අලූත් අවුරුද්දට අමුතු සහනයන් ඕන නෑ.. ආණ්ඩුව ඕනෑ තරම් සහන දුන්නා.. බඩු මිලත් විශාල ලෙස අඩු කලා..

April 12, 2018 at 12:00 pm | lanka C news
අලූත් අවුරුද්දට අමුතු සහනයන්  ඕන නෑ.. ආණ්ඩුව  ඕනෑ තරම් සහන දුන්නා.. බඩු මිලත් විශාල ලෙස අඩු කලා..

අලූත් අවුරුද්දට ජනතාවට අමුතු සහනයක් උවමනා නැති බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

වත්මන් රජය විසින් ජනතාවට ඕනෑ තරම් සහන දී ඇති නිසා අලූත් අවුරුද්දට කියා විශේෂ සහනයක් උවමනා නැතැයිද ඔහු සදහන් කරයි.

වත්මන් රජය යටතේ බඩු මිල වශාල වශයෙන් අඩු වී තිබෙන බවද ඒ මහතා කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.

58 views
Main News