අලූත් පක්‍ෂයේ නායකයා ගෝටාභය..?? ආණ්ඩුවේ ඇමතින් තුනක් මහින්දට ගැලවෙයිලූ…

October 19, 2016 at 10:40 am | lanka C news
අලූත් පක්‍ෂයේ නායකයා ගෝටාභය..?? ආණ්ඩුවේ ඇමතින් තුනක් මහින්දට ගැලවෙයිලූ…

ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට යන නව දේශපාලන සන්ධානය මේ වසරේදී රට හමුවේ ඉදිරිපත් නොකිරීමට එහි නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ.

දැනටමත් එම දේශපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවලින් වැඩි කොටසක් අවසන් කර තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා ගනු ලබන තීන්දු තීරණ කෙරෙහි අවධානයෙන් සිටිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන්ගේ අදහස වී තිබේ.

ඒ අනුව සිරිසේන මහතා විසින් ඉදිරි කාලයේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ආරාධනයක් සිදුකරනු ඇත්දැයි බලාසිටිය යුතු බවත්, එසේ නොමැතිව සිරිසේන මහතා රංගනයක් පමණක් සිදුකරගෙන යන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාද ඒ අනුව ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔවුන් අතර සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩපිළිවෙළක් රට හමුවේ තැබීමටද ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

නව සන්ධානයක් ලෙස ජනතාව හමුවට යන දේශපාලන ව්‍යාපාරයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා හෝ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් නොදරනු ඇති බවත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා එහි නායකත්වයට පත්කළ යුතු බවත් දැනට සිදුකර ඇති සාකච්ඡාවලදී අවධානය යොමුව ඇතැයි සඳහන් වේ.

බැසිල් රාජපක්ෂ මහතා එහි සංවිධායක කටයුතු සිදුකරන අතර, මේ වනවිට දිස්ත්‍රික් සංවිධායකයන්, ආසන සංවිධායකයන්, ප්‍රාදේශීය සංවිධාකයන් හා ඡන්ද පොළ නියෝජිතයන් පත් කර තිබේ.

එම වැඩපිළිවෙළ සඳහා සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබල කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙකු, රාජ්‍ය ඇමතිවරයෙකු කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නවක මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද එම කණ්ඩායම සමග මේ වනවිටත් සාකච්ඡා පවත්වා ඇති බවත් වාර්තා වේ.

මේ අතර උතුරු, නැගෙනහිර ප්‍ර‘දේශවල දෙමළ ජනයා දිනාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය විශේෂ වැඩපිළිවෙළක්ද ආරම්භ කර තිබේ.
දෙමළ ජාතික සන්ධානය කෙරෙහි උතුරු, නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව තුළ ඇතිවී තිබෙන විරෝධය ඒකාබද්ධ විපක්ෂය වෙතට හරවා ගැනීම සඳහා නැගෙනහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනෙසතුරේයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන්ගේ සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ කණ්ඩායම් විසින් උතුරු, නැගෙනහිර දෙමළ ජනතාව දැනුවත් කරමින් සංවිධාන කටයුතු සිදුකරගෙන යන බව වාර්තා වේ.

– ADA

85 views

23 Comments to “අලූත් පක්‍ෂයේ නායකයා ගෝටාභය..?? ආණ්ඩුවේ ඇමතින් තුනක් මහින්දට ගැලවෙයිලූ…”

  1. මම says:

    ප්‍රායෝගිකව ගත්තොත් විසදුම ගෝඨාභය පමණයි. ඉල්ලුමට අනුව සැපයුම දෙන්න බැරිනම් ඔබ අසමත්.!

    • SARADEIL says:

      තව ටිකක් නිදාගමුද…? අපි අපිටම බැනගමුද ජාතිවාදය, ආගම්වාදය අවුස්සන්න එපා කියල…?
      (Ishan (Siddhik ) මේ අන්තවාදී මුසල්මානුවාගේ comment එකෙන්ම පේනවා නේද ?අද සිංහලයාට සුළු ජාතීන්ගෙන් සිදුවන කරදර ….ඔහු මේ පහත් විධිහට අවමන් කරන්නේ අපේ රට ජාතිය මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් අපේ හිටපු ආරක්ෂක ඇමති තුමාට නේද ? කොන්ද පණ ඇතිව මේ දෙකෙන් එකක් තෝරගනිල්ල… සිංහල ජාතියද අන්තවාදී ජාතිවාදී සුළු ජාතියද ?
      සිංහල නායකය ගැන උඹලගෙ හිත්වල තරහක් තියෙන්න පුළුවං ඒත් අපේ කමට ඡන්දෙ දීපල්ල, ඔහු අපි ගැන විනාඩියකට හරි බලයි, සුළු ජාතින් එහෙමවත් බලන එකක් නෑ, සුලුජාතින් රටේ ප්‍රධනා පුටුවට ආවොත් මේ සිරිලක සදාකල් අමුසොහොනක් බවට පත් වේවි.තේරුම් ගනිල්ලා …සිංහල ජාතිය අපේ මව් බිම ආරක්ෂා කිරීමට දැන් වත් සිතපල්ලා
      ගරු ගෝටාභය මැතිතුමාට ජයවේවා !!!!ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ට ජයවේවා !!!

    • Champa says:

      Quote: “…සිරිසේන මහතා විසින් ඉදිරි කාලයේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ආරාධනයක් සිදුකරනු ඇත්දැයි බලාසිටිය යුතු බවත්, එසේ නොමැතිව සිරිසේන මහතා රංගනයක් පමණක් සිදුකරගෙන යන්නේ නම් මහින්ද රාජපක්ෂ මහතාද ඒ අනුව ප්‍රතිචාර දැක්විය යුතු බවත් ඔවුන් අතර සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ”. Unquote:

      මේ comment එක අතිගරු ජනාධිපතිතුමාට:

      Stage is open, Mr. President, for a historical political amity and greater goodwill !

      ඔබතුමාගේ කෙලින් කතාව නිසා, පක්ෂය අතර සමගියක් ඇති කරන්න දැන් ඕනෑවටත් වඩා පාර හැදිලා.

      ඇත්ත කතා කරමු.

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරපු හිටපු ජනාධිපතිතුමා කරපු දේවල් UNP ආණ්ඩුවට කරන්න බැහැ.

      UNP ආණ්ඩුවට කිසි වැඩක් බැහැ කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒ මොකොද support base එකක් නැති නිසා. මම කියන්නේ රාජ්‍ය අංශයේ. (දේශපාලන පැත්ත nil බව අපිට වඩා ඔබ දන්නවා). සංවර්ධන ව්‍යපෘති ක්‍රියාත්මක කලේ නිලධාරීන් මිසක් දේශපාලකයන් නෙමෙයි. ආණ්ඩුව පැත්තෙන් ගත්තත් ඔබේ අගමැතිතුමා තමන් කරන්නේ මොනවාද කියලවත් දන්නේ නැති කෙනෙක්. මම දැක්ක එතුමා Belgium Prince එක්ක “renewal energy” ගැන කතා කරනවා! මම ඒවාට හිනා වෙනවා නෙමෙයි, හැබැයි හැමෝම දන්නවා එතුමා ඉච්ඡභංගත්වයට පත් වෙලා කියලා. අගමැතිතුමාට දැන් වෙලා තියෙන්නේ බැඳ ගත්ත බෙරේ බිමින් තියන්න බැරිකම. බෙරේ බිමින් තියන්න උදව් කරන්නේ නැත්තේ ඇයි?

      ඔබේ ආණ්ඩුවේ, ok, UNP ආණ්ඩුවේ අයවැය යෝජනාවක් තියෙනවා අයවැය හිඟය පියවන්න “ගස් ලක්ෂ දෙකහමාරක්” කපන්න, මොකොටද, කෝටි 400ක් හොයන්න. අම්ම මුත්තා කාලේවත් අහපුවද මේ? කොයි ලෝකෙද (යකෝ) ගස් කපලා විකුනලා අයවැය හිඟය පියෙව්වේ? අර හිටපු ජනාධිපතිතුමා කලේ නැති දේවල් මම කරනවා කිව්වේ මේවද? හැබැයි මේක නම් ඇහැට පේනවා, ඇඟටත් දැනෙනවා, බඩටත් දැනෙනවා, මොකොද මේ කරන්නේ ලංකාව කාන්තාරයක් කරන එක. ඔබ මේක අනුමත කරනවාද? ඔබ මහා ලොකුවට කිව්වා පරිසරයට ආදරෙයි කියලා. හැබැයි ගස් ලක්ෂ දෙකහමාරක් ඔබ බිල්ලට දෙනවා. ඊළඟට රනිල් කිව්වොත් ඊළඟ අයවැය හිඟය පියවන්න ළමයි ලක්ෂයක් විකුනමු කියලා, ඒකත් කරනවද?

      දැන් බලන්න මම දැක්ක ප්‍රවෘත්තියක් මොනරාගල නියගයක් තියෙන නිසා සුමේධා ජයසේන නියෝජ්‍ය අමාත්‍යතුමිය බව්සර් වලින් වතුර බෙදනවා. ඇයි දේශපාලකයෝ මේ ගැන දීර්ඝකාලීන පිලියමකට යන්නේ නැත්තෙ ? කොයි තරම් දේවල් තියෙනවද මේ නියං ප්‍රශ්නෙට කරන්න?

      උදාහරණයක් විදියට පොඩිම එකෙන් පටන් ගත්තොත්, මුහුදට කිට්ටු පලාත්වල තියෙන නියඟයට පිලියමක් විදියට Sea Water Lake කියන ඒවා හදන්න පුළුවන්. ඒ කියන්නේ නියඟය තියෙන ප්‍රදේශයේ උසම ස්ථානයේ lake එකක් හදලා මුහුදු වතුර වතුර පොම්ප කරලා පුරවලා ඒ වතුර පිරිසිදු කරලා වතුර නැති ප්‍රදේශ වලට බෙදා හරින්න පුළුවන්. බීමට හැර අනිත් දේවලට මේ වතුර යොදා ගන්න පුළුවන්. ගොවිතැන් (?) සහ භෝග වගාවන් වලටත්, මේ වතුර ප්‍රයෝජනයට ගන්න පුළුවන් මුහුදෙන් වැලි එන එක නවත්තන්නයි, ලුණු වතුර පිරිසිදු කරගන්නයි ක්‍රමයක් තියෙනවා. දිග වැඩි නිසා ලියන්නේ නැහැ. වතුර පොම්ප කරන්නයි බෙදා හරින්නයි විදුලියම ඕනේ නැහැ, හුළං මෝල් (Wind Mills) වලිනුත් පුළුවන්.

      ඊළඟට, නිරපරාදේ වැහි වතුර අහක යනවා. ඒවා භූගත ටැංකි වලට හරි පොලොව මත ටැංකි වලට හරි එකතු කරලා, ඒ එක්කම වියලි කලාපයට පොම්ප කරන්න පුළුවන්. සමහර රටවල් තියෙනවා අපිට සතියකට වහින වතුර අවුරුද්දකටවත් ලැබෙන්නේ නැති. ලෝකේ මුහුද යටින් උමං මාර්ග තියෙනවා, ගෑස්, විදුලිය, තෙල් රටකින් රටකට බෙදනවා. අපිට බැහැ තෙත් කලාපයට වහින වැහි වතුර ටික සංරක්ෂණය කරලා වියලි කලාපයට මුදා හරින්න. කිලෝ මීටර් කීයද? ලැජ්ජයි.

      ඊළඟට, ලංකාවේ තියෙනවා කිලෝ මීටර් 100ට වැඩිය දිග ගංගාවල් 16ක් සහ කිලෝ මීටර් 100ට අඩු ගංගා සහ ඔයවල් 23ක්. මේ 36 අතරින් ගංගාවල් 30කම වතුර නිරපරාදේ මුහුදට වැටෙනවා. මොන තරම් අපරාධයක්ද? ඉස්සර වගේ ගංගාවල් පිටින් හරවන්න ඕනේ නැහැ. ලෝකේ දැන් අළුත් තාක්ෂණික ක්‍රම තියෙනවා. ඇයි මේ වතුර මුහුදට වැටෙන්න නොදී එකතු කරලා සංරක්ෂණය කරලා රටේ අවශ්‍යතාවයට හරියන වතුර නිෂ්පාදනය කර ගන්නේ නැත්තේ? අපි ලැජ්ජ වෙන්න ඕනේ නේද මේ තරම් ගංගාවල් තියෙන රටේ වියලි කලාප වල ජීවත් වෙන මිනිස්සු වතුර නැතුව දුක් විඳින එක ගැන?

      මේ වගේ projects වලට ලෝක බැංකුව පැනලා ආධාර දෙනවා. ලෝක බැංකුව තියෙන්නේ අපි වගේ රටවල් වලට උදව් කරන්න. අපිට ඒගොල්ලෝ කියන ඒවා කරන්න වෙලා තියෙන්නේ, අපි අපිට උවමනා දේ ඒගොල්ලන්ට කියන්නේ නැති නිසා. අපේ රට ගැන තීරන ගන්න ඕනේ අපි මිසක් ලෝක බැංකුව නෙමෙයි. මට මතකයි හිටපු ආරක්ෂක ලේකම්තුමා කිව්වා එතුමා කොළොඹ අලංකාර කරන්න පටන් ගත්තහම (මම හිතන්නේ පටන් ගත්තේ කුරුඳුවත්ත පොලීසියෙන්) ලෝක බැංකු නියෝජිතයා ඒක දැකලා ඇවිල්ල ඉල්ලන්නෙත් නැතුවම ඒ ව්‍යාපෘතිය කරන්න ආධාර දුන්න කියලා.

      මේවගේ දේවල් UNP ආණ්ඩුවට කරනවා තියා හිතා ගන්නවත් බැහැ. කරන්න පුළුවන් හිටපු ආරක්ෂක ලේකම්තුමාට විතරයි.

      මම නම් දේශපාලනය කතා කරන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඉඳන්. හැබැයි මේ දේශපාලකයෝ අවුරුදු 5, 10, 15, 20, 25, 30, 35, 40, 45, 50 මේ රටේ හිට්යා නේද? ඇයි මේ රටේ ජනගහනයෙන් සියයට 82ක් වෙච්ච ග්‍රාමීය ජනතාවගේ සැබෑ ප්‍රශ්න දීහා නොබලා, ජනප්‍රිය ප්‍රශ්න විතරක් ඇද ගෙන යන්නේ?

      සිංහල දේශපාලකයෝ ළිං ඇතුලේ ඉඳන් පාට පක්ෂ වලට බෙදිලා ඉන්න එක නවත්තලා, සමගි වෙලා, ලිඳෙන් මෙපිට ඉන්න රටේ ජනතාව එක්ක එකතු වෙලා රට ගොඩ නගන්නේ නැත්තේ ඇයි?

      to be continued……

      • singha01 says:

        චම්පා; ඔබේ අදහස් බොහොම වටිනවා. ඒත් ඔබ හිතනවාද ලොක්කා මේව බලනවා කියල. එයාට ඒවයින් වැඩක් නැහැ. තමන්ගෙ ලොකුකම ආරක්ශා කරගන්න එක විතරයි එයාගෙ එකම උවමනාව. රටට හෙන ගහල ගියත් කමක් නැහැ. පොර ටෝක් නම් දෙයි ටොන් ගනන්. අපි එන්න එන්නම ප්‍රපාතයට ඇද වැටෙනවා රටක් හැටියට.

        • Champa says:

          singha01

          මිනිස්සු දුක් විඳිනවා. රස්සාවල් නැතිවෙලා. ජීවන මාර්ග ඇහිරිලා. තුන් වේලක් කාපු මිනිස්සු දෙවේලක් කනවා. දෙවේලක් කාපු මිනිස්සු එක වේලක් කනවා. එක වේලක් කාපු මිනිස්සු ගැන කතා කරන්නත් දුකයි. අන්ත දුප්පත් කමට වැටිලා. දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල දුප්පතාගේ බඩ පුරවන්නේ නැහැ.

          මම ඉතින් අඳුරේ ඉන්න මිනිස්සුන්ට ඉටිපන්දමක් වෙන්න හිතුවා.

          • singha01 says:

            ඔබට බොහොම පින් ! මගේ රටට මෙ පාහරයො කරපු සහ කරගෙන යන දේ ගැන මම හරිම වෙදනාවෙන් ඉන්නෙ. බලමුකො.

    • Champa says:

      Continuation…….

      ජනාධිපතිතුමා, ඔබතුමා යථාර්තයට මුහුණ දෙන්නේ නැත්තේ ඇයි? අගමැතිතුමාට වැඩ බැරි බව පිළිගන්නේ නැත්තේ ඇයි ? රටේ ජනාධිපති විදියට, ඔබ පළවෙනියට හිතන්න ඕනේ ජනතාවගේ සුබසිද්ධිය ගැන නේද?

      ඔබ යථාර්තයට මුහුණ දීලා, ජාතික සමගියක් ඇති කරන්න පියවර ගන්නේ නැත්තේ ඇයි? රනිල්ට මේ රට විනාශ කරන්න ඉඩ දීල ඔබ බලා ඉන්නේ ඇයි? ඔබ හිටපු ජනාධිපතිතුමාට ඔලිව් අත්ත දිගු කරලා සමගි වෙලා, UPFA+ ආණ්ඩුවක් පිහිටුවලා එතුමාට අගමැතිකම දෙන්නේ නැත්තේ ඇයි?

      ඔබතුමාට තියෙන ප්‍රශ්නේ මම දන්නවා. මම හිතන්නේ නැහැ, ඔබේ හිතේ ඔය පෙන්වන තරම් වෛරයක් හිටපු ජනාධ්පතිතුමා එක්ක ඇති කියලා. ඔබට තියෙන්නේ අනාරක්ෂිත භාවයක්. 2/3 එක්ක ආණ්ඩුවක් පිහිටෙව්වොත් ඊළඟට දෝෂාභියෝගයක් ගෙනල්ල හෝ විධායක ජනාධ්පති කම අහෝසි කරලා හෝ ඔබව ඉවත් කරයි කියලා ඔබට බයක් තියෙනවා. ඊට පස්සේ ඔබෙන් පළිගනියි කියලා ඔබ හිතනවා. පළිගන්නේ නැතිවෙයි කියලා මට කියන්න පුළුවන් වුනත්, අනිත් එක ගැන මට guarantee එකක් දෙන්න බැහැ. ඒකට පිලියමක් විදියට හිටපු ආරක්ෂක ලේකම් තුමාව ආණ්ඩුවට ගන්න කියල මම යෝජනාවක් කරන්න කැමතියි. එතුමා එහෙම දෙයක් වෙන්නේ ඉඩ දෙන්නේ නැහැ. ඔබතුමාත් ඒක දන්නවා.

      හොඳයි අගමැතිතුමාව අයින් කරන්නම බැහැයි කියමු. ඒ වුනත් මේ තුන්දෙනාම එකතු කරන ආණ්ඩුවක් ඔබට පිහිටුවන්න බැරි ඇයි? ඔබතුමාට එක්කෙනෙකුටවත් විශේෂයක් කරන්න බැරිනම්, මේ නායකයෝ තුන් දෙනාම එකතු කරලා සමාන තනතුරු දීල, නායකත්ව මණ්ඩලයක් හදලා රට දියුණු කරන්න බැරි ඇයි?

      හිටපු ආරක්ෂක ලේකම් තුමා එක්ක මම කතා නොකලත්, මට තේරෙනවා රටේ වේගවත් දියුණුවක් ඇති කරන්න සැලසුම් හුඟාක් එතුමාගේ හිතේ තියෙනවා කියලා. රට වෙනුවෙන් එතුමාට අවස්තාවක් දෙන්න ඔබතුමා ක්‍රියා නොකරන්නේ ඇයි? මම හිතාගෙන ඉන්නවා එතුමාගෙන් ඉල්ලීමක් කරන්න, එතුමාට ඒ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවස්තාවක් ලැබුනොත් කොළොඹ “නැවත” අලංකරණය කරලා, දෙවෙනියට එහෙම ලස්සණ කරන නගරය විදියට “යාපනය” තෝරා ගන්න කියලා. එතකොට දෙමල මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙනවා, දකුණේ සිංහල මිනිස්සු ඒගොල්ලෝ ගැන හිතනවා කියලා. එතන ඉඳන් ඉතුරු ටික පටන් ගන්න පුළුවන්. ඔබට සතුටු හිතෙන්නේ ඇත්ද?

      අපිට ජාත්‍යන්තරයෙන් ආ ලොකු චෝදනාවක් තමයි, උතුර ගැන බලන්නේ නැහැ කියන එක. දෙමල ජනතාව තේරුම් ගන්න ඕනේ එක දෙයක් තමයි, සිංහලයෝ හොඳ හිත් තියෙන, ත්‍යාගශීලී, සංවේදී හදවත් තියෙන මිනිස්සු. අපිත් එක්ක හොඳින් හිටියොත් පණ වුනත් දෙනවා. Part දාන්න ආවොත් දුවන්න දෙනවා. අපේ එක පුංචි සිතිවිල්ලකින් උතුර දකුණ අතරේ ලොකු බැඳීමක් ඇති කරන්න පුළුවන්. ජනාධිපතිතුමා, ඔබ කියන වාර්තාවල තියෙන විදියට සංහිඳියාව ඇති කරන එක ගැන මට තේරුම් ගන්න බැහැ. හැබැයි මම හිතන විදියට සංහිඳියාව ඇති කරන්නේ මෙහෙමයි. වඩා ප්‍රායෝගික කෝකද?

      මම මගෙ රටට ආදරේ තරම්ම, ඔබතුමාත් රටට ආදරේ නම්, දුප්පත් ජනතාවගේ සුබ සිද්ධිය ගැන හිතනවා නම්, රටේ යහපත ගැන හිතනවා නම් අගමැතිතුමා, හිටපු ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් තුමා එකතු කරලා ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් නේද?

      සිංහල ජාතිය සමගි කරලා, සිංහල දේශපාලන නායකයන් සමගි කරලා, රටේ ආරක්ෂාව, දියුණුව, අභිවෘද්ධිය සහ යහපත් ජන සමාජයක් ඇති කරලා, සියලු ජාතීන් එකමුතු කරලා, රට සංවර්ධනය කරලා ඉතිහාස ගත වෙන්න ස්වර්ණමය අවස්ථාවක් ලැබිල තියෙද්දී, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්තේ ඇයි ?

      විධායක ජනාධිපති හැටියට මේ දේ කරන්න පුළුවන් ඔබතුමාට විතරයි. ජනතාවගේ පැත්තේ ඉඳන් කතා කරණ කෙනෙක් හැටියට, පහුගිය අවුරුද දෙකට කිට්ටු කාලය තුල සිද්ධ වෙච්ච සියලු හරි හෝ වැරදි හැමදේම අමතක කරලා, අළුතින් පටන් ගන්න ජනතාව කැමති වුනොත්, දේශපාලකයෝ විදියට ඔබටත් අනිත් දේශපාලන පක්ෂ නායකයන්ටත් රට වෙනුවෙන් එහෙම කරන්න බැරිද?

      මම ඔබට ඔලිව් අත්තක් එව්වා ජනාධිපතිතුමා. ඒක දිගු කරලා ජාතික සමගියක් ඇති කරලා රට ගොඩ නගන්න තරම් ඔබතුමා රටටයි ජනතාවටයි ආදරේද?

    • Champa says:

      Continuation…

      මට තව තියෙනවා කියන්න.

      මම කැමතියි ලෝකයා දකිනවට, සිංහල මිනිස්සු දේශපාලන වාද භේද අත ඇරලා සමගි වෙලා තමන්ගේ ප්‍රශ්ණ විසඳා ගත්ත කියලා.

      ඇමරිකාවට විනාශ කරන්න බැරි වෙච්ච එකම රට ලංකාව වෙනවට මම කැමතියි.

      අවුරුදු 2600ක අනභිභවනීය ඉතිහාසයක් තියෙන සිංහල ජාතිය කාටවත් වට්ටන්න පුළුවන් ජාතියක් නෙමෙයි කියලා ඔබාමා ගෙදර යන්න ඉස්සෙල්ල පෙන්නන්න මං කැමතියි.

      සිංහලයා සමගි වෙලා රට විනාශ කරන ජාතිවාදය, බෙදුම්වාදය, අන්තවාදය පරාජය කළා කියලා ලෝකයා දකිනවට මම කැමතියි.

      වැටුණු රට යලි ගොඩ නගා
      “සිංහ රට” ලොව බබලවා
      අභිමානවත් ලෙස හිටගනිමු අපි
      ලොවම විශ්මිත කරමිනා !

  2. DIGA JANTHU says:

    “Mage leyath kadulath dekama diya karana rata rakinnaa rakinnemi mama “jayawewaaa

    • kusal says:

      මරාගෙ හොල්මන් හැම තැනම…මේ රට ආපස්සට අදින්න මැදමුලන ජනෙල් පොල්ලාට තියෙන්නෙ පුදුම ආශාවක්…ඔය මනුස්සයා මලත් පෙරේතයෙක් වෙලා හරි උපදින එක නම් සුවර් ඇන්ඩ් සොට්…

  3. කුමාරි says:

    එජාපයෙන් එන්න ඉන්න ඇමතිවරු එන්නේ මොනවද මේ ගොල්ලො කරන්නේ කියලා බලාගෙන රනිල් ටයි මෛත්‍රිටයි තොරතුරු දෙන්න. නැවත පාරක් මේ කට්ටියව අරගත්තොත් එහෙම ගියපාර කාපු ලනුව තමයි කන්න වෙන්නේත

  4. kamal says:

    ජාතිය අමතන අනගාරික කමල්
    උඹලා දන්නවද නගරයක දොරටුපාලකයෙක් දාන්නෙ අැයි කියා මොකද හැම ඒක්කෙනාම නගරයට ගන්නෙ නැ ඒහෙම ලිබරල් චින්තනයක් බුදු දහමෙ නැ මම කියන්නෙ ඉන්දියානුවො ලංකාවෙ පුරවන්න ඒපා කියලා උන් මිත්‍යාදෘස්ටිකයි. උඹලගෙ මිතුෙරා උඹලා දන්නෙ නැ ථෙරවාදි හා මහායාන බෞද්ධ රටවල් තමයි උඹලගෙ මිතුරො ඉන්දියාවත් මිතුරු කර ගන්න පුලුවන් දැන් නෙවෙයි උන් බුදු දහමට අාවොත් නැතිනම්
    රාමායනය වගෙ මිත්‍යාකථා වලින් උන් අපට පහර ගහනවා අපෙ බුරුවොත් රාවණා කියා මිත්‍යාවකට අහුවෙනවා රාමායනය ලිව්වෙ අට වන ශත වර්ෂයෙ නමුත් උඹලා හිතන්නෙ වර්ථමානෙ තියෙන හින්දු අාගම බුදු දහමට පරණයි කියා. අනගාරික ධර්මපාල තුමාට පහර දුන්න මෙම බමුණු පැලැන්තිය මෙල්ල කල යුතුයි. ඒ් සදහා කිරිබත්ෙගාඩ ඤණානන්ද හිමිගෙ උපදෙස් ගැනිම වටි
    ඒකක් මතක තියාගනිල්ලා කාමසුඛල්ලිකානු යොගයෙ සිටින ඔය බමුණු පැලැන්තියවත් අධිරාජ්ජ්‍යවාදින්වත් අපට සහයොගය දක්වන්නෙ නැ නමුත් චිනය හා රුසියාව සිංහලුන්ට කැමතියි. රනිල් මෙෙත්‍රි මැට්ටො ඔවුන් හදන්නෙ ඉබ්බාගෙන් පිහාටු ගැනිම වගෙ වැඩක්.
    උඹලා උඹලගෙ ගුරුවරු වන නලින්ද සිල්වා ගුණදාස අමරසෙකර වැනියවුන් තුට්ටුවකට ගනන් ගන්නෙ නැ ඒ්කල්ලා ඊනියා පණ්ඩිතයන්ට රැවටෙනවා මට දුක උඹලා හිරවෙලා ඉන්න ඒක ගැනයි නමුත් අපි නැගිටිය යුතුයි කලු බදාදා ඒයට හොද අාදර්ශයක් හෙට අපි නැගිටිමු
    ඊයෙ දෙරණ ප්‍රවෘත්ති දකින විට මම දැක්කා හාමුදුරුවරු ධිවර සම්ගම් වලට නායකත්වය දෙනවා මතක තියාගනිල්ලා බෞද්ධයෙක් වන්නෙ සරණ සිලයෙන් කියා සරණ සිලය තියෙන පාදිලියන් සරණ ගිය කට්ටියත් අපි ගන්න ඔනෙ මොකද දිනක සරණ සිලය තියෙන කෙනාට කල්‍යාණ මිත්‍රයෙක් හමු වු විට හොද බෞද්දයෙක් විය හැක
    සිංහලයනි මෙ අහන්න උඹලා ඔක්කොම සරණ සිලයෙ පිහිටන්න

  5. ss says:

    athatama hamodoro kenek dewqara sangam satane hitapo eka dakala matath podoma hithona.siyalosathwayo nidok wethwa kiyana bododahamata meya weroddayi . anika bodonwahaanse desana kala samma kammanthaya thola diwara karmantha ya prathiksepa wenawa. kaworo hari me biksowata meya therom karala diya yothoyi .ekata hodama kena kiribathgoda hamodorowo thamayi.

  6. kuma says:

    කමල් ගේ comment

    කමල් රනිල්ගේ කෑල්ලක් කියලා පේනවා. ඒක තමයි ජාතිවාදයක් පෙන්නලා මහින්දගේ පැත්තට කථා කරන්නේ. මංගල, රනිල් කුලියට දාලා ඉන්න කට්ටිය ජාති වාදය වපුරලා මහින්දගේ මුස්ලිම් දෙමළ ඡන්ද ටික කඩන්න දාන සෙල්ලම්.

    • Dhathusena says:

      කුමා හරියටම හරි….මමත් මේ අහන්නමයි හිටියෙ මෙය අනගාරික උනේ කවද ඉඳලද කියල..කොහෙද මෙයා ඉන්නෙ? එකෙක් කාලයක් ලිව්ව එ.ජා.ප තරුණ කැල කියල මම හිතන්නෙ මේත් ඒ ධාතු සුනඛයම තමයි.
      .

  7. Champa says:

    මට මේකට comments දෙකක් තියෙනවා.

    My emotional self says: මේ නිවේදනය දැක්කම මට දුක හිතෙනවා. මගේ ඇස් දෙකට කඳුළු පිරෙනවා. අපි සෑහෙන කාලයක් එකට වැඩ කළා. I was with you in hell and high water. ඒකාබද්ධ විපක්ෂය සෑහෙන උත්සාහයක් දරලා තියෙනවා කියලා මට පේනවා. ඒ මොකොටද කියලා මට තේරෙනවා. විශේෂයෙන් අන්තිම paragraph එකේ පලවෙනි පේලිය මට පුරුදු එකක්.

    My arrogant self says: Handsome faces! Nice try! Well, මම ඒකාබද්ධ විපක්ෂයේ “දීර්ඝ කාලීන දේශපාලන ගමනට” සුභ පතනවා. කිසි දෙයක් කෙලින් කියලා නැහැ. මගේ ප්‍රශ්නෙට උත්තරෙත් ඕකේ නැහැ. හැබැයි මගේ අනිත් comment එකට ඕකෙ කොටසක් ගන්නවා. ඒක මම දැන් හිතන විදිය ගැන පෙන්නයි.

    මගේ ප්‍රශ්නේ තියෙන්නේ බැසිල් එක්ක නෙමෙයි. ඒක පටු අදහසක්. මගෙ ප්‍රශ්නේ තියෙන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රතිපත්ති එක්ක. හැම තිස්සෙම ප්‍රධාන අරමුණින් පිට පනිනවා. මංමුලා වෙලා ආපහු ප්‍රධාන අරමුණට එනවා. ශ්‍රීලනිප කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ එක කොටසක් විතරයි. ඒක කරන දේවල් මට අදාළ නැහැ. ඒකේ ප්‍රතිපත්ති මට අදාලත් නැහැ. ශ්‍රීලනිපය දැන් තමන්ගේ අරමුණු ඒකාබද්ධ විපක්ෂයේ අරමුණු කරලා. මම කියන එක තේරෙනවද? කෙලින් කතා කරමු. ශ්‍රීලනිපයට රනිල්ව එළවලා ආණ්ඩුවක් ගන්න උවමනා නැතුව ඇති කියමු, ඒක මට කමක් නැහැ, හැබැයි ඒකාබද්ධ විපක්ෂයට එහෙම කරන්න බැහැ. හේතුව ඒක ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන අරමුණ.

  8. Micro Man says:

    සිරිසේන මහතා විසින් ඉදිරි කාලයේදී මහින්ද රාජපක්ෂ පාර්ශ්වයට ආරාධනයක් සිදුකරනු ඇත්දැයි බලාසිටිය යුතු බවත්,

    මොන මඟුලක්ද සිරිසේනත් එක්ක තවත් බල බල ඉන්නෙ.සිරිසේන ජනාධිපතිවරයා රටටයි,රාජපක්ෂලාටයි කරන්ඩ පුළුවන් උපරිම ද්‍රෝහිකම දැන් කරලා අවසන්.එහෙම තිබියදී එවැනි පුද්ගලයෙකුගේ සපත්තු ලෙවකන්ඩ යන්ඩ ඒකාබද්ධ විපක්ෂයේ ඔබලාටයි ලැඡ්ජා නැද්ද.කමක් නෑ.මේ අවුරුද්ද අවසන් වෙන්ඩ තව මාස දෙකයිනේ තිබෙන්නෙ.එම නිසා ඒ මාස දෙකත් ඔහේ ගෙවිලා ගියාවේ.හැබැයි 2017 ජනවාරී වල ඉදන් වත් බයිලා ගහන්නෙ නැතිව.හරියට ගේමට බහින්ඩ.හැබැයි ඒ ගේම සිරිසේනත් එක්ක නම් ඔබලාට ඕන කුදයක් ගහගන්ඩ කියලා අපි හම්බ කරන දෙය කලා බීලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

    එච්චරයි.

  9. akshin says:

    patta horu

  10. JOINT OPPOSITION DON’T GET FOOLED AGAIN WIT THAT DAMN DIRTY HORROR SLFP………….PLEASE MAKE THE NEW PATRIOTIC PARTY SOON AND SAVE THE COUNTRY…….

Main News