අලුත් සුලගක් හෙට සිට හමයි… සෙසු පක්‍ෂ හෙට එලියට බහී…

October 28, 2021 at 5:30 pm | lanka C news
අලුත් සුලගක් හෙට සිට හමයි… සෙසු පක්‍ෂ හෙට එලියට බහී…

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව හෙට පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය දන්වයි.

එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව හෙට (29)

රට තුළ වර්තමානයේ මතුවී ඇති සමාජ දේශපාලන අර්බුදය තුළ LNG බලශක්තිය ඇමරිකානු සමාගමකට පැවරීමේ ක්‍රියාවලිය පිළිබඳ සාකච්ඡාව, රටට ආදරය කරන කිසිම පාර්ශ්වයකට මගහැර යා නොහැකි, මාතෘකාවක් බව පැහැදිලිය.

එබැවින් ඒ පිළිබඳ විද්වත් අදහස් මත ගොඩනැගෙන නිශ්චිත යෝජනා සාකච්ඡා කිරීමේ “මහජන මන්ත්‍රණ සභා සැසියක්” 2021.10.29 (හෙට) දින සවස 3:00ට පිටකෝට්ටේ පිහිටි සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වීමට අපි තීරණය කළෙමු.

මෙම මහජන මන්ත්‍රණ සභාවේ මූලාසන මණ්ඩලය, පහත දේශපාලන පක්‍ෂ නායකයින් නියෝජනය කරනු ඇත.

මූලාසන මණ්ඩලය

1. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි,
2 . ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමා
3. ගරු අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා,
4. ගරු අමාත්‍ය උදය ගම්මන්පිල මැතිතුමා
5. මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මැතිතුමා,
6. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මැතිතුමා
7. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ඩබ්ලිව්. වීරසිංහ මැතිතුමා
8. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මැතිතුමා,
9. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රි ඒ.එල්.එම්. අතවුල්ලා මැතිතුමා
10. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසංග නවරත්න මැතිතුමා
11. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මැතිතුමා

මෙයට,
විශ්වාසී,

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර
සංවිධායක කමිටුව වෙනුවෙන්

71,482 views

23 Comments to “අලුත් සුලගක් හෙට සිට හමයි… සෙසු පක්‍ෂ හෙට එලියට බහී…”

  1. ගොං හැත්ත ආයෙත් මිනිස්සුන්ව ගොනාට අන්දන්න හදන්නේ හුළගට ගහගෙනම පලයන්

    • wimalasena H.D. says:

      issellaama ara gobba thattaya athana methana kiyana hori ballava ethanin athugaalama demiya yuthui.

  2. Polgahawela says:

    Naki Tika rata wala pallta dala Dan iwari

  3. 3% ට බය බයියා. says:

    උනුන් එකයි ,මුනුත් එකයි .හොර,බොරු ,වංචා නැති ජේවිපි සුළගට විතරයි රට ගොඩදාන්න පුලුවන් .විරුවන් ට බැහැ කියලා ඔප්පු කරලා තියෙන්නේ .

  4. pissu poosa says:

    මේක ගැලී බෞසරයෙන් එන සුවඳත් අරන් එන සුළඟක් වගෙයි

  5. අපි ගොන්නු නොවේ.....! says:

    අධෝවාතයක් වෙන්යි යන්නෙ…….! අපි නම් තාමත් පොහොට්ටුවටයි..අමාරුවෙ වැටුනාම දාලා යන්නෙ නෑ….

  6. පියරත්න ගමගේ says:

    ඇතුලෙන් එන හුලඟට කියන්නෙ පඩගඳ කියල…හරියන්න නම් එලියට ගිහින් හුලං හමවන්න ඕන…අන්තිම මොහොත වෙනකම් ඇමතිකම් වල එල්ලිලා හිටපල්ලා….

  7. නිශාන්ත says:

    කාවද මේ රවටන්නේ 🤔

  8. Lunduath says:

    Proposed meeting of 11 Parties alliances at Solyious Hall .Is that a wedding Ceremony of
    11 parties by leadership of that new alliance ….? All are political hiopracies …..!

  9. D.Nimal says:

    The ongoing New Wind is nothing else ,it is world demarcated by on West and Rest other of world civilization .We are moving for A New Global Order.

  10. මරතේනිස් අයියා says:

    මූලාසනයේ අංක එක දැක්කම ඔක්කොම එපා වුනා

Main News