අලූත් ඡන්ද ක‍්‍රමය වැඩක් නෑ.. වෙන ක‍්‍රමයක් ඕනෑ…- නියොජ්‍ය ඇමතිනී

April 12, 2018 at 8:02 am | lanka C news
අලූත් ඡන්ද ක‍්‍රමය වැඩක් නෑ.. වෙන ක‍්‍රමයක්  ඕනෑ…- නියොජ්‍ය ඇමතිනී

පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට තරග කළ අපේක්ෂක අපේක්ෂිකාවන් පිරිස හා සංසන්දනය කර බැලීමේදී ඡන්ද දායකයින් සියළු දෙනාටම සමානව නියෝජිතයින් පත්ව නොසිටීම කණගාටුවට කරුණක් බව නියෝජ්‍ය ඇමතිනී වෛද්‍ය අනෝමා ගමගේ පවසන්නීය.

සියළු දෙනාටම සමානව නියෝජිතයින් පත් කරගත හැකි ක‍්‍රමවේදයක් ස්ථාපිත කළ යුතු බව නියෝජ්‍ය ඇමතිනිය කියා සිටියේ, ඊයේ අම්පාර ඇපරල් ශ‍්‍රවණාගාරයේ පැවති මහඔය, පදියතලාව ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් ලොකු ලූණු වගාවට අවශ්‍ය බීජ බෙදා දීමේ අවස්ථාවක් අමතමිනි.

එහිදී නියෝජ්‍ය ඇමතිනිය වැඩිදුරටත් කියා සිටියේ, ලොකු ලූණු වගා කිරීම සඳහා තෝරාගත් ගොවීන් 150කට අවශ්‍ය පහසුකම් සපයන බවයි.

ලොකු ලූණු වගාවෙන් මාසයකට මහඔයෙන් හා පදියතලාවෙන් රුපියල් ලක්‍ෂ 150ක් ආදායමක් ලැබෙන බව ද ඇය පැවසුවාය

– ජෝර්ජ් ද සිල්වා

17 views

2 Comments to “අලූත් ඡන්ද ක‍්‍රමය වැඩක් නෑ.. වෙන ක‍්‍රමයක් ඕනෑ…- නියොජ්‍ය ඇමතිනී”

  1. චම්පා says:

    මෙම චන්ද ක්‍රමය ඔයගොල්ලම තමන්ගේ වාසිය ගැන හිතලා හදපු එකක් මිස ජනතාව ඉල්ලූ එකක් නෙමෙයිනේ? දැන් ඉතින් ඔයගොල්ලම ඕනැදෙයක් කරගන්නඔ. හැබැයි, මොන ක්‍රමයෙන් ආවත් දැන් ඉතින් පොහොට්ටුව පරද්දනව බොරු……..

  2. indunil says:

    wamaara kamakk…

Main News