අලූත් අවුරුදු තෑග්ගක් එයි.. දුම්රිය ගාස්තු 15%කින් ඉහලට..

March 17, 2018 at 12:40 pm | lanka C news
අලූත් අවුරුදු තෑග්ගක් එයි.. දුම්රිය ගාස්තු 15%කින් ඉහලට..

දුම්රිය ගමන් ගාස්තුව 15%කින් ඉහල නැංවීමට රජය තීරණය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ගාස්තු නැංවීම සදහා වන ගැසට් පත‍්‍රය එළැඹෙන අපේ‍්‍රල් මාසයේදී නිකුත් කරන බවයි.

මෙම ගාස්තු නැංවීම සිදු කරන්නේ දුම්රිය පිරිවැය ඉහල යාම නිසා බවත් 2008 වසරෙන් පසුව දුම්රිය ගාස්තු වැඩි කර නැති බවත් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.

26 views

3 Comments to “අලූත් අවුරුදු තෑග්ගක් එයි.. දුම්රිය ගාස්තු 15%කින් ඉහලට..”

  1. බන්ඩා says:

    අද රටේ සිද්ධ වෙන සියලුම මිල වැඩි වීම් එනම් උද්ධමනය වැඩි වීමට මූලිකම හේතුව වන්නේ යහපාලනය බලයට පත්වූ විගස දෙන්න බැරි රු.10,000/- ක පඩි වැඩි කිරීමක් රජයේ සේවකයන්ට ලබා දීම සහ මහ දවල් කල මහ බැංකු මංකොල්ල යය්.

  2. SUNIMAL says:

    62 ලක්ෂයක් චන්දේ දීපු අයට දැන් වෙනස සැපද?

    • 62 says:

      සැපයි…බොලාලගෙ මහ රජා හිටියනම් 15% නොවෙයි 100% කින් වැඩි කරන්නෙ. මෙහෙම උනා කියලා හිටපු මහ හොරා අපිට නැවත එපා!

Main News