අලූත් ක‍්‍රමය යටතේ පුංචි මන්ත‍්‍රීන් එකොලොස්දාහක්.. පක්‍ෂ දහයක් දැනටම විරුද්දයි..

March 3, 2017 at 8:40 am | lanka C news
අලූත් ක‍්‍රමය යටතේ පුංචි මන්ත‍්‍රීන් එකොලොස්දාහක්.. පක්‍ෂ දහයක් දැනටම විරුද්දයි..

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක‍්‍රමය යටතේ පැවැත්වීමට දේශපාලන පක්ෂ 10ක් විරෝධය දක්වා ඇතැයි වාර්තා වෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පක්ෂයේ නායන ඇමැති මනෝ ගනේෂන් මහතා පවසන්නේ කදුරට ජනතා පෙරමුණ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ කම්කරු ජාතික සංගමය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය ඊ.පී.ඞී.පී සංවිධානය නව සමසමාජ පක්ෂය හා එක්සත් සමාජවාදී පක්ෂය නව මැතිවරණ ක‍්‍රමයට විරෝධය පළ කර ඇති බවයි.

දැනට පළාත් පාලන ආයතනවල මන්ත‍්‍රී සංඛ්‍යාව 5000 පමණ වුවත් නව ක‍්‍රමය යටතේ මන්ත‍්‍රීන් 1100ක් දක්වා ඉහළ යන බවද ඔහු පවසයි.

මේ වැඩිවීම් හේතුවෙන් මන්ත‍්‍රීවරුන්ට පළාත් පාලන ආයතන තුළ අසුන්ගැනීමට පවා නොහැකිවන බවත් ප‍්‍රායෝගික ගැටලූ රැසක් මතුවන බවත් ඔහු පෙන්වා දෙයි.

0 views

2 Comments to “අලූත් ක‍්‍රමය යටතේ පුංචි මන්ත‍්‍රීන් එකොලොස්දාහක්.. පක්‍ෂ දහයක් දැනටම විරුද්දයි..”

  1. Desapremiya says:

    යකෝ මෙහෙම පලා බබ්බු හැදුවොත් උන්ව නඩත්තු කරන්න අයිත පාරක් මහා බැංකුව කොල්ල කන්න වෙනවා.මොකද අනිත් බැංකු දැන් හිදිලා තියන නිසා.

  2. dsfsd says:

    අද ලංකාවේ දේසපාලන පෙන්දෝ නිසා රට අනතුරේ …??? සමහරුන් ගේ වාසියට බටහිර සංකල්ප අදාළ කරගන්න ඉඩදී කරගන්න බලා සිටින නිවට දේශපාලනයක