අලූත් පක්‍ෂය බිහි වෙමින් තිබෙනවා.. මහින්ද නැති පක්‍ෂයකින් ඡන්දයකට නෑ..

September 20, 2016 at 4:07 am | lanka C news
අලූත් පක්‍ෂය බිහි වෙමින් තිබෙනවා.. මහින්ද නැති පක්‍ෂයකින් ඡන්දයකට නෑ..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නොමැති පක්‍ෂයකින් තමන් ඉදිරි පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොවන බව දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍රවරුන් දස දෙනෙක් අවධාරනය කලහ.

දොම්පෙ ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්තී‍්‍රවරුන් 13 දෙනෙකු සිටි අතර, උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කෙරුණේ ඉන් දස දෙනෙකුම මහින්ද රාජපක්‍ෂ මහතා සමග සිටින බවයි.

දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මිලාන් ජයතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වින.

එහිදී අදහස් දැක්වූ මිලාන් ජයතිලක මහතා මෙසේද කීවේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ වර්තමාන සභාපතිවරයාගේ කි‍්‍රයා කලාපය අප කිසිසේත් අනුමත කරන්නේ නෑ. එතුමා ඇතුඵ ආණ්ඩුවට එකතුවෙලා ඉන්න නිල් අලි වැඩ කරන්නේ පක්‍ෂය දිනවන්න නෙමේ. අද ගමේ ලයිට් එකක්වත් දා ගන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. බෝක්කුවක්වත් හදාගන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. ගමේ අපේ පක්‍ෂිකයෝ අපිට කියන්නේ මහින්ද මහත්තකය ඉන්න  ඕනෑම පක්‍ෂයකින් තරග කරන්න කියලයි. දැන් අපි දන්නා තරමින් අලූත් පක්‍ෂය බිහි වෙමින් තිබෙනවා. මහින්ද මහත්තයගේ නායකත්වයෙන් යුතු මේ නව පක්‍ෂය ගම්පහ දිස්ති‍්‍රක්කයේ පලාත් පාලන ආයතන 19ම දිනනවා. ඒක වලක්වන්න සක්කරයටවත් බෑ.  ඒ නිසා අපි ඉල්ලනවා තවමත් පක්‍ෂය පාවා දීපු මෛතී‍්‍රපාල සිරිසේන මහතාත් එක්ක කටයුතු කරන අපේ හිතවතුන්ට ගමේ ජනතාවගේ වෛරයට පාත‍්‍ර නොවී නිවැරදි පැත්ත හදුනා ගන්න.

ආණ්ඩුව අද රටේ දැවෙන ප‍්‍රශ්ණ අමතක කරලා. මේ ප‍්‍රශ්ණ වලට  ආණ්ඩුවට විසදුම් නෑ. ගමේ සුභසාධනය සහජීවනය විනාශ කරලා අද රට ආගාදයකට ඇද දමමින් තිබෙනවා. රනිල් මෛතී‍්‍ර ආණ්ඩුව  පෙරලා දැමීම සදහා ඉදිරි පලාත් පාලන මැතිවරණයේදී අපි මුල් පියවර තබනවා. දොම්පේ කවුරු අපිව පාවලා දුන්නත් අපි ජනතාව සමග මේ සටනට නායකත්වය දෙනවා.

දොම්පේ හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ගාමිණී සරත් මහතා.

මහින්ද මහත්තයගේ කරපිටින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අද ආණ්ඩුවට මුක්කු ගහලා ඉන්න කිසිවෙකුට ඉදිරියේදී අපේ සහාය නෑ. ඔවුන් විලි ලැජ්ජාවක් නැතුව අපේ පක්‍ෂය එක්සත් jjllkජාතික පක්‍ෂයට පාවා දෙමින් තිබෙනවා. දොම්පේ ආසනයෙන් කුරුණෑගල සමුඵවට  ගියේ කීප දෙනයි. ඒ ගිය අයත් අපිට ඇවිත් කියන්නේ අපි ඡන්දෙ දෙන්නේ මහින්ද මහත්තය ඉන්න පැත්තකට විතරයි කියලා. පක්‍ෂ නායකයෝ මොනවා කිව්වත් අද පාක්‍ෂිකයෝ ඉන්නේ මහින්ද මහත්තයත් එක්කයි. මහින්ද මහත්තයව අත ඇරලා අපිට ගමේ ඡනද ගන්න බෑ. මේි ආණ්ඩුවට අපි අභියෝග කරනවා පුඵවන් තරම් ඉක්මනින්න පලාත් පාලන මැතිවරණය පවත්වන්න. ආණ්ඩුව  ඒම ැතිවරණය පවත්වන්නේ නැත්තේ බය නිසයි. ආණ්ඩුවට ඡුන්දෙ දීපු කෙනෙක් අද ගම්වල හොයාගන්න නෑ. ප‍්‍රතිපලය දන්න නිසයි ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය කල් දාන්නේ. ආණ්ඩුව මැතිවරණය තියන  ඕනම වෙලාවක අපි මහින්දගේ පක්‍ෂයෙන් ඉදිරිපත් වෙලා ආණ්ඩුවට මතක හිටින පාඩමක් උගන්වන්න ලෑස්තියි.

දොම්පේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර කේ.ඞී. අජිත් සිසිර කුමාර මහතාද මෙහිදී කතා කලේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

40 views
Main News