අලුත් වාහන තොගය ගෙන්වන්න LC විවෘත කර අවසන්.. නොගෙනාවොත් ලංකා බැංකුව Black List…

May 26, 2021 at 2:10 pm | lanka C news
අලුත් වාහන තොගය ගෙන්වන්න LC විවෘත කර අවසන්.. නොගෙනාවොත් ලංකා බැංකුව Black List…

සුඛෝපභෝගී ජීප් රථ ඇතුළු වාහන 399ක් ගෙන්වීමට වූ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අත්හිටුවූවද එම වාහන ගෙන්වීම සඳහා වූ ණයවර පත් ලංකා බැංකුව විසින් විවෘත කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කළේය.

එවන් තත්ත්වයකදී එම වාහන තොගය ගෙන්වූයේ නැත්නම් ණයවර පත් විවෘත කරන ලද ලංකා බැංකුව අසාදු ලේඛණගත වීමේ අවදානමක් ඇතැයි ඒ මහතා පැවසීය.

ඒ සඳහා ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඔහු ප්‍රශ්න කළේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවක දීය.

මේ සම්බන්ධයෙන් ලංකා බැංකු සභාපතිවරයාගෙන් කළ විමසීමේ දී ඔහු සඳහන් කර ඇත්තේ ණුදෙනුකරුවන්ගේ තොරතුරු ප්‍රසිද්ධ නොකිරීමේ තම බැංකු පිළිවෙත අනුව ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්විය නොහැකි බවයි.

67,814 views

33 Comments to “අලුත් වාහන තොගය ගෙන්වන්න LC විවෘත කර අවසන්.. නොගෙනාවොත් ලංකා බැංකුව Black List…”

  1. Funeral Director says:

    බිලැක් ෆන්ගස්, බිලැක් ලිස්ටි, බිලැක් මනි, මොන මගුලද්ද මෙි? ඉක්මනට මාධ්‍ය සාකච්චාවක් තියලා වයිටි කුිමි ගාපිය.

  2. Gamini Senanayake says:

    This is not related to the personnel information about their customers. Inquiry about the Consequences that are to be faced by the bank for the LC that has been already opened is not a personnel information and it cannot be taken into account of Secrecy.

  3. නිහාල් says:

    එතකොට හේශාල මේ වාහන ගන්නෙ නැද්ද?

  4. කුවෛට් පොඩි එකා says:

    මිනිස්සු රවට්ටන්න උපන් හපන්කම් ඇති එකා කියනවා මේ වාතාවරණය සලකලා වාහන ගේන එක නවත්තනවා කියල, කියනකොටම බැංකුව කියනවා LC OPEN කරලා ඉවරයි කියලා.. ….. එතකොට එක රැයක් එලිවෙද්දී ලංකා බැංකුව LC OPEN කරල ඉවරයි…. මුන්ගෙ වගකීම් විරහිත ප්‍රකාශ තේරුම් ගනිල්ලා… ගොවි ජනතාවට දෙන්න පොහොර ටික ගේන්න බෑ . හැබැයි මුන්ට ගිහින් පාලු වෙච්ච කුඹුරු ටික බලන්න යන්න ලෑන්ඩ් කෲසර් ටික ගේන්න පුලුවන්. … මෙ මේ වෙලාවෙ අවශ්‍යතාව නෙමෙයි…මේක මුන්ට දෙන පගාව .. පොර්ට් සිටී එක සම්මත කලාට….දැන් උඹලා සූදානම් වෙලා ඉදපල්ලා මල මාලා හදාගෙන අලුත්ම කිරි ටොයියා වගේ ලෑන්ඩ් කෲසර් එකෙන් එන කාලකන්නි පිලිගැනීමට

  5. chamee says:

    Oya katha hodayi, konde bedapu cheennunta,
    LC open karata eka confirmed LC ekak nemenam cancel karanna puluwan.
    Order eka cancel hari post pone hari karanna oona tharam puluwan.
    Munta piisuda apita pissuda kiyala hithaganna beha

  6. MODA CHANDDAYAKAYA says:

    225 tama HENA HATHA GAHANDA ONA !!!

Main News