අලූත්ම බුද්ධි අංශ වාර්තාව සුජීවට එයි.. එජාපය මැතිවරණයෙන් 70% ගන්නවාලූ..

February 2, 2018 at 3:00 pm | lanka C news
අලූත්ම බුද්ධි අංශ වාර්තාව සුජීවට එයි.. එජාපය මැතිවරණයෙන් 70% ගන්නවාලූ..

ලංකාව පුරා ඇති පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රීවරුන් 8400න් හයදාහකට වැඩි ප‍්‍රමාණයක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් ජයග‍්‍රහණය කරන බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සදහන් කරයි.

රහස් පොලිසියේ වාර්තා අනුව මේ බව තහවරු වී ඇති බවද ඔහු කියා සිටියේ තංගල්ලේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ජනරැළියක් අමතමිනි. මෙම ප‍්‍රමාණය එක්සත් ජාතික පක්‍ෂය විසින් ජයගතහොත් එය මෙරට ඡන්දවලින් 70% ඉක්මවූ ප‍්‍රතිශතයක් වෙයි. විශේෂයෙන්ම ජන සංයුතිය සැලකීමේ උතුර හා නැගෙනහිර පළාත් හැර මෙම ප‍්‍රතිශතය 80% ආසන්න වනු ඇත.

මීලගට එන පළාත් සභා මැතිවරණයද එක්සත් ජාතික පක්‍ෂය ජය ගන්නා බවත් 2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත් වන බවද ඔහු සදහන් කලේය.

මෙම පුංචි මැතිවරණය එක්සත් ජාතික පක්‍ෂයේ අනාගතය තීරණ්‍ය කරනු ඇති බවද ඇමතිවරයා එහිදී කීවේය.

106 views

18 Comments to “අලූත්ම බුද්ධි අංශ වාර්තාව සුජීවට එයි.. එජාපය මැතිවරණයෙන් 70% ගන්නවාලූ..”

  1. thilan says:

    Lankawe thiyana pakshawala chanda padanama pahatha dakwei. Mahindage SLFP – 57 lakshayai. UNP – 28 lakshayai. JVP – 6 lakshayai. TNA – 7 lakshayai. Muslim congress – 5 lakshayai. Digambaram – 3 lakshayai. Hela urumaya – laksha 2. Manoganeshan + rishard – 2lakshayai. Pawena chanda – laksha 12. Total – 123 lakshayai. 70% gannawa kiyala mahindage SLFP eke kenek kiwanam piliganna hari puluwan. 24% wath chanda padanamak nathi Unp eke kenek kiyethi eko hina yanawa nathahoth mey manusaya paw natham pissu

  2. indunil says:

    liyapu potha gana waarthawae mukuth nadda./

  3. Ranjan says:

    හොරුන්ගෙත් හොරු කම්බ හොරු

  4. Rohitha says:

    kehelgediya chanda lakunin illuwanam ithuru 30% th hambawei.

Main News