අලූත් ආණ්ඩුකාරයා සදුදා උතුරේ සියළුම පාසැල් වහයි..

January 12, 2019 at 8:02 am | lanka C news
අලූත් ආණ්ඩුකාරයා සදුදා උතුරේ සියළුම පාසැල් වහයි..

ලබන 15 (අගහරුවාදා) වනදාට යෙදී ඇති තෛපොන්ගල් දිනය නිමිත්තෙන් සඳුදා දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යලය විසින් නිවේදනය කෙට සිටියේය.

උතුරු පලාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පලාත් අධ්‍යාපන ලේකම් ඇතුලු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන ඇත.

දෙමළ ජනතාවගේ වසරේ ප්‍රධානම සැමරුමක් වන තෛපොන්ගල් දිනය සැමරීමට සූදානම් වීම වෙනුවෙන් උතුරේ පාසල් වෙතට තෛපොන්ගල් දිනට පෙර දිනය නිවාඩු දිනයක් ලෙසට නම් කොට ඇති අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙනු ලබන බවටද උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පලාත් අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී ඇත.

දෙමළ ජනතාව විසින් තෛපොන්ගල් දිනය වසරේ ආරම්භක දිනය වශයෙන්ද හඳුන්වනු ලබයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9,556 Viewers

2 Comments to “අලූත් ආණ්ඩුකාරයා සදුදා උතුරේ සියළුම පාසැල් වහයි..”

  1. Asoka says:

    පෝය දවසට කෙලීද මන්දා. ව්‍යවස්ථාවෙන් බුදුදහමට මුල් තැන දෙන්න කිව්වට සිවුරු කාරයන්ට මුල් තැන දෙන්න කියලා නැහැනේ

  2. Lawlord says:

    Coming colours towards jouney of seperation and finally a separate country. What this man first do is to hear the voice of vast majority of outcaste or low caste Tamils. The root cause of the real issue in this part of the country is not ethnic discrimination by Sinhalese but the inhuman caste segregation based on their abrahamic religion of Hinduism. There are some 42 castes and top two is brahmin or priest cate and vellala or farmer caste. These two minority groups dominate and control every aspect of low caste majority Tamils. Unless and utill they are empowered, there will be no solution to them.

Main News