අලූත් ‘එලිය’ක් දැල්වුවාද.. ජනපති මෛත්‍රී පාන්දරම ‘එලිය’ ප්‍රධාන දේශක, නව ව්‍යවස්ථා විරෝධී මැදගොඩ අබයතිස්ස හිමිගේ පන්සලේ
October 29, 2017 at 9:20 am | lanka C news
නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධ විවාදය පාර්ලිමේන්තුවේදි හෙට 30 පැවැත්වීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් මෙරටේ සියලුම ප්‍රධාන මහනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය මෙවෙනි රට බෙදන අලුත් ව්‍යවස්ථාවකට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත. අවම වශයෙන් එවෙනි භායනක කරුණු ඇතුලත් සංශෝධනයක්වත් නොකරනැයි උන්වහන්සේලා දැඩිව ප්‍රකාශ කොට තිබේ.
කෙසේ වෙතත් මෙම ව්‍යවස්ථා සම්පාදක කමිටු වාර්තාව ගැන මෙතෙක් ජනාධිපතිවරයාගේ ස්ථාවරය නිසියාකාරව ප්‍රකාශ කොට නොමැත. විශේෂයෙන්ම මහා සංඝරත්නයේ ප්‍රධාන ඉල්ලීමක් වනුයේ ව්‍යවස්ථා සංශෝධනය පමණක් නොව විධායක ජනාධිපති ධූරය අහෝසි නොකරන ලෙසයි.
නව ව්‍යවස්ථා විරෝධී සටනේ ප්‍රධාන කාර්යයභාරයක් සිදු කරන හිමිනමක් වනුයේ පැපිලියාන සුනේත්‍රාදෙවි පිරිවෙන විහාරවාසී ආචාර්ය මැදගොඩ අභයතිස්ස නායක හාමුදුරුවන් වහන්සේ ය. එමෙන්ම උන්වහන්සේ හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාව දැනුවත් කිරිමේ වැඩපිළිවෙළක් වන ‘එලිය’ වැඩසටහන ප්‍රධාන මෙහෙයුම් කටයුතුවලට සහභාගි වන හිමි නමක් වන අතර රට ජාතිය වෙනුවෙන් නොබියව දැඩි කැපවීමකින් නිරන්තරයෙන්ම පෙනි සිටී.
උන්වහන්සේ පසුගිය සතියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුණගැසී පැයකට වැඩි කාලයක් තිස්සේ යෝජිත බලය බෙදාහැරීමේ ව්‍යවස්ථා කමිටු වාර්තාව සම්බන්ධව සාකච්ඡා කල අතර එහිදි ඒ සම්බන්ධව සාධනිය ප්‍රතිචාරයක් ජනාධිපතිවරයා වෙතින් උන්වහන්සේ වෙත ලැබී ඇතැයිද මාධ්‍ය හමුවේ එහිමියෝ කීහ.
එහි තවත් පියවරක් ලෙස හැගෙන උන්වහන්සේ වැඩඩිටින පැපිලියාන සුනේත්‍රාදෙවි විහාරයේ කඨින උත්සවයට සහභාගි වීම සඳහා අද පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහභාගි වීම දේශපාලන කේෂ්ත්‍රයේ දැඩි කතා බහට ලක්වි ඇත.
එමෙන්ම හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද සවස මහනුවර සංවිධානය කොට ඇති ‘එලිය’ වැඩසටහනේ ප්‍රධාන දේශකයා ලෙස ද උන්වහන්සේ සහභාගි විමට නියමිතය.
Honourable Reveren Professor Abhayathissa
Please never ever trust this man. He and other man (a Man with three letters for his name) will cheat the entire
Nation.
He is the reincarnation of Don Juan Dharmapala.
කරමින් හැම අවැඩ ජාතියෙ අවනඩුවේ..
තිරුපති දෙවිඳුන්ට කිව්වට පල නැතිවේ..
ජනයා අහිමි ජනපති තනියෙන් ලත වේ..
කළ කම් පල දෙන්න මොහොතත් ලං ලං වේ..!
දැනටමත් ඇමරිකන් යුධ නැව් කීපයක් කොළඹ වරායට ඇවිල්ලා… They have no place to berth between Middle east & Okinawa….. These buggers love us for the facility and not for the country and the people.
Yahapalanaya is selling the country.
Muge appayak wath kanna wath ho muta dennawath epa. Mooo sarpaya.