අලූත් පක්ෂයක් හදන්නේ නෑ.. – මහින්ද
September 26, 2016 at 8:40 am | lanka C news
පක්ෂයක් පිහිටුවන්නේද නැද්ද යන්න තීරණය කල යුත්තේ ජනතාව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ යටිනුවර පිලිමතලාවේදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
නව පක්ෂයක් පිහිටුවීමේ සැලැස්මක් නොමැති නමුත් පක්ෂයක් පිහිටුවනවාද නැද්ද යන්න ජනතාව විසින් තීරණය කළ යුතුව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඔක්තොම්බර් 08 වනදා ඇහැලියගොඩදී පැවැත්වෙන්නේ විද්වත් හමුවක් මිස පක්ෂයක් බිහිකිරීමක් නොවන බවද කී ඔහු එහිදී නව පක්ෂයක් බිහිකිරීමේ සැලැස්මක් නැතැයිද කියා සිටියේය.