අලුතින් දුපතක් මතු වෙයි….
February 26, 2019 at 2:02 am | lanka C news
ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පදනය සදහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ අලුතින් දුපතක් මතු වි ඇත.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිඝ්‍රයෙන් පහත බැසිමත් සමග මෙම දුපත මතු වි ඇත.
හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි ගම ප්‍රදේශයේ ඉකුත් වසරේ 2018.10.15 දින නිවාස පහක් සමග ප්‍රධාන මාර්ගයේ විශාල කොටසක් කාසල්රි ජලාශයට නායයාම හේතුවෙන් එම ජලාශයේ පස් සහ කඩාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍යය තැන්පත් විම නිසා එම ජලාශයේ අලුතින් දුපතක් ලෙස එම පස් තට්ටු තැන්පත් වි ඇත.
එම ප්‍රදේශය නාය යාමෙන් විශාල පස් ප්‍රමාණයක් ජලාශයට කඩා වැටි ඇති බව ජතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් කල සමික්ෂනයකදි තහවුරු වි ඇත.
කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහල බැසිම හේතුවෙන් කාසල්රි ජලාශයේ නිව්වැලිගම ප්‍රදේශයේ සිට ජලාශයේ එපිටට මස්කෙලි ප්‍රදේශයට ගමන් කිරිමටද අවස්තාව උදා විමට ඉඩ ඇත.
කාසල්රි ජලාශයෙන් දුපතක් ලෙස දැනට මතු වි ඇති ස්ථානය එවකට විශාල ගැඹුරකින් යුක්ත ප්‍රදේශයක් වශයෙන් තිබු බව විදුලි බල මණ්ඩලය හදුනාගෙන තිබුණ.
මෙම නායයාම නිසා විශාල පරිසර හානියක්ද සිදු වි ඇත.
– හැටන් රංජිත් රාජපක්ෂ
තේ වතු අවට කැලා ගිනි තියමින් වන රක්ෂිත විනාශකරමින් වතු දෙමල කොළණි සෑදීමේ විපාකය ….ගස් කැපිම මෙයට ප්‍රධානම හේතුවයි
කරන්න තිබෙන්නේ එකම දෙයයි වැටී තිබෙන ඒ ද්‍රවය සුද්ද පවිත්‍ර කරණ එකයි නැතිව බොරු කථා කියන්නේ නැතිව කොහෙන් මතුවන දුපත්ද ඔය ජලාශයේ?