අලූත් ව්‍යවස්තාවක් ගේන්න ජනාධිපති පොරොන්දු වුණා..- එජාපය කියයි..

October 27, 2017 at 6:48 pm | lanka C news
අලූත් ව්‍යවස්තාවක් ගේන්න ජනාධිපති පොරොන්දු වුණා..- එජාපය කියයි..

දැනට කෙටුම්පත් වී නොමැති ව්‍යවස්ථාවක් හා එහි අන්තර්ගතය ගැන කතා කිරීම නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ,මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන කොළඹ, කෙසෙල්වත්ත අල් හික්මා විද්‍යාලයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය නිරීක්ෂණය කිරීමට එක්වෙමින්ය.

‘මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාව ජනාධිපති කරන්න වරමක් ඉල්ලපු වේලාවේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා ඒකේ කිව්වා. ඒකෙන් ව්‍යවස්ථාවට වරමක් දීලා තියෙනවා. ඊට පසුව පැවති මැතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂය පැහැදිලිවම කියලා තියෙනවා ඒකීය රාජ්‍යයක් ලෙස මේ රට පිළිගන්නවා කියලා. එතකොට එම වරමම ඒකීය රාජ්‍යයක් සදහා ලබා දීලා තියෙනවා.ඒ නිසා ෆෙඩරල් රාජ්‍යයක් හෝ ෆෙඩරල් ගේන එකේ කතාවක් නෑ. මේක සම්පූර්ණ අමූලික කෙප්පයක්.නූපන් දරුවෙකුට නමක් දානවා වගේ වැඩක්.

දැනට ව්‍යවස්ථාවක් නෑ. තියෙන්නේ පාර්ලිමේන්තුව නියෝජන කරන පක්ෂ වල එකතුවෙන් හැදුනු වාර්තාවක් මිසක් ව්‍යවස්ථා කෙටුම්පතක් හදලා නෑ. විශේෂයෙන්ම අලුත් ව්‍යවස්ථාවක් හදන්න දුන්නු වරමේ තියෙනවා ඒකීය භාවය පිළිගන්නවා කියලා. ඒ නිසා ඒකීය භාවය අතහරින්න අපි කාටවත් අයිතියක් නෑ. එක්සත් ජාතික පක්ෂයක් ඒකීය භාවය පිළි අරගෙන තියෙනවා.

දැනට තියෙන ව්‍යවස්ථාව අනුව උනත් සම්බුද්ධ ශාසනය ප්‍රවර්ධනය කිරීම ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක්. ඒ නිසා 70% කට ආසන්න බෞද්ධයෝ ඉන්න මේ රටේ බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන්න ඕනේ කියන එකේ අඹමල් රේණුවක තරම්වත් වෙනසක් වෙන්න බෑ. ඒ වගේම අනෙකුත් ආගම් අදහන අයට තමන්ගේ ආගම නිදහසේ ඇදහීමේ අයිතියත් ඒ විදිහටම රැකෙන්න ඕනේ. ඒ අනුව ඒකීය භාවය නැති කරලා ෆෙඩරල් ගේන ඒක. බුද්ධාගමට තියෙන තැන නැති කරනවායි කියන එක පට්ටපල් බොරුවක් . ඒ තැනි දෙක නැති කරන්න අපි ඉඩ දෙන්නෙත් නෑ යැයි පැවසීය.

– මිනුර රෂාන්ත

77 views

12 Comments to “අලූත් ව්‍යවස්තාවක් ගේන්න ජනාධිපති පොරොන්දු වුණා..- එජාපය කියයි..”

  1. Minimuthu says:

    ජනාධිපති අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පොරොන්දු උනේ කාටද? ඔබටද? මටද?මෙය අවශ්‍ය කාටද? ලක්ෂ 62ක් චන්දය දුන්නේ අලුත් ව්‍යවස්ථාවකටද? එහෙනම් ඒ සියළුදෙනාම එදා රනිල් සහ ප්‍රභාකරන් රට බෙදන්න තැබූ අත්සනටත් එකඟද? මේ චන්දය දුන් ලක්ශ 62ම එකම හඬින් “රට බෙදමු” කියා කීවේද? චන්දය දුන් ලක්ශ 62ම සමාන බුද්ධිමතුන්ද? කරුණාකර මේ රටේ යලිත් “සෙනේට් මන්ත්‍රණ සභාව” ප්‍රතිස්ථාපණය කරන්න. එවිට මෝඩ දේශපාලකයන්ට අවශ්‍ය පරිදි අනවශ්‍ය පණත් සම්මත කළ නොහේ.

  2. neil says:

    Not only unitary and foremost place to Buddhism ( just like some other so called civilised European countries had given state religion to their majority faith!)

    But also

    NO amalgamation of North and East
    and cancellation of the list (it may be little revised subject to security of f future SL)
    Dissolving power ( see what is happening in Spain – right time it is happening over there our Jayamparhi Donkey and other gang must be shown what is happening over there.)

Main News