අලුතින් පත්කල ලේකම් බදියුදීන්ගේ අමාත්‍යාංශය හොර ගුහාවක් කියා වැඩ බාර නොගෙන යන්න යයි.. අද අලුත් ලේකම් වරයෙක් වැඩ භාර ගනී..

January 20, 2017 at 1:20 pm | lanka C news
අලුතින් පත්කල ලේකම් බදියුදීන්ගේ අමාත්‍යාංශය හොර ගුහාවක් කියා වැඩ බාර නොගෙන යන්න යයි.. අද අලුත් ලේකම් වරයෙක් වැඩ භාර ගනී..

කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් ටී එම් බී කේ තෙන්නකෝන් වසර 60 ඉක්මවා සේවා දිගුවක් ලබා සිට මෙම ජනවාරි 1 වෙනිදා සිට විශ්‍රාම ගිය බව ඔහු විසින්ම මාධ්‍ය වෙත ප්‍රකාශ කරන ලදි. ඒ විල්පත්තුව අභය භූමියේ කර්මාන්ත පුරයක් සඳහා ඉඩමක් එලිපෙහෙලි කරන ලෙස මන්නාරම් දිසාපති වෙත නීතිවිරෝධී නීයෝගයක් දීම සම්බන්ධයෙන් මාධ්‍ය ඔහුගෙන් දුරකතනය විමසන අවස්ථාවේදිය.

ඉන් පසු ජනාධිපතිවරයා විසින් වයඹ පලාත්සභාවේ මහලේකම් සිටි ජයන්ත විජේරත්න මහතා නව ලේකම්වරයා ලෙස ජනවාරි 1 වෙනිදා සිට කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට පත් කල අතර ඔහු අමාත්‍යාංශයට පැමිණ වැඩ භාරගෙන දින කිහිපයකින් යන්න ගියේය.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම අමාත්‍යාංශයේ විශාල වශයෙන් මේ වනවිට සිදු වී ඇති වංචා හා දූෂණ සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්වෙමින් තිබෙන අතර අමාත්‍යවරයා විසින් දෙනු ලබන නියෝගක්‍රියාත්මක කිරීම දුෂ්කර බැවින් ය. අද වන විට තවත් නව ලේකම්වරයෙකු කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට පත්කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දෙවසරක් තුල සහල් පිට රටින් ආනයනය කිරීමෙන් පමණක් රුපියල් බිලියන 15 ක් සතොසට පාඩු කොට ඇති බව රජයේ විගණකාධිපති විසින් පෙන්වා දී ඇති අතර එම අමාත්‍යාංශයේ යටතේ ඇති සිනි පුද්ගලික සමාගමේ සීනි වෙළෙඳපොළ වටිනාකමට වඩා රුපියල් 10 ක් අඩුවෙන් සතොසට ලබාදී සතොස මගින් රුපියලක ලබායක් තියාගෙන පිටකොටුවේ ජාවාරම් කරුවෙකුට අලෙවි කොට රුපියල් කෝටි ගනනක් වංචා කොට ඇති බවද හෙලිවුයේ විශ්‍රාම ගිය ලේකම් විසින් ලබාදුන් ලිඛිත අනුමැතියන් යටතේය.

මේ වනවිට මහා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම යටතේ මෙන්ම FCID යටතේ කර්මාන්තය හා වාණිජ කටයුතු අමාත්‍යා රිෂාඩ් බදුර්දින්ට එරෙහිව පරීක්ෂණ පැවත්වෙමින් ඇත.

104 views

12 Comments to “අලුතින් පත්කල ලේකම් බදියුදීන්ගේ අමාත්‍යාංශය හොර ගුහාවක් කියා වැඩ බාර නොගෙන යන්න යයි.. අද අලුත් ලේකම් වරයෙක් වැඩ භාර ගනී..”

  1. john the baptice says:

    මේ තම්බියට සිරිසේන බය ඇයි?

  2. LION says:

    ලංකාවේ ජනාධිපති මුස්ලිම් ආක්‍රමණය ගැන දන්නවා

    https://www.youtube.com/watch?v=3as9Alh1RnI

  3. Ramalingam Jeyakumar says:

    වානිජ හා වෙළෙඳ අමාත්‍යාංර්ප් ලේකම් ටි එම් බී කේ තෙන්නකෝන් නැමති පට්ට හොරා අග්‍රාමාත්‍යතුමාගේ ලගම මිතුරෙකුයි කියාගෙන වානිජ හා වෙළෙඳ අමාත්‍යාංශය බාර ඇමති රිෂාඩ් සහ ඔහුගේ ගෝල බාලයෝ ටික සමඟ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයත ටික විල්පත්තුවේ අක්කර 3000ක් මහා ජාතික සම්පතක් වන කැලය විනාශ කල අකාරයටම විනාශ කරමින් පවතී.
    මුන්ට විරුද්ධව රජයේ මොනම ආයතනයක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහ, 2015 ජනවාරි 15 දිනට අවසන් කර තිබූ ඉන්දියාවේන් හාල් ගෙන්වීමේ ටෙන්ඩරයකින් හාල් ටොන් ලක්ෂ ගණනාවක වැඩිමිලට අපේ රටේ හාල තිබියදී ගෙන්නුවා, එවා විකුණූවා අඩුමිලට සත්ව නිෂ්පාදනවලට කියලා මුස්ලිම් මුදලාලිලාට රජයට කෝටි ගණනාවක්ම පාඩුයි. FCID ය නිහඬයි,

  4. මරු යහපාලනේ says:

    අළුත් එක්කෙනා අග-හිඟ කෙනෙක් ද?

  5. රාජ්‍ය සේවක says:

    කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ලෙස ඉන්න තෙන්නකෝන් පට්ට හොරා, පසුගිය දිනවල පිටකොටුවේ තොග වෙළෙඳ ජාවාරම්කරුවන් කිහිපදෙනකු අල්ලාගෙන හොද්ද බොර කර ගැනීමේ වැඩසටහනක් ඉතා ජයටම කරගෙන ගියේය,
    පසුගියදා අමාත්‍යාංශයට සම්බන්ධ ආයතනයක් හරහා කරපු ලොකු සීනි ගනුදෙනුකින් විශාල පාඩුවක් අමාත්‍යාංශය සතු ආයතන දෙකකට සිදුවූ අතර මේ සම්බන්ධ සියලු කරුණු ඇමතුමාගේ මැදිහත්වීමෙන් යටගසා ඇත,
    යහපාලනය රජය පැමිනිමට පෙර කිහිපවරක් වැඩ තහනමටකටද ලක්ව ආර්ථික අතින් ඉතා දුෂ්කරව සිටි මේ නිලධාරියා පසුගිය සතියේ තම දියණියගේ විවාහ මoගල්‍ය ගනු ලැබුවේ කොළඹට නුදුරුව පිහිටි තරුපහේ සුපිරි හෝටලයක වන අතර තවත් දියනියක් මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය මුදල් ගෙවා ඉගෙනුම ලබයි,
    අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ වැටුප් ගැන අවබෝධයක් ඇති රජයේ නිලධාරින් මෙතුමා හිටී ගමන් ක්ෂණික කෝටිපතියකු වීම ගැන විමතිය පලකරන අතර මෙම වසර අවසානයේ විශ්‍රාම යන මොහු මේවනවිටත් පිටකොටුවේ ජාවාරමකාරයින් හරහා තමන්ට අවශ්‍ය කෝටිගනනක් මුදල් හම්බකරගෙන ඇති බව අමාත්‍යාංශයට අයත් ආයතනතුල කතාබහට ලක්වී ඇත,

  6. රානි ප්‍රනාන්දු says:

    ජනාධිපතිතුමනි, මුන්ගෙන් ප්‍රවේසම් වෙන්න මු හැම ආණ්ඩුවන් ම හොරකම් කරලා උන්ගේ වරිගේ පෝෂණය කිරීම තමා කරන්නේ. විල්පත්තුවට කරන අපරාධය නිසා තමා මේ දේව ශාපය නියඟය ඇවිත් තියෙන්නේ.

  7. ජයවර්ධන says:

    ඇමතියා නියම නීලකාස හොරා. හිටපු ලේකම් පට්ට හොරා. ඌ දැන් ලොක්කෝ පිටි පස්සේ තනතුරු ඉල්ලන් යනවා තවත් හොරකම් කරන්න.

  8. රට බංකොලොත් says:

    වැදගත් අවංක රාජ්‍ය නිලධාරින්ට මේ හොරුත් එක්ක වැඩ කරන්න පුලුවන් ද ?

  9. sinha le says:

    නැගෙනහිර අසරණවු අපේස සිංහලයන්.

    https://www.youtube.com/channel/UCGaUnKQYR8kowf9UVVt_ukg

  10. පාසල් සිසුවෙක් says:

    වහලා දලා සේවකයෝ ගෙදර යවා ඇති සලුසල නමින් පාසැල් ලමුන්ට පිටකොටුවේ මුස්ලිම් ජාවාරම් කාරනයින් හරහා යුනිෆොම් රෙදි ලබාදීමට කටයුතු කලේ හිටපු ලේකම් ටී එම් බී කේ තෙන්නකෝන්ය . ඔහු මාධ්‍යට කිව්වේ ජාවරම් කියන්නේ වෙළෙඳාම බවයි. මේ අනුව විශාල මුදලක් කොමිස් වශයෙන් තෙන්නකෝන් ලේකම් හම්බ කලේය.

Main News