අලූත් බලවේගය හදන්නැයි ඒකාබද්ධයේ සියළු ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු දෙඅත් ඔසවා සම්මත කරති..

September 23, 2016 at 1:20 pm | lanka C news
අලූත් බලවේගය හදන්නැයි ඒකාබද්ධයේ සියළු ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු දෙඅත් ඔසවා සම්මත කරති..

ආණ්ඩු විරෝධී නව දේශපාලන සංධානයක් බිහි කිරීමේ යෝජනාවට ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ සියලූ මන්තී‍්‍රවරුන්ගේ එකගතාවය පලව ඇතැයි ඒකාබද්ධ විපක්‍ෂ ආරංචි මාර්ග පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වුණේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන්ගෙන් දැනට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින මහින්දානන්ද අලූත්ගමගේ මන්තී‍්‍රවරයා හැර සෙසු මන්තී‍්‍රවරු ඒ සදහා සහභාගී වී සිටියහ.

මෙම සාකච්ඡුාවේදී මුලින්ම අවධානය යොමුව ඇත්තේ වැට් සංශෝධන පනත පිලිබදවය. බන්දුල ගුණවර්ධන මන්තී‍්‍රවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර තිබේ. ඔහු පවසා ඇත්තේ ආණ්ඩුව වැට් හරහා කොලේ වසා ගැසීමට සූදානම් වන බවය. ඩලස් අලහප්පෙරුම , පවිත‍්‍රා වන්නිආරච්චි, යන මන්තී‍්‍රවරුද මෙහිදී අදහස් පල කර තිබේ.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ වැට් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුවට තවමත් කල් ඇති බවය. වත්මන් ආණ්ඩුව ජනතාවට සහන සැලසීමට සූදානම් නැති බව පෙනෙන්නේ යැයි හිටපු ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

පලාත් පාලන මැතිවරණය කල් දැමීමට විරෝධය පල කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබේ. ඉදිරියේදී නව බලවේගයක් පිහිටුවීම පිලිබදව සාකච්ඡුා වී ඇත්තේ ඉන් අනතුරුවය.

නව බලවේගය පිහිටුවීම පිලිබදව හිටපු ජනාධිපතිවරයා මන්තී‍්‍රවරුන්ගේ කැමැත්ත මෙහිදී විමසා ඇති අතර, සියලූ දෙනාම අත් ඔසවා ඊට කැමැත්ත පලකර තිබේ. ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා මෙහිදී සිය අත් දෙකම ඔසවමින් කැමැත්ත පල කල බවද ඒකාබද්ධ විපක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

මන්තී‍්‍රවරුන් සියලූ දෙනා පවසා ඇත්තේ නව බලවේගය පිහිටුවීමට සුදුසුම අවස්ථාව එලඹ ඇති බවයි.

– සේනානී

34,300 Viewers

14 Comments to “අලූත් බලවේගය හදන්නැයි ඒකාබද්ධයේ සියළු ශී‍්‍රලනිප මන්තී‍්‍රවරු දෙඅත් ඔසවා සම්මත කරති..”

  1. Notthischange says:

    Please do before we lose the faith…

    • siwa says:

      When is this Govt to trap & arrest the so called Wachalaya Uruwansa for the entire country to celebrate. RW should be responsible for this mistake. Anyway, its not too late to put Mr & Mrs Uruwansa behind bar for the life.

  2. gayan says:

    OTHERWISE WE ALL WILL BECOME ORPHANS IN OUR OWN COUNTRY

  3. kamal says:

    පලාත් සභා පලාත් පාලන අායතන අපට ඒපා අපට ඔ්නෙ ගුණදාස අමරසේකරගෙ සභාග රාජ්ජ්‍යයි

  4. kamal says:

    without reaching Gunadasa amrasekara’s reign it is meaningless. we don’t want elections. we want national government lead by Mr Rajapaksa or Wimal or Dienesh or Patali or Ranil or Mithri Or Gammanpila or Chnadirka.
    good system doesn’t effect leader who is.

    • ranjith perera says:

      මේ මොන පිස්සු කතාවක්ද කමල් කියන්නේ.

      • DIYASENA says:

        relayabal sources said the government will be change before end of this year

      • JUDE says:

        කමල්ගේ කතාව 100 % හරි ඉන්දියාවේ පළාත් පාලන ක්‍රමය අපේ රටට අවශ්‍ය නැහැ මේක ඉන්දියාව ලංකාවට බලෙන් පැටවූ උගුලක්

    • NAK says:

      Kamal, kiyana mala danayak therena sinhalen kiyanawa ooi

  5. DIYASENA says:

    relayable sources said the government will be change before end of this year

  6. kawinda says:

    This is the correct time to re-write new political system.

  7. Micro Electrical says:

    අනිවාර්යයෙන්ම..මහින්ද රාජපක්ෂ මැතිතුමණි,යහපාලන ආණ්ඩුවට අභියෝග කිරීමට හැකි අයුරින් නව දේශපාලන බලවේගයක අවශ්‍යතාවය රටට දැන් අවශ්‍යම මොහොතකයි පවතින්නෙ.යහපාලනය නැමැති මායාකාරී නාමයට මුවාවී රටේ ඒකීයභාවයට හා හානී ගෙනදෙන ක්‍රියාවන් සිදු කරන වර්තමාන රජයට අභියෝග කිරීමට හැකි ප්‍රබල දේශපාලන බලවේගයක් පැවතිය යුතුමය.

  8. Ravi says:

    meya nirmanaya kalata pasu apata samajikathwaya ganna web pituwak ho e-mail lipinayak palakaranna. Api aniwaryayenma samajikathwaya gannawa.

  9. kamal says:

    සිංහල මිනිසුන් අමතන අනගාරික කමල්
    උඹලගෙ අනුකාරක බව සිමාවක් නැ මොකද උඹලට ලොකු වුනෙ බටහිර දෙවල්මයි
    නමුත් ඒකක් තියෙනවා උඹලගෙ නායකයො වන නලින්ද සිල්වාට හා ගුණදාස අමරසෙකරටත් වැරදුනා මොකද ඔවුහු හිතාගෙන ඉන්නෙ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමයි ජාතිකත්වය නියොජනය කියලා ඒහෙම නෙවෙයි
    ගුණදාස අමරසෙකරගෙ සභාග රාජ්ජ්‍යට යාමට උඹලා සමගි වෙයල්ලා
    අලුත් බලවෙගයක් රටෙ හැදිය යුතුයි ඒයට නායකත්වය දෙන්නෙ මම නෙවෙයි දියසෙන් කුමාරයා ඒ් කියන්නෙ 2018 ජනවාරි 26 ශ්‍රද්ධා නාලිකාවෙන් උඹලව අමතනවා ඒතකන් ගුණදාස අමරසෙකර හා නලින්ද සිල්වාට කියනවා පටු චින්තනයෙන් මිදෙන්න කියලා මිට ලොකය අභියොග කරන ගුණදාස අමරසෙකරගෙ හා නලින්ද සිල්වාගෙ පුත් අනගාරික කමල්

Main News