අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..

September 21, 2021 at 10:00 am | lanka C news
අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..

කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට අලුතෙන් පත් කර එවු නිලධාරියෙකු ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩුපක්ෂ දේශපාලඥයකු මැදිහත් වී ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වෙයි.

තම අනුදැනුමකින් තොරව එම නව නිලධාරියා පත්කර ඇතැයි අදාල දේශපාලඥයා උරණ වීමෙන් මෙම කටයුත්ත සිදු කර ඇත.

අදාළ නිලධාරියා යක්කල පොලීසියේ රාජකාරියේ නිරතව සිටි අයෙක් වන අතර කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට උසස් පොලිස් නිලධාරියකුගේ නිර්දේශ මත පත් කර තිබේ.

එම නිලධාරියා රථවාහන පාඨමාලාව සඳහා පාඨමාලාව හදාරා ඒ සඳහා නිපුණතාවයක් ඇති නිලධාරියෙකු බව ද සඳහන්ය.

දේශපාලනඥයා විසින් එම පත් කිරීම සඳහා සම්බන්ධයෙන් නොසතුට පළ කිරීම හේතුවෙන් නැවතත් ඔහු යක්කල පොලිසිය සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇත්තේ නව තනතුරේ වැඩ භාර ගෙන දින දෙකකට පසුවයි.

41,239 views

19 Comments to “අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..”

  1. SL says:

    රෙස්පෙට් සර්.
    අපි බලාපොරොත්තු වුන කොන්ද කෙලින් තියෙන නායකයා දියසෙන් කුමාරයා ,අන්තිම චෑන්ස් එක !!

    • පත්තරේ විස්තරේ says:

      මේ මේ එයාට මොකුත් කියන්න එපා . එයා පත්තරේ වත් බලන්නෙ නෑ ඒ හින්දා එයා තාම දන්නේ නෑ.

  2. LalithM says:

    ඉගෙනගත්ත දෙයින් වැඩ ගන්න දෙන්නේ නෑ. මෝඩ තකතීරු මන්ත්‍රීලට ඕන විදියට රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙනවානම් ඉගෙන ගෙන වැඩක් නෑ. නැතිනම් ඉගෙන ගෙන වෙන රටකට සංක්‍රමණය වෙනවා. මේ නිසා තමා පිංබත් කන බය නැතුව පගාව ඉල්ලන මෝඩ රාජ්‍ය සේවයක් රටේ ඇතිවෙලා තියෙන්නේ. තරුණ පරපුරට ස ගේ පණිවිඩය මේකද. එතුමා කලෙත් ඒකම හින්දා?

  3. Saman K says:

    This is why a commission is always better and leave things much independent.

    Now officials who are suppose to be independent, need to do all shit which the politicians want.

    Law and Order will never be the same for ordinary and influential.

  4. The Funeral Director says:

    කිසිම දිනක , කිසිම දේශපාලකයකුගේ බලපෑමි වලට යටත් නැති මෙි ලන්තයේ ⁣අති උත්තම පොලිසියේ සියලුම පොලිස් නිලධාරින් මෙම සිදුවීමෙන් අති මහත් කමිපනයට පත්වී තැන් තැන් වල ගස් යට වාඩිවී කාඩි සෙල්ලමි කරමින් සිටින බවද තව දුරටත් වාර්තා වෙි.

  5. කුසල් says:

    මේක යහපාලන කාලයේ පරණ නිවුස් එකක් වෙන්න ඇති. මේ ආණ්ඩුව යටතේ එහෙමවෙන්න පුළුන්ද? එක රටක් එක නීතියක් නේ. නීතිය නැවුවේ ඉස්සර දැන් ‌එහෙම වෙන්නේ නැහැ. රජය අපහසුතාවයට පත්කරන්න හදන බොරුද ‌දන්නේ නැහැ.

  6. අප්පිරියයි මේව අහලම. නෙදර්කින්ග්..යකෝ දේශපාලුවන්ට හෙන නොගහ ලංකාතික වගේ මිල කල නොහැකි ස්මාරක වලට හෙන ගහන්නෙ …මාරයි

  7. ගෞම් ඊයාරාජ් says:

    උබලා අටපාස් ගොබ්බයො ටිකක් සහ අමූ වෙන්ඩ ගොබ්බ වියත්තූ ටිකක් පත්කරගෙන , බලාපිරොත්තූ වෙන්නේ අතිශය බුද්ධිමත් පාලනයක්ද? අනේ පැත්තකට වෙලා මුන්ගේ ගොං ආතල් බලාගෙන හිටහල්ලා..😂😂😂

    • Sky says:

      අටපස් නැති කලින් හිටපු හිටං පබයගෙයි මහබැංකු මගඩියේ මහා හොරා ,බටලන්දේ වධකයායි දැන් චීන්නුන්ට රට විකුණන , පවුල් පාලනෙන් රට අගාදයට ගෙනයන , පොහොට්ටුවේ අතර ඇති වෙනස තාමත් දුටුවේ නැද්ද මිනිසුනේ

    • Fernando says:

      hikis…bayiyanta wechcha de dakiddi mata passa paththen hina.

  8. Lankaputha says:

    Kadwatha Police is the most sleeping dogs that I have seen. On top, who has the balls to name the politcian?

  9. Hari says:

    දේශපාලඥ 8 පස්ස නැහැ තවමොන්වද අපිට බලපොරුවෙන්න පුළුවන් සර් ගෙන්

  10. Toyya says:

    සෞභාග්‍යයේ දැක්ම. පොලිටීකා ගේ දැක්මට ස්ථානාධිපති නැති හින්දා මාරු කරලා යැව්වා. simple වැඩක් නේහ්.

Main News