ගෙවිදුගේ තර්කයෙන් අලූත් පාර්ලිමේන්තුවේදී ටොයි මේජර්ලා තොගයක් චකබ්ලාස්..

March 16, 2017 at 9:20 am | lanka C news
ගෙවිදුගේ තර්කයෙන් අලූත් පාර්ලිමේන්තුවේදී ටොයි මේජර්ලා තොගයක් චකබ්ලාස්..

දෙරණ රූපවාහනියේ ඊයේ පැවති අලූත් පාර්ලිමේන්තුව වැඩසටහට සහභාගී වූ ගෙවිදු කුමාරතුංග මහතා විසින් ඉදිරිපත් කල ප‍්‍රබල තර්කයක් හේතුවෙන් ආණ්ඩු හිතවාදීව මත ඉදිරිපත් කල සියළු දෙනා දැඩි ලෙස අපහසුතාවයට පත් විය.

ජාතික නිදහස් පෙරමුණ පක්‍ෂයක් ලෙස පිලිනොගන්නේ පසුගිය මැතිවරණයට තරග නොකල නිසා සහ පාර්ලිමේන්තුවේ එවන් පක්‍ෂයක් නැති නිසා බව කතානායකයා කියා සිටියද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ එජාපය අත්සන් කල ජාතික ආණ්ඩු ගිවිසුමද එම තර්කය අනුවම අවලංගු බව ඔහු පෙන්වා දුන්නේය.

මන්ද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද ගිය මැතිවරණයට තරග කර නැති අතර එම පක්‍ෂය පාර්ලිමේන්තුව පිලිගත් පක්‍ෂයක් නොවන බවත් කී ඔහු ජාතික ආණ්ඩු ගිවිසුමකට එක්සත් ජනතා නිදහස් සන්ධානය අත්සන් තබා නැති බවත් පෙන්වා දුන්නේය.

මෙම තර්කයට සැලකිය යුතු මට්ටමේ පිලිතුරක් වැඩසටහන පුරාම නොලැබුනු අතර අදාල නොවන කාරනා මතුකර තිරණාත්මක තර්කය මග හරිනු පැහැදිලිවම පෙනින.

එම වීඩියෝව මෙතනින්

138 views
Main News