අලූත් ඡන්ද ක්‍රමය නිසා පුංචි මන්ත්‍රින් ගණන 6619 තෙක් ඉහළට.. සියළු සභාවන්ට අලූත් ගොඩනැගිලි හදන්න වෙයි..
September 24, 2017 at 8:40 am | lanka C news
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම නිසා සියළු සභාවන් මන්ත්‍රී ධුර සංඛ්‍යාව 4486 සිට 6619 දක්වා ඉහළ යාමට නියමිත බව වාර්තා වෙයි.
මේ හේතුව නිසා පළාත් පාලන ආයතනවල සභා රැස්වීම් පවත්වන ශාලා ඇතුළු කාර්යාල පහසුකම් ඉහල දැමීමට සිදුව ඇතැයිද සඳහන්ය.
කොළඹ මහ නගර සභාව මේ වනවිට සභික සංඛ්‍යාව පනස් තුනක් වන අතර නව මැතිවරණ ක්‍රමයෙන් පසු සභික සංඛ්‍යාව 106 දක්වා ඉහළ යාමට නියමිතය.