අලූත් ‘එලිය’ක් දැල්වුවාද.. ජනපති මෛත‍්‍රී පාන්දරම ‘එලිය’ ප‍්‍රධාන දේශක, නව ව්‍යවස්ථා විරෝධී මැදගොඩ අබයතිස්ස හිමිගේ පන්සලේ

October 29, 2017 at 9:20 am | lanka C news
අලූත් ‘එලිය’ක් දැල්වුවාද.. ජනපති මෛත‍්‍රී පාන්දරම ‘එලිය’ ප‍්‍රධාන දේශක, නව ව්‍යවස්ථා විරෝධී මැදගොඩ අබයතිස්ස හිමිගේ පන්සලේ

නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධ විවාදය පාර්ලිමේන්තුවේදි හෙට 30 පැවැත්වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් මෙරටේ සියලුම ප්‍රධාන මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙවෙනි රට බෙදන අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප‍්‍රකාශ කර ඇත. අවම වශයෙන් එවෙනි භායනක කරුණු ඇතුලත් සංශෝධනයක්වත් නොකරනැයි උන්වහන්සේලා දැඩිව ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව ගැන මෙතෙක් ජනාධිපතිවරයාගේ ස්ථාවරය නිසියාකාරව ප්‍රකාශ කොට නොමැත. විශේෂයෙන්ම මහා සංඝරත්නයේ ප්‍රධාන ඉල්ලීමක් වනුයේ ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව විධායක ජනාධිපති ධූරය අහෝසි නොකරන ලෙසයි.

නව ව්‍යවස්ථා විරෝධී සටනේ ප්‍රධාන කාර්යයභාරයක් සිදු කරන හිමිනමක් වනුයේ පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ ය. එමෙන්ම උන්වහන්සේ හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙළක් වන ‘එලිය’ වැඩසටහන ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන හිමි නමක් වන අතර රට ජාතිය වෙනුවෙන් නොබියව දැඩි කැපවීමකින් නිරන්තරයෙන්ම පෙනි සිටී.

උන්වහන්සේ පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී පැයකට වැඩි කාලයක් තිස්සේ යෝජිත බලය බෙදාහැරීමේ ව්‍යවස්ථා කමිටු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කල අතර එහිදි ඒ සම්බන්ධව සාධනිය ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා වෙතින් උන්වහන්සේ වෙත ලැබී ඇතැයිද මාධ්‍ය හමුවේ එහිමියෝ කීහ.

එහි තවත් පියවරක් ලෙස හැගෙන උන්වහන්සේ වැඩඩිටින පැපිලියාන සුනේත්‍රාදෙවි විහාරයේ කඨින උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වීම දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක්වි ඇත.

එමෙන්ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද සවස මහනුවර සංවිධානය කොට ඇති ‘එලිය’ වැඩසටහනේ ප්‍රධාන දේශකයා ලෙස ද උන්වහන්සේ සහභාගි විමට නියමිතය.

390 views

21 Comments to “අලූත් ‘එලිය’ක් දැල්වුවාද.. ජනපති මෛත‍්‍රී පාන්දරම ‘එලිය’ ප‍්‍රධාන දේශක, නව ව්‍යවස්ථා විරෝධී මැදගොඩ අබයතිස්ස හිමිගේ පන්සලේ”

  1. පොදු මිනිහා says:

    අපේ හාමුදුරුවෝ මේ මනුෂ්‍යට අහුවුනාවත් ද? විශ්වාසයක් නම් තබන්න එපා. ලබ්බට තිබු අතම තමයි පුහුලටත් අපේ හාමුදුරුවනේ…..

    • nalaka says:

      Ape hamudurune viswasa karanna nam epa

      • Perera says:

        ජාතිවාදය එපා, මේ ජාතිවාදී තට්ටයින්ගේ ප්‍රජා අයිතීන් අහෝසි කරනු, ජාතිවාදී බුජ්ජාගමට ඇති නීතිමය අයිතීන් අහෝසි කරනු, ජාතිවාදී බුජ්ජාගම එපා එපා එපා,

        2020 දී සුදුතුම්පිය රනිල් උතුමාණන් සමග තනන දේව රාජ්‍යයේදී අප ඇඩම්ස් පික් හි හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පල්ලි තුනකට අවසර දෙනවා, තට්ටයින්ගේ ප්‍රජා අයිතීන් අහෝසි කරනවා. 2020 දී දෙමෙල චන්ද 90% ක්ද, මුස්ලිම් චන්ද 100% ක්ද, ක්රිස්තියන් චන්ද 80% ක්ද, බුජ්ජාගම් කාර චන්ද 30% ද රනිල් පියාණන්ට ලැබෙනවා. 2020 දී රනිල් ලබන ජයග්‍රහණය අති උතුම්.

    • "හෙලුව" says:

      “රුහුනු- මායා-පිහිටි” තුන් රටින් සුසැදි තුන් හෙලේ අවසානය සනිටුහන් කරනු ලබන්නේ…
      2015 ජනවාරි 08 වෙනිදායින් පසුද?

      “සිංහලේ” යනු කුමක්ද? අදම මේ ගැන අවධානය යොමුවූවේ නැත්නම් ….

      නැවත හමු “නො”වෙමු….

  2. පොඩි හාමුදුරුවෝ says:

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ඉල්ලා සිටින්න ඇත්තේ අපේ ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හාමුදුරුවන් වහන්සේගේ න් විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාට විරුද්ධ වෙන ලෙසයි.

    • haily ekanayake says:

      ජනාධිපතිකම රැකගැනීමේ වගන්ති බේරගන්න අභයතිස්ස හාමුදුරුවෝ එක්ක එක පෙළට ආව මිසක් ෆෙඩරල්කරණය සම්බන්ධව නම් පඹපතියා එක අඩියක් පස්සට ගන්නෙ නැති බව ෂුවර් උතුරට ගිහින් කියන කතා අනුව.

  3. හිටං says:

    අනේ හාමුදුරුවනේ, සුදු මහත්වරු අපට බලය අරන් දුන්නේ, රට බෙදන්න අපේ උදව් ලබාදෙන පොරොන්දුව පිට. අපිට ඒක කොරගන්න බැරිවුනොත් සුදු මහත්වරු උදහස්වේවි. දැනටමත් ඇමරිකන් යුධ නැව් කීපයක් කොළඹ වරායට ඇවිල්ලා.

    අනේ, අපිට චුට්ටක් රට බෙදලා දෙන්න උදව්කරන්න. ඔක්කොම බෙදන්නේ නෑ. චුට්ටම චුට්ටයි බෙදන්නේ. අනේ………….

  4. Kolitha says:

    Muladi haa kiyanawa…passe be kiyanawa…nathnam….danne ne kiyanawa….mekawa sathekata wiswasa karanna epa..haamuduruwane…

    • ajita de costa says:

      sirisena dakinakota wamane eanawa

      • vishnu says:

        සහතික ඇත්ත

        • asaranaya says:

          පුදුමයි අබයතිස්ස හාමුදුරුවනේ පඹයා වෙල් ඉපනැල්ලෙ පිදුරු ටිකක් දානයට පිලිගැන්නුවාද කතාවට ගියවෙලෙ , මයිතූනයා තුට්ටුවකට විශ්වාශ කරන්න එපා, ඔබවහන්සේගෙ සම්යක්ප්‍රයෝගයට මයිතූනයා අහුවෙන්නේ නැහැ , බලන් ඉන්න ප්‍රයෝගිකාරි මයිතූනයා ආප්ප න්යායෙන්ම වැඩැක් දෙයි,එදාට අපට කියන්න සිදුවන්නෙ අනේ අපොයි ස්වාමින් වහන්ස කියලයි. හා…ද

  5. aluth rotiyak puchchanna awada manda

  6. asaranaya says:

    රනි අලයට ලමයි නැහැ , හදන යන්ත්‍රය ස්ටාර්ට් වෙන්නෙත් නැහැ, තෙල් නැතුව මලකඩ කාලා.
    ඉතින් රට තිබුනත් එකයි නැතිවුනත් එකයි, රටේ අයිතිය වෙන කල්ලතෝනින් ට ගියත් එකයි., මේක දරුවන් ඉන්න මයිතූනයට වැටහෙන්නෙ නැති හැටි,
    දරු පැටව් ඉන්න සින්හල මැති ඇමතිවරුනි තොපලගෙ අනාගත දරුවන් ගැන හිතපල්ලා,රටක් නැති වුනොත් ඒ දරුවෝ තොපලගෙ වලට ත් හෙණ ගහපන් කියා දෙස් තියාවි

  7. Sirisena Yatawara says:

    The change of New Constitution is national issues of life and death of our people of all Sri Lankan.
    We understand your Monk efforts but do not that miscalculated Sirisena man who betray whole nation to foreign powers.
    His agenda in personal survival of position not that vital interest of country ,nation and people of Island?
    He will betrays our country no doubt about that? .

  8. mmmm says:

    kooooooooooooo

  9. Upali says:

    සුඩානය දෙකට කැඩුනෙ මොඩ ජනමත විචාරනයකට ගිහින්. අද ඉරාකෙට වෙන්නෙ කුර්දිය බෙරගන්න තියන කරද්ර මදිව තව යුද්ද කරන්න. කැටලොනියව ස්පන්ග්යයෙන් වෙන් වෙන්න ඔන කියනව. මෙ ඔක්කොම මොඩ පාලකයින් අර ලෝක පොලිස් කරයගෙ කකුල් ලන්ග ඉදගෙන උන් කියන විදි යට මරි මොඩ ජනමත විචාරන වලට ගිහින්. තෙරුම් ගනිල්ල. අපි පත් කරගෙන ඉන්න 110ක් විතර අමති පලකයින්ගෙන් කියක් ඔක තෙරුම් ගෙන තියනවද කියල. උන් හිතගෙන ඉන්නෙ ජිවත් වෙන්න තියන ඉතුරු අවුරුඩු පහ දහය ඉන්දල අපෙ රට ට හෙන ගැහුවත් කමක් නැත කියල. මහ ලොක්ක මෙව පත්තරෙන් වත් බලනවද හිටන්. මොන රටේ ද මොඩයිනෙ , කරන්න ඔන දෙය “කලයුතුද ? නැතිද ?” කියල මත විමසන්නෙ.

  10. Mali says:

    Hamuduruwane please do not allow this man to cheat you. you have the” thunkal dakina nuwana”. He will say I can not remember or I do not know theory of famous yamapalana slogan.

Main News