අලුතින් කොරෝනා රොගීන් කිසිවෙකු නෑ..

July 22, 2020 at 3:00 pm | lanka C news
අලුතින් කොරෝනා රොගීන් කිසිවෙකු නෑ..

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී රට පුරා කිසිදු කොරෝනා ආසාදිත වාර්තා වී නැත.

එම කාලයේදී ආසාදිතව සිටි 16 දෙනෙකු පූර්ණ ලෙස සුවය ලබා පිටත්ව ගොස් ඇත.

මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 655කි.

ඊයෙ කොරෝනා පරීක්ෂණ ගණනාවක් කර ඇති අතර ඒ කිසිවකින් ආසාදිතයෙකු තහවුරු වී නැත.

එමෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සියලු රෝගීන් සුවපත් වී ඇති නිසා ඊයේ දිනයේ දී එම කදවුර කොරෝනා ආසාදිතයන් තොර කලාපයක් බවට ප්‍රකාශයට පත් කරන ලදී.

320 views
Main News