අලූත් අවුරුද්දේ මුල් සතියේම උණුසුම් වෙයි.. ETCA තුන්වන වටයේ සාකච්චා බදාදා..
January 1, 2017 at 12:40 pm | lanka C news
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට නියමිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් වූ සාකච්චා තුන් වන වටය ජනවාරි 04-05 දෙදින තුල කොළඹදී පැවැත්වෙයි.
ගිවිසුම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට දෙරටේ බලධාරීන් එකග වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉහලම පෙලේ ඉන්දීය නිලධාරීන් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතය.
එට්කා නැතුව ඇවිත් ඉන්දියානුවො වකුගඩු ජාවාරම් කරනවනම් මුන්ට එට්කා දීලා අවොත් මොනවා නොකරයිද.
සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ රෙදි පිළි විකුණු බව කියන ඉන්දියා ජාතිකයකු රෙදි සහ රුපියල් දෙලක්ෂ පනස් දහසක් සමග තෙලිප්පලේදී අත්අඩංගුවට ගත් බව කියයි.
රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට …… අවොත් අපේ රට දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇතිවෙනවා.
1987 දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට සිදු වූයේ ඉන්දියානු බලහත්කාරටයට යටත් වූ නිසාවෙනි. ඉන් දශක තුනකට පමණ පසු යළිත් වරක් ඉන්දු ලංකා ගිවිසුමක් මඟින් මුළු මහත් දේශයම සිය අණසකට ගැනීම උදෙසා ඉන්දියාව විසින් ලංකා ආණ්ඩුව බිම දණ ගස්සවා ඇත.
එම දේශද්‍රෝහී එට්කා ගිවිසුමේ අනිවාර්ය ප්‍රතිපල පිළිබඳව අප දැනුවත් විය යුතුය.
දේශීය භාණ්ඩ සහ සේවා වෙළඳපල ඉන්දියානුවන් විසින් අත්පත් කර ගැනීම.
ඉන්දියානුවන් විසින් අත්පත් කරගන්නා භාණ්ඩ නිෂ්පාදන අංශයේ සහ සේවා අංශයේ ලාංකිකයන් හට ඇති රැකියා අහිමි වීම සහ එම රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ඉන්දියානුවන් වෙත ලබා දීම.
සමස්ථ රැකියා වෙළඳපලේ වැටුප් මට්ටම පහත යාම.
ලංකාවේ විදේශ විනිමය කෝටි ගණන් ඉන්දියාව වෙත ඇදී යාම.
වැඩි වැඩියෙන් ඉන්දියානු භාණ්ඩ සහ සේවා පරිභෝජනය කරන ජාතියක් බවට අප පත් වීම.
දැනටත් ඉන්දියාව සමඟ වෙළදාම පවතින්නේ ඉතාම අවාසි සහගත තත්වයකය. ලංකාවේ සමස්ථ සෘණ වෙළඳ පරතරයෙන් (අපනයන – ආනයන පරතරය) දැනටත් 40% කට වඩා අත් කර දී ඇත්තේ ඉන්දියාව සමඟ ඇති වෙළදාමෙනි.
මෙම ගිවිසුමෙන් පසු ලංකාවේ සෘණ වෙළඳ පරතරය දැඩි ලෙස ඉහළ යනු ඇත. වෙළඳ පරතරය වැඩිවීම නිසා පහත සදහන් ගැටළුවලට මුහුණ දීමට සිදු වේ.
විදේශ සංචිත අවම වීම.
රුපියල අවප්‍රමාණය වීම
වැය වන විදේශ විනිමය උපයන්නට පෙළඹිය යුතු නිසා මව්වරුන් මැදපෙරදිගට විකිණීම වැඩි කරන්නට සිදු වීම.
වැඩියෙන් විදෙස් ණය ලබා ගන්නට සිදු වීම සහ ණය කොන්දේසිවලට යටත්වන්නට සිදු විම
විදේශ විනිමය ඉපැයීම සඳහා දේශීය සම්පත් සහ ආයතන විදේශිකයන්ට විකුණන්නට සිදුවීම.
රට උගසට තැබීම ගැටළුවක් නොවන්නේ ආත්මාර්ථකාමී බඩජාරීන්ටය. නමුත්, රට වෙනුවෙන් දිවිපුදා ඇති දස දහස් ගණනක් වන විරුවන්ගේ ලෙයින් තෙත් වි ඇති මේ තෙදැති බිම මත පා තබා ඇවිද යන ඔබට නිහඬව බලා සිටිය නොහැක. දේශද්‍රෝහී එට්කා ගිවිසුම පැරදවීමට එකාවන්ව පෙළ ගැසෙමු.
මිලියන 120 ක් වන ඉන්දියානු සංක්‍රමණික කම්කරුවන් අතරින් 40% ඉදිකිරීම් ක්ෂෙත්රයේ රැකියාවල නියුක්තවේ. ඔවුන් බොහෝ විට කම්කරු කඳවුරුවල රඳවා තබන ඔවුන් අතර කෙටි කාලීනව නීත්‍යානුකූලව සහ එසේ නොවන ලෙස යන එන පිරිස්ද අධික වේ. එම නිසා නාගරික ප්‍රදේශවල වැඩි වශයෙන් පදිංචිවන කෙටි කාලීනව යන එන කම්කරුවන් මගින් ඉන්දියාවෙන් එන වසංගත රෝග ශ්‍රී ලංකාව තුළ පැතිරීමේ හැකියාවද අධික වේ.
රාමායනය කියන්නේ ළංකාවට විරුද්දව බමුනො ලියපු පොතක්
එම පොතේ තියෙන්නේ, රාවනා කියන ළංකාවේ හිටපු රකුසු රජතුමා, ඉන්දියාවට ගිහින් සීතාව පැහැරගෙන එනවා. එවිට රාමා, ළංකාව ආක්රමනය කරණවා හනුමා සෙන්පතිත් එක්ක. සිතාව බෙරාගන්නවා රාවනා නැමති සිංහළ දෙෂයේ සිටස්පු රකුසු රජතුමාගේ ගෙල සිදදමා. මෙලෙස රාමා සීතාව බෙරාගෙ අහසින් ඇවිත් අයෝද්‍යාවට ගොඩ බසිනවා. එවිට මිනිසු යුවලව පිලිගන්නවා පහන් පත්තු කරලා. මෙකට තමයි දීපවාලී කියන්නේ.
මෙම රාමායනය පොත හින්දු ආගමේ කොටසක් ලෙසයි පවතින්නේ.
බමුනන් බුද්ධාගම ඉන්දියාවෙ සම්පුර්ණයෙන්ම වැනසුව පසු මෙම පොත ලිව්වා බුද්ධාගම වනසන්න ළංකාවෙන්. මෙම රාමායනය ජවය රැගෙන ළංකාව ආක්‍රමණය කරපු එකෙක් තමයි කාලිගු රටින් ආපු මාඝ. මඝයා තමයි ළංකාවට ලොකුම හානිය කරණ ලද්දේ.