අලූත් බද්දෙන් වාහන මිල දෙගුණ වෙයි..

May 26, 2018 at 2:10 pm | lanka C news
අලූත් බද්දෙන් වාහන මිල දෙගුණ වෙයි..

වාහන සදහා පනවා ඇති නව බදු ක‍්‍රමය හේතුවෙන් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන බොහෝ වාහනවල මිල ගණන් දෙගුණයකින් පමණ වැඩි වීමට ඉඩ ඇති බව වාහන වෙළෙඳුන්ගේ සමිති සංගමය සදහන් කරයි.

එහි සභාපති ගිහාන් පිලපිටිය පෙන්වා දෙන්නේ කලින් බදු පැනවීම සිදු වූයේ වාහනයේ එන්ජින් ධාරිතාව මත වුවත් ගිය අයවැයේදී හඳුන්වා දුන් නව බදු ක‍්‍රමය අනුව බදු වැඩිවීම පියවරෙන් පියවර සිදුන බවයි.

සභාපතිවරයා පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය වෙනුවට බදු ක‍්‍රමය මිල මත පදනම් වූ ආනයන බදු ක්‍රමයක් විය යුතු බවයි.

ජපාන, කොරියානු, ඉන්දීය වාහන මිල එම රටවලද වැඩිවෙමින් පවතින බවත් මෙරට රුපියලේ ඉාල්දු වීමද වාහන මිල ඉහල යාමට බලපා ඇති බවද ඔහු පෙන්වා දෙයි.

මෙරට බොහෝ ආනයනකරුවන් මේ වන විටත් අලෙවි කරන්නේ පැරැණි බදු ක්‍රමයට ගෙන්වන ලද වාහන නිසා බැලූ බැල්මට මිල වැඩිවීමක් නොපෙනුත් ඉදිරියේදී නව බදු ක්‍රමයෙක් ගෙන්වන වාහන මිල ඉතා විශාල ලෙස ඉහල යනු ඇති බවත් සභාපතිවරයා අවධාරණය කරයි.

78 views

2 Comments to “අලූත් බද්දෙන් වාහන මිල දෙගුණ වෙයි..”

  1. ගන්ජ බන්ඩා says:

    කෝ අර පංච විධ ක්‍රමයට ලාබෙට කිර් දෙන්න තෙමීගන අාව අක්කාග බොරැ පොරොන්දු දුන්නට උඹට ඩිජිටල් කොරන්න මට හිතනවා

  2. Tharanath says:

    මුන්ගේ බොරු බං, දැන් තියෙන tax system එක හොඳයි, මුන්ට ඕනේ විදියට ගනන් උස්සන්න බැරි හින්දා අඩන්නේ, simple tax system එකක් තියෙන්නේ ,

Main News