අලුත් වෛද්‍ය වෘත්තීය සමිති බිහි විය හැකියි..- රාජිත

July 19, 2017 at 8:02 am | lanka C news
අලුත් වෛද්‍ය වෘත්තීය සමිති බිහි විය හැකියි..- රාජිත

සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන් පිරිසක් එක් කර ගනිමින් නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කළ ප්‍රකාශය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රතික්ෂේප කරයි.

නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ වුවද, ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිී. වෘත්තීය සමිති ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලබන්නේ වෛද්‍යවරුන් මිස සෞඛ්‍ය අමාත්‍යවරයා නොවන බවත්, මෙය ප්‍රථම වතාවට සිදුවන කර්තව්‍යයක් නොවන බවත්, හෙතෙම පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඒකාබද්ධව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් බිහි කර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් බිහි කර එහි උත්සවයකට ආරාධනා කළ විට තමන් ඊට සහභාගී වන බවත්, සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටිී. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඔිනෑම වෘත්තීය සමිති ව්‍යාපාරයක් තම සංගමයේ රැස්වීම් සදහා ආරාධනා කළ විට තමන් ඊට සහභාගි වන බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා මිීට මාස 02 කට පෙර හෙද සංගම් 02 ක උත්සව එකම දිනයක දී යෙදී තිබුන බවත්, ඊට ද තමන් සහභාගි වූ බව අවධාරණය කර සිටි.

වෛද්‍ය සංගම් වල ගැටළු විසදා ගැනීම ඔවුන්ගේ ක්‍රියාදාමයක් බවත්, වෛද්‍ය සංගම් වල මතුව ඇති භේද හේතුවෙන් නව වෘත්තීය සමිති ව්‍යාපාර බිහි විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම නිසා නව සංගමයක් බිහි කිරීෙමි වැඩපිළිවෙලට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවට සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

– ප‍්‍රසන්න අධිකාරී

20 views

One Comment to “අලුත් වෛද්‍ය වෘත්තීය සමිති බිහි විය හැකියි..- රාජිත”

  1. cw says:

    A new “PRA”?

Main News