අලූත් පක්‍ෂයේ ලියාපදිංචියට සියල්ල සූදානම්.. නායකයා මහින්දයි.. ස්ථිරයි…

September 24, 2016 at 10:00 am | lanka C news
අලූත් පක්‍ෂයේ ලියාපදිංචියට සියල්ල සූදානම්.. නායකයා මහින්දයි.. ස්ථිරයි…

ඒකාබද්ද විපක්‍ෂය විසින් පිහිටුවීමට නියමිත නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව ස්ථිර යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා පවසන්නේ පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන පක්ෂ ලියාපදිංචියට අවස්ථාව දුන් විගස නව දේශපාලන සන්ධානය ලියාපදිංචි කරන බවයි.

නව සන්ධානය වෙනුවෙන් මේ වන විට නම් කිහිපයක් සහ ලාංඡන කිහිපයක් යෝජනා වී ඇතැයිද කී ඔහු ඒ ගැන මේ දිනවල සාකච්ඡ කෙරෙන බවද කියා සිටියේය.

නව සන්ධානය සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්‍ෂ හා සිවිල් සංවිධාන රැසක්ද එක්වීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

56 views
Main News