අලූත් අවුරුද්දේ පළමු රිය අනතුර මෙන්න.. ලොරි දෙකක් කුඩුපට්ටං.. හතරකට බරපතලයි..

January 1, 2018 at 10:40 am | lanka C news
අලූත් අවුරුද්දේ පළමු රිය අනතුර මෙන්න.. ලොරි දෙකක් කුඩුපට්ටං.. හතරකට බරපතලයි..

යාපනය මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ වව්නියාව භූ ඔය අසලදී අද අළුයම 12.30ට පමණ කුඩා ලොරිරථ දෙකක් මුහුණට මුහුණ වැදීමෙන් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා වව්නියාව මහරෝහලට ඇතුලත් කල බවට මැදවච්චිය පොලීසිය කියා සිටියේය.

දඹුල්ලේ සිට එලවළු පටවාගත් කුඩා ලොරි රථයක් වව්නියාව දෙසට එමින් සිටියදී හා වව්නියාවේ සිට අනුරාධපුර දෙසට ගමන්ගත් කුකුල් පැටවුන් පටවාගත් කුඩා ලොරිරථයක් මෙසේ මුහුණට මුහුණ ගැටී ඇති බවට පොලීසිය කියා සිටියේය.

ලොරි රථ දෙක මෙසේ ගැටීමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරණය වී නොමැති අතර ලොරි රථ දෙකේ රියදුරන් දෙදෙනාගෙන් අයෙකුට නින්ද යන්නට ඇති බවට පරික්ෂණ සිදු කරන මැදවච්චිය පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.

31 views
Main News