අලූත් පක්ෂයේ නායකයා කවුදැයි තෝරන්න පක්ෂ සම්මේලනය කැදවයි..
November 5, 2016 at 6:48 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් මෑතකදී පිහිටවන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා කවුදැයි ඉදිරි දින කිහිපයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී පක්ෂ සාමාජිකයින් විසින් තීරණය කරනු ඇති බව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අම්බලන්ගොඩදී පැවති ජන හමුවකින් පසු මාධ්‍යවේදීන් හමුවේ අදහස් පල කරමිනි.