අලූත් පනත පාර්ලිමේන්තුවට.. මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ සූදානමක්..

March 21, 2018 at 2:10 pm | lanka C news
අලූත් පනත පාර්ලිමේන්තුවට.. මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ සූදානමක්..

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට මෑතකදී ඉදිරිපත් කරන ලද අධිකරණ සංශෝදන පනත මගින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ අවදානමක් ඇතිව තිබෙන බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි.

හිටපු ජනපතිට අමතරව මෙම පනත මගින් රාජපක්‍ෂ පවුලේ ප‍්‍රධාන සාමාජිකයන්ද ඉලක්ක කර ඇති බවද ඒ මහතා පවසයි.

හොරු ඇල්ලීමට අලූත් අධිකරණ උවමනා නැති බවත් පවතින නීති යටතේම එය සිදු කල හැකි බවත් සදහන් කරන ඒ මහතා ඉදිරි මැතිවරණවලදී රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට තබා ඔහු අසලට ඒමටවත් නොහැකි පිරිස් විසින් මෙම කුමන්ත‍්‍රණකාරි වැඩපිලිවෙල ආරම්භ කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ජී.එල්. පීරිස් මහතා මෙම අදහස් පල කලේය.

5 views

5 Comments to “අලූත් පනත පාර්ලිමේන්තුවට.. මහින්දගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ සූදානමක්..”

  1. SUNIMAL says:

    ජේ ආර් මැතිනියයේ ප්‍රජා අයිතිය අහෝසි කළ දා මුලු රටම ගිනිගත් බව අමතක නොකළ යුතුය

  2. OLU says:

    ජඩපාලනයේ අලුත් පනත් අපේ රටට අවශ්‍ය නැත ..එය හකුලා ගනු
    ගරු මහින්ද මහතාට ජයවේවා

  3. Buddhist says:

    Me anduwe praja aithiya thamai ahosi karanna adanne, namuth Rajapakse anduwe minissunge pana thamai ahosi kare.

  4. Upali says:

    ලෝකයේ උඬගු , අමන , දේශද්‍රෝහී පාලකයින් විසින් තම පැවෙත්ම සඳහා අබියෝගයක් ඇති නායකයින් ගේ සිවිල් අයිතිවාසිකම් නැතිකල කොපමන අවස්තා ඇතිද. දකුනු අෆ්රිකාවේ කලු ජාතිකයින් ගේ ප්‍රශ්න ගැන කටයුතු කල ” මැන්ඩෙලා ” වීරයා , මියන්මාරයේ ඉවිල් ජනයාගේ ප්‍රශ්න වලට මැදිවූ ” සුකී” මැතිනිය , ස්‍රිලන්කාවේ නිශ්පාදන ආර්ටිකය නැන්වූ ” සිරිමාවෝ ” මැතිනිය වැනි ගරු කටයුතු අය මෙවන් හිරිහැර වලට ලක් වුනා. අපේ ” මහින්ද ” නම් 30 වසරක යුද ශාපයෙන් අප ගලවා ගත් සහ රට සීග්‍ර සන්වර්දනය කල වීරයා ද, දැනට ඉතිහාසය, සන්ස්කෘතිය , අර්ර්ටික පරිපාලනය නොදන්න තමන්ගේම පැවැත්ම ගැන සිතන මේ උඬගු,අමන, දේශද්‍රෝහී පාලකයින්ගෙන් මෙවන් දෙයක්ද බලාපොරොත්තු විය හැක. එසේ උවහොත් ඉතිහාසය අපට උගන්වා ඇති විදියට එවන් කුහක පාලකයින් ඉදිරියේ දී ජනතාවගේ දඬුවම් වලට ලක් වෙනු ඇත.

  5. Mage rata says:

    පළාත් චන්දෙන් කුජීත වෙච්ච දේශද්‍රෝහී ජාතිද්‍රෝහී බැන්කු හොරා දැන් ගෙදර පල. ජනවරමක් නැති තොපිට අලුත් පනත් ගෙන ඒමට දැන් කිසි අයිතියක් නැත. තවත් අපේ රට නොකා දැන් ගෙදර පල.

    මරු විකල්ලෙන් දඟලන බැන්කු හොරා එක මොහොතක් හෝ තවත් බලයේ සිටීමේ විපාක තමා මේ පෙන්නුම් කරන්නෙ.

Main News