අලූත් ඇමතිගේ නියෝගයෙන් නියෝජ්‍ය ඇමතිට යකා වැහේ.. පස්පඩංගුවේ බනිමින් බිම දමාගෙන පහර දෙන්න යයි..

May 25, 2017 at 10:57 pm | lanka C news
අලූත් ඇමතිගේ නියෝගයෙන් නියෝජ්‍ය ඇමතිට යකා වැහේ.. පස්පඩංගුවේ බනිමින් බිම දමාගෙන පහර දෙන්න යයි..

ඇමති සංශෝධනයේදී අලූතින් පත් වූ ඇමතිවරයකු වැඩබාරගෙන පැය අටක්වත් යන්නට මත්තෙන් එම අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමතිවරයා එහි සේවකයෙකුට බිම දමාගෙන පහරදීමට උත්සාහ කර තිබේ.

නව අමාත්‍යවරයෙකු පැමිණෙන නිසා අමාත්‍යංශයේ වාහන සංගනනයක් සිදුකර වාර්තාවක් සැකසීමට ලැබුණු උපදෙස් මත අදාල සේවකයා විසින් එය සිදුකරමින් සිටියදී නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ලද කැඳවීමක් හේතුවෙන් එහි ගොස් ඇත.

එහිදී තමන්ගේ වාහනවලට අදාලව කිසිවක් ඇතුලත් නොකරන ලෙස උපදෙස් දී ඇති නියෝජ්‍ය ඇමතිවරයා ‘මගේ වාහන ගැන මොනවා හරි දාලා තිබ්බොත් තමුසෙව ඉතුරු කරන්නෙ නෑ’ කියා තර්ජනය කර ඇති අතර ‘සර්ගේ ලග තියෙන පූල් වාහන ගැනයි ඔෆීෂියල් වාහන ගැන දැන්ටමත් දාලා තියෙන්නේ’ යයි සේවකයා ඊට පිලිතුරු දී ඇත. ‘මොකාටද ඕක කරන්න ඕනේ වෙලා තියෙන්නෙ’ යයි අසමින් කෝපයෙන් නීයෝජ්‍ය ඇමතිවරයා පුටුවෙන් නැගිට ලගටම ගොස් ‘තමුසෙගෙ සර්වත් අපි යවනවා. තමුසෙට ඊට පස්සෙ රස්සාවත් නැති කරගන්නද හදන්නෙ’ යැයි විමසා ඇත. ඊට පිලිතුරු දෙමින් සේවකවයා ‘සර් මං කරන්නෙ රස්සාව. මට ඒකට ඉඩ දෙන්න’ කියනවාත් සමගම නියෝජ්‍ය ඇමතිවරයා විසින් ඔහුව තල්ලු කර ඇති අතර අසල පුටුවකද වැටී බිම ඇද වැටී තිබේ. ඒ සමගම ඇමති ආරක්‍ෂකයින් පැමිණ සිදුවීම සමථයකට පත් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් පැමිණිල්ලක් සිදු නොකර සිටින ලෙසට ඇමති ආරක්ෂක අංශයෙන් සේවකයාට පසුව තර්ජනය කර ඇති බවද වාර්තා වෙයි.

තම නියෝජ්‍ය අමාත්‍යධූරය අහිමිවීමට නියමිත බැවින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ හැසිරෙන බව සියලු සේවකයින්ගේ මතයයි.

43,029 Viewers

16 Comments to “අලූත් ඇමතිගේ නියෝගයෙන් නියෝජ්‍ය ඇමතිට යකා වැහේ.. පස්පඩංගුවේ බනිමින් බිම දමාගෙන පහර දෙන්න යයි..”

  1. Hina says:

    normal, owa hamadama wenawa

  2. laal says:

    යහපාලනය , වාහන අවභාවිතයට නේද විමල් හිරකලේ, කෝ මේ රනිල්, බෙහෙත් ගන්න ඇමරිකා යන්න ලෑස්ති වෙනවද? ලජ්ජා ඉ ඔඉ මේවා අහන විට. අපි අපිටම මඩු වලිගෙන් තලා ගන්න ඕනේ මේ වගේ නුගත්, අමන, චන්ඩි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නවට. එකට හරියන පක්ෂ නායකයෝ, උන් එට වඩා අමනයෝ, පක්ෂේ විනය පරීක්ෂණ නැද්ද?

  3. latha says:

    වෙනස සැපද?

  4. kate says:

    This situation is common in “Yahapalanaya”. Not a news to report. All bullshits are going on except development of the country. Down fall of the country increases everyday. God punishes to an ungraceful nation.

  5. Boo says:

    රෑක , කළුවරක ඕකා පුද්ගලිකව අහුවෙන වෙලාවක් බලලා, හොඳට තේ දළු නෙලපල්ලා, නැතුව මේ කාලකන්නින්ට දෙන්න වෙන විසඳුමක් නෑ .

    • ප්‍රභාගෙ මස්සිනා says:

      කරුවල ගස්වැව පැත්තෙ කැරකුනා නම් කරුවලේම ඕකගෙ කණ පලන්න පුලුවන්.

    • Karunarathna Aluthvithana says:

      ඒ වැඩේ හරි යන්නෙ නෑ. කලුවරට ඕක ගෙ පේන්නේ දත් විතරයි.

  6. ජසයා says:

    නියෝජ්‍ය ඇමති කවුද කිව්වානම් තමයි වඩාත් හොද…

  7. Redna says:

    This Deputy Minister must be named and shamed in Public, and kicked out of Politics.

  8. යහපාලනය පිටාරා ගලයි

  9. love nature says:

    පහළොස්වන සිහිනය ;

    කොසොල් රජතුමා :

    ” ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට දේ නම්
    නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි . ”

    බුදුරජාණන්වහන්සේ :

    ” රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන් හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල සම්භාව්‍යනීයත්වයක් ලබා දෙනවා . එම නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත් වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව සැපයීමටත් .”මෙයින් ඔබට කිසිදු හානියක් නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . ” .

  10. බුවා says:

    දැනගන්නට ලැෙෙබන අාකාරයට, ඔය සිදුවීම අමාත්‍යාංශ ෙල්කම් නිර්මාණය කරන ලද්දක් බවයි අාරච්ය. ඒ් ෙමාකවත් නිසා ෙනාෙෙවයි ෙල්කමා යන නිසා. වු අමාත්‍යාංශෙය් වාහන ෙදකක් පාවිච්චි කරනව. ඒ් අතර කාර් ඒකයි, කැබ් ඒකයි. ඊට අමතරව කාර් ඒකකුත් පාවිච්චි කරනව කියන ඒක තමයි අාරංචි. ඒ් විතරක් ෙනාෙෙෙවයි ෙල්කම්ෙග ෙකාළු ගැටය (පුතා) ඒක රථයක් තමාෙග් නිල රථය විධියට භාවිතා කරනව කියල අාරංචියි. ඒ්ක පසුගිය දිනක ෙකාල්ලා පදවෙගන යනෙකාට අනුරාධපුර පැත්ෙත් අනතරකට පත්ෙවලා තියනව. ඒ්ෙක් පරික්ෂණ අමාත්‍යාංශය පැත්ෙත් යට ගහන්න හදනව කියල අාරංචියි.

Main News