අලූත් පක්ෂයේ මුල්ම මාධ්‍ය හමුව අද.. මහින්දගේ කාර්යාලයේ.. මහින්දගේ ලිපි ශීර්ෂයෙන් ආරාධනා එවයි..
November 17, 2016 at 8:40 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුල්ම මාධ්‍ය හමුව අද දිනයේ පැවැත්වෙයි.
එම පැවැත්වෙන්නේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේය.
මේ මාධ්‍ය හමුව ආවරණය කරන්නැයි මාධ්‍ය වෙත යොමු කර ඇති ලිපියේ ලිපි ශීර්ෂයේ පක්ෂ ලාංඡනය වන මල් පොහොට්ටුව සමග හිටපු ජනාධිපතිවරයාගේ පින්තූරයද වීම විශේෂය.