අලුතින් පත්කල ලේකම් බදියුදීන්ගේ අමාත්‍යාංශය හොර ගුහාවක් කියා වැඩ බාර නොගෙන යන්න යයි.. අද අලුත් ලේකම් වරයෙක් වැඩ භාර ගනී..

January 20, 2017 at 1:20 pm | lanka C news
අලුතින් පත්කල ලේකම් බදියුදීන්ගේ අමාත්‍යාංශය හොර ගුහාවක් කියා වැඩ බාර නොගෙන යන්න යයි.. අද අලුත් ලේකම් වරයෙක් වැඩ භාර ගනී..

කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ටී එම් බී කේ තෙන්නකෝන් වසර 60 ඉක්මවා සේවා දිගුවක් ලබා සිට මෙම ජනවාරි 1 වෙනිදා සිට විශ්‍රාම ගිය බව ඔහු විසින්ම මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදි. ඒ විල්පත්තුව අභය භූමියේ කර්මාන්ත පුරයක් සඳහා ඉඩමක් එලිපෙහෙලි කරන ලෙස මන්නාරම් දිසාපති වෙත නීතිවිරෝධී නීයෝගයක් දීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔහුගෙන් දුරකතනය විමසන අවස්ථාවේදිය.

ඉන් පසු ජනාධිපතිවරයා විසින් වයඹ පලාත්සභාවේ මහලේකම් සිටි ජයන්ත විජේරත්න මහතා නව ලේකම්වරයා ලෙස ජනවාරි 1 වෙනිදා සිට කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට පත් කල අතර ඔහු අමාත්‍යාංශයට පැමිණ වැඩ භාරගෙන දින කිහිපයකින් යන්න ගියේය.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම අමාත්‍යාංශයේ විශාල වශයෙන් මේ වනවිට සිදු වී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්වෙමින් තිබෙන අතර අමාත්‍යවරයා විසින් දෙනු ලබන නියෝගක්‍රියාත්මක කිරීම දුෂ්කර බැවින් ය. අද වන විට තවත් නව ලේකම්වරයෙකු කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට පත්කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දෙවසරක් තුල සහල් පිට රටින් ආනයනය කිරීමෙන් පමණක් රුපියල් බිලියන 15 ක් සතොසට පාඩු කොට ඇති බව රජයේ විගණකාධිපති විසින් පෙන්වා දී ඇති අතර එම අමාත්‍යාංශයේ යටතේ ඇති සිනි පුද්ගලික සමාගමේ සීනි වෙළෙඳපොළ වටිනාකමට වඩා රුපියල් 10 ක් අඩුවෙන් සතොසට ලබාදී සතොස මගින් රුපියලක ලබායක් තියාගෙන පිටකොටුවේ ජාවාරම් කරුවෙකුට අලෙවි කොට රුපියල් කෝටි ගනනක් වංචා කොට ඇති බවද හෙලිවුයේ විශ්‍රාම ගිය ලේකම් විසින් ලබාදුන් ලිඛිත අනුමැතියන් යටතේය.

මේ වනවිට මහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම යටතේ මෙන්ම FCID යටතේ කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදුර්දින්ට එරෙහිව පරීක්ෂණ පැවත්වෙමින් ඇත.

0 views

12 Comments to “අලුතින් පත්කල ලේකම් බදියුදීන්ගේ අමාත්‍යාංශය හොර ගුහාවක් කියා වැඩ බාර නොගෙන යන්න යයි.. අද අලුත් ලේකම් වරයෙක් වැඩ භාර ගනී..”

  1. sunimal says:

    සිංහල කාන්තාවන් 6000 කට වැඩි ප්‍රමාණයක් මුස්ලිම් බවට හරවලා

    https://www.youtube.com/channel/UCJM0IOI4mIL2xK1p12wUDWA

Main News