අලූත් දොස්තරලාගෙන් අලූත් දිවුරුමක් ගනී..

May 16, 2017 at 8:02 am | lanka C news
අලූත් දොස්තරලාගෙන් අලූත් දිවුරුමක් ගනී..

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යටතේ ලියාපදිංචි වූ නවක වෛද්‍යවරුන් 1200 ක් දිවුරුම් දීෙමි උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාෙවි දී ඊයේ (15) පැවැත්විනි.

නවක වෛද්‍යවරුන් මෙලෙස දිවුරුම් දීම ආරම්භ වුයේ ප්‍රථම වරටයි. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා විසින් රචිත ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙි නිල ගීතය ද මෙහිදී එළිදැක්විනි. වෛද්‍යවරුන් මානුෂීය හිතවාදී ලෙස වෛද්‍ය සේවාවෙි නිරතවීම පිළිබදව විශේෂ දේශණ ද මෙහිදී පවත්වන ලදි. තවද මෙම වෛද්‍යවරුන්ට සිය ලියාපදිංචි සහතිකය නිල වශයෙන් බාරදීම ද මෙහිදී සිදූ කෙරිිනි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ කථාව මෙම උත්සවයට ඉදිරිපත් කරන ලද්දේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා විසිනි. ඊට හේතු වූයේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදේශගතවීමයි.

එමගින් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ “වෛද්‍ය වෘත්තිය සම්මානනීය වෘත්තියක් බවයි. ඔිනෑම අභීයෝගයකට මුහුණ දී රෝගී ජිවිත බෙිරා ගැනීමට වෛද්‍යවරුන් අද ලබාදෙන දිවුරුම මගින් පොරොන්දූ වෙනවා. හිපොක්‍රටික් දිවුරුම ලියවී ඇත්තේ ක්‍රිස්තුපුර්ව 05 වන ශත වර්ෂයේයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙි පියා ලෙස හිපොක්‍රටික් හදූන්වනවා. මෙම ප්‍රතිඥාව අර්ථයට හානි නොවන අයුරින් සෞඛ්‍ය සේවාව සදහා වෛද්‍ය වෘත්තිකයින් භාවිත කළ යුතුයි. මෙම ප්‍රතිඥාව අවස්ථා කිහිපයක දීම නව්‍යකරණය ලක්කර තිබෙනවා. එහිදී මුල් ප්‍රතිඥාවට හානි නොවන අයුරින් නව්‍යකරණය කිරීම විශේෂිතයි. අද දින නවක වෛද්‍යවරුන් මෙම ප්‍රතිඥාව ලබාදීමෙන් ජනතාවට සේවය කිරීම ආරම්භ කරනවා. එය දිගු ගමනක්. නිදහස් අධ්‍යාපනයෙන් අධ්‍යාපනය ලැබූ ඔබ සෑම පුරවැසියෙක්ම ආරක්ෂා කරමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙි වගකීම ඉටු කළ යුතුයි. අද වෛද්‍ය විද්‍යාව දියුණුවට පත්ව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ද සෞඛ්‍ය සේවාව නංවාලීම සදහා ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ඖෂධ ඉතාමත්ම අඩු මුදලකට ජනතාවට ලබාදීම, නව ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම හදූන්වාදීම ඉන් ප්‍රධානයි. මෙම ක්‍රියාදාමයන් සිදූ කරනු ලබන්නේ නාස්තිය අවම කරමින්.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙි සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා, ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ද සිල්වා මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙි නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

290 views
Main News