අලූත් නියෝජ්‍ය පොලිස්පති පුත්‍රයා දැවැන්ත විභාග වංචාවක… හොර ඇල්ලූ ගුරුන්ගේ වැඩ තහනම්..
September 20, 2016 at 11:20 am | lanka C news
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිට මෑතකදී නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරනු ලැබූ නිලධාරියෙගුගේ පුත්‍රයෙක් මෙවර උසස්පෙළ විභාගයට පෙනිසිටීමට නියමිතව තිබියදී ඔහු වෙනුවෙන් වෙනත් පුද්ගලයෙක් විභාගයට වාඩි කරවා තිබේ.
අදාල නියෝජ්‍ය පොලිස්පත්වරයාගේ පුත්‍රයා උසස් පෙල විභාගයට මුහුන දීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් වන අතර ඔහු වෙනුවට විභාගයට පෙනී සිට ඇත්තේ ගිය වසරේදී උසස් පෙල විභාගය සමත් වු සිසුවෙකි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂන සදහා ඉහල නිලධාරීන්ගෙන් බාධා සිදුවන බව පැවසෙන අතර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුත්‍රයා මේ දිනවල සැගවී සිටින බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අදාල විභාග වංචාව අල්ලා ගත් එදින විභාග රාජකාරියේ නියුතුව සිටි ගුරුවරුන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවා ඇතැයිද දැනගන්නට ඇත.