අලූත් ව්‍යවස්තා කෙටුම්පත බලෙන් සම්මත කරන්න යයි…

November 28, 2016 at 6:48 pm | lanka C news
අලූත් ව්‍යවස්තා කෙටුම්පත බලෙන් සම්මත කරන්න යයි…

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා වූ කෙටුම් පත බලහත්කාරයෙන් සම්මත කර ගැනීම සදහා ආණ්ඩුව සූදානමක සිටින බවට ඒකාබද්ද විපක්‍ෂය සැක පල කරයි.

එබැවින් එවැනි තත්ත්වයකදී ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවෙසේ පැවැත්වී තිබේ.

ඒකාබද්ද විපක්‍ෂය සමග කටයුතු කරන පක්‍ෂ කිහිපයක නායකයන්ද එම සාකච්ඡාවට සහභාගී වී ඇති අතර 2002 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස කටයුතු කල සමයේ කොටි සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් පාර්ලිමේන්තුවටවද නොදන්වා අස්සන් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කර ඇත.

24 views
Main News