hard for Republic Constitution last Five Years of by Yutukama Sanyadaya which an appreciated cause.

    By majority citizens of Lankan.,,are with YS……We wanted strong nation state .

Main News