අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..

September 21, 2021 at 10:00 am | lanka C news
අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..

කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට අලුතෙන් පත් කර එවු නිලධාරියෙකු ගම්පහ දිස්ත්‍රික් ආණ්ඩුපක්ෂ දේශපාලඥයකු මැදිහත් වී ස්ථාන මාරු කර ඇතැයි වාර්තා වෙයි.

තම අනුදැනුමකින් තොරව එම නව නිලධාරියා පත්කර ඇතැයි අදාල දේශපාලඥයා උරණ වීමෙන් මෙම කටයුත්ත සිදු කර ඇත.

අදාළ නිලධාරියා යක්කල පොලීසියේ රාජකාරියේ නිරතව සිටි අයෙක් වන අතර කඩවත පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති තනතුරට උසස් පොලිස් නිලධාරියකුගේ නිර්දේශ මත පත් කර තිබේ.

එම නිලධාරියා රථවාහන පාඨමාලාව සඳහා පාඨමාලාව හදාරා ඒ සඳහා නිපුණතාවයක් ඇති නිලධාරියෙකු බව ද සඳහන්ය.

දේශපාලනඥයා විසින් එම පත් කිරීම සඳහා සම්බන්ධයෙන් නොසතුට පළ කිරීම හේතුවෙන් නැවතත් ඔහු යක්කල පොලිසිය සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර යවා ඇත්තේ නව තනතුරේ වැඩ භාර ගෙන දින දෙකකට පසුවයි.

41,304 views

19 Comments to “අලුතින් ආ OIC ට දේශපාලඥයාගේ අකමැත්ත.. වහාම ස්ථාන මාරු කරයි..”

  1. පබිලිස් says:

    දෙන් නම් kolywood සිනමාව සෙබා වෙන්න යන්නෙ ස්‍රි ලoකා වෙන් වගේ

  2. Gamarala says:

    දේශපාලනඥයා තමයි වසර 73ක් මේ රට කෑවේ කියන්න කනගාටුයි මේවා ගැන අහලා.

  3. Balana Rala says:

    What a disaster!!!!
    Do we have a legal government in Sri-Lanka?
    I feel like living in Afghanistan….
    I don’t know why? Mehema wenne ai?

  4. කොන්ඩය සුදු බඩ තඩි වඳුරා says:

    ප්‍රසන්න රණතුංග ලා වගේ අපත පත්කර ගන්න කොටම අපි කිව්වා ….මේ කාලකන්නියා රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන හැටිත් අපි දැක්කා පහුගිය කාලේ ….මුගෙ තාත්තත් ඒ කාලයේ ඒ වගේ …හර අර්ජුන රණතුංග කියන එකත් මිනිස්සු මැරුවා ….මේ වගේ එවුන්ට ආයෙමත් ඡන්දෙ දෙන්න එපා බොලව්

  5. කොන්ඩය සුදු බඩ තඩි වඳුරා says:

    ප්‍රසන්න රණතුංග ලා වගේ අපත පත්කර ගන්න කොටම අපි කිව්වා ….මේ කාලකන්නියා රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන හැටිත් අපි දැක්කා පහුගිය කාලේ ….මුගෙ තාත්තත් ඒ කාලයේ ඒ වගේ … අර්ජුන රණතුංග කියන එකත් මිනිස්සු මැරුවා ….මේ වගේ එවුන්ට ආයෙමත් ඡන්දෙ දෙන්න එපා බොලව්

  6. Athula says:

    මුන්ද පොලිසි වලට පඩි ගෙවන්නේ? මුන්ගේ අම්මගේ අප්පගේ තැන් නොවේ මේවා ජනතාවගෙ අවශ්‍ය තාවයට ගොඩනගපු ස්ථාන කෝ පොලිස් කොමිසම ? මේ තක්කඩි එන්න කලින්ම අපි දන්නවා රටට වෙන විපත හිටිය උන් හොඳයි නොවේ හැබැයි මුන්ට වඩා හොඳයි

Main News