අලූත් ඇමතිලා තුනක්.. පියසේනටත් ඇමති පින පෑදේ..
November 12, 2017 at 2:10 pm | lanka C news
මන්ත්‍රී ධුරය අහෝසි කරන ලද ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් ලෙස දිවුරුම් දුන් පියසේන ගමගේ මහතාට රාජ්‍ය ඇමති ධුරයක් ලැබෙනු ඇති බව වාර්තා වෙයි.
බොහෝ දුරට එම ඇමති ධුරය පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරය විය හැකි යයිද සදහන්ය.
පියසේම ගමගේ මහතා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙක්ද වෙයි.
මේ අතර වතු කම්කරු කොංග්රස් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොන්ඩමන්ට හා ඊ.පී.ඩි.පී. පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දටද ඇමති ධුරයන් ලබා දීමට අවධාරනය යොමුව ඇති බව පැවසෙයි.
බොහෝ දුරට පළාත් පාලන මැතිවණයේ නාම යෝජනා කැදවීමට පෙර මෙම නව ඇමතිවරුන් පත් කරනු ඇති බවද වාර්තා වේ.
ayyo sirisena jahapaalane redda pallen berenawa neda. oya monawa kalath me palaath paalana chandedi ohege kattiya 3 wani thanata watena eka nam walakwanna baha.
ළිප ගිනි මොලවන තෙක් දිය සැළියේ සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ.
ආන්ඩුවේ ඉන්න ඈමතිවරු ගාන හරියටම කියන්න අමාරුයි දෑන්. හෑබෑයි ඈමතිවරු නොවන මන්ත්රිවරුනම් පහක් විතර ඈති මයෙ හිතේ.