අලූත් ක‍්‍රමයෙන් වැඬේ ඩබල් වෙයි.. පුංචි මන්ත‍්‍රීලා රට පුරා දෙගුණ වේ..

October 8, 2016 at 5:30 pm | lanka C news
අලූත් ක‍්‍රමයෙන් වැඬේ ඩබල් වෙයි.. පුංචි මන්ත‍්‍රීලා රට පුරා දෙගුණ වේ..

යෝජිත නව මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය පැවැත්වුවහොත් රට පුරා පළාත් පාලන ආයතනයන්හි මන්ත‍්‍රීවරුන් ගණන දෙගුණයකට ආසන්න වන සේ වැඩි වන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය කියයි.

දැනට ඇති මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් පාලන මන්ත‍්‍රී ධුර ඇත්තේ 4486ක් වන අතර යෝජිත නව ක‍්‍රමය යටතේ එය 8875ක් දක්වා ඉහල යනු ඇතැයිද ඔවුන් පවසයි.

නව මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් භාගයේදී පැවැත්වීමට හැකිවෙතැයිද අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.

36 views
Main News