අලූත් ව්‍යවස්ථාවකුත් නෑ.. කෙටුම්පතකුත් නෑ.. හදන්නත් තීන්දු කරල නෑ.. මොකුත්ම නෑ..- අගමැති

February 11, 2019 at 6:25 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවකුත් නෑ.. කෙටුම්පතකුත් නෑ.. හදන්නත් තීන්දු කරල නෑ.. මොකුත්ම නෑ..- අගමැති

අපේ රජය නව ව්‍යවස්ථාවක් සකස් කරල නැහැ. අවම වශයෙන් කෙටුම්පතක්වත් සකස් කරල නැහැ. ව්‍යස්ථා කෙටුම්පතක් සකස් කරන්න සාකච්ඡාවක් පමණක් කරල තියෙනවා. නමුත් එම සාකච්ඡාවේදීවත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන්න තීන්දු කර නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (10) බළපිටියේදී ප්‍රකාශ කළේය.

බහුතර බලයක් ලැබෙන ඡන්ද ක්‍රමයක් ගැන ප්‍රධාන දේශපාලන පක්ෂ කැමැත්තක් දක්වන බවත් කුඩා දේශපාලන පක්ෂ සමානුපාතික ක්‍රමයක් සහිත ඡන්ද ක්‍රමයක් ගැන කතා කරන බවත් අවධාරණය කල අග්‍රාමාත්‍යවරයා අපේ පක්ෂය සම්බන්ධ පෙරමුණට හා විරුද්ධ පක්ෂයට සම්බන්ධ පෙරමුණු වල කුඩා පක්ෂ වල මතයත් ඒකම බවද වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සදහා ඉදි කරන ලද නව පස් (05) මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේන් පසුව පැවති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. මේ සදහා වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ හත්සිය හතලිස් අටකි. (7,48,00000/-)

මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

බළපිටියේ මෙම ගොඩනැගිල්ල විවෘත කරන්න මට ආරාධනා කිරීම පිළිබදව වජිර අබේවර්ධන අමාත්‍යතුමාට ස්තුති වන්න වෙනවා. බළපිටිය සුවිශේෂි හැකියාවන් තිබෙන ජනතාවක් වාසය කරන ප්‍රදේශයක්. බළපිටියේ සැලකිය යුතු ප්‍රමාණයක් ධීවර කර්මාන්තයෙන් ජීවත් වෙනවා. සංචාරක කළාපයක් ලෙසත් බළපිටිය විශාල දියුණුවක් ලබල තිබෙනවා. ඒ අනුව බලන කල විදේශ විනිමය උපයන ප්‍රධානතම කළාපයක් බවට බළපිටිය පත්ව තිබෙනවා. සංචාරක කළාපයක් ලෙස බළපිටිය තව තවත් දියුණු කරන්න කටයුතු කරනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දීර්ඝ කරන්න කටයුතු කරනවා. ඒ වගේම කොළඹ සිට මහනුවර දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඉක්මනින්ම අවසන් කරනවා. එවිට නුවර සිට පැය 04 කින් හම්බන්තොටට යන්න පුළුවන්. මත්තල ගුවන් තොටුපොළ ලාභ ලබන තත්ත්වයට පත් කරන්න කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම ගාල්ල වරාය වැඩි දියුණු කර සංචාරක නැව් එන තත්ත්වට පත් කරනවා. එවිට කොග්ගල, ගාල්ල, හම්බන්තොට, බළපිටිය වාගේ ප්‍රදේශ වල සංචාරක කර්මාන්තය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න පුළුවන්. එසේ වූ විට ලංකාවට පැමිණෙන සියළු සංචාරකයින්ට නුවරටම යන්න ඕනෑ වෙන්නේ නැහැ. කදුකර ප්‍රදේශයක් අවශ්‍ය නම් දෙනියාය වගේ ප්‍රදේශ වලට යන්න පුළුවන්.

1978 දී අපි බළපිටියට එන විට බළපිටියේ මෙවැනි විශාල සංවර්ධනයක් දක්නට තිබුණේ නැහැ. අද බළපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තත් විශාල දියුණුවක් ලබල තිබෙනවා. මේ නව ගොඩනැගිල්ලට ලිෆ්ට් එකක් පවා සවි කරනවා කියල වජිර අබේවර්ධන ඇමතිතුමා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක වගේ මග නවතින්නේ නැති එකක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. මේ ඔක්කොමත් එක්ක ගාල්ලට හොද රැකියා ප්‍රමාණයකුත් ලබා දෙන්න ඕනෑ. ජනතාවට අවශ්‍ය ඉඩම් ඔප්පු ලබා දීමේ වැඩ සටහනත් මේ වන විට වේගවත්ව ක්‍රියාත්මක වෙනවා. ඊලග වසර 05 තුල මේ ප්‍රදේශය ඉතා ඉහළ මට්ටමකට ගෙන එන්න වත්මන් රජය කටයුතු කරමින් සිටිනවා.

මේ දවස්වල රටේ ජනතාව වැඩියෙන්ම කතා කරන්නේ නව ව්‍යවස්ථාව පිළිබදවයි. විරුද්ධ දේශපාලන පක්ෂ මතු කරන වැරදි අදහස් නිසා මෙවන් තත්ත්වයක් උදා වි තිබෙනවා. අපේ රජය නව ව්‍යවස්ථාවක් සකස් කරල නැහැ. අවම වශයෙන් කෙටුම්පතක්වත් සකස් කරල නැහැ. ව්‍යස්ථා කෙටුම්පතක් සකස් කරන්න සාකච්ඡාවක් පමණක් කරල තියෙනවා. නමුත් එම සාකච්ඡාවේදීවත් ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කරන්න තීන්දු කරල නැහැ. ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් නම් හදනවා. නැත්නම් නිකන් ඉන්නවා. නමුත් නව ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය නැති කරනවා කියනවා. බුද්ධාගමට තිබුණ තැන නැති කරල කියනවා. මේ සියල්ලම කියන කතා. අපි රටේ ඒකීය භාවයට කිසිදු හානියක් කරන්නේ නැහැ. බුදුදහමට තිබෙන තැන සුරකින්න අපි බැදී සිටිනවා. අද කතා කරන්නේ කාලිංග මාඝ ඇවිත් බුදු දහමට කරපු දේ අපිත් කරන්න යනවා වගේ. බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබාදිය යුතු බවට අපේ රජයේ සියළු දෙනා එකගත්වයට ඇවිත් තිබෙනවා.

1948 ඉදන් දෙමල ජනතාව විවිධ ඉල්ලීම් කළා. විවිධ දෙමල නායකයින්ගේ ඉල්ලීම් තිබුණා. 1976 දි වෙනම රාජ්‍යයක් අවශ්‍යයයි කියල දෙමල ජනතාව යුද්ධයක් ආරම්භ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ තිස්ස විතාරණ මහතා වාර්තාවක් ලබා දීල තිබෙනවා. මේ සියල්ල පිළිබදව සාකච්ඡා කරල හොද දෙයක් කිරීමයි, අපේ අරමුණ.

රටේ ප්‍රධාන කාරණා දෙකක් පිළිබදව පුළුල් සාකච්ඡාවක් තිබෙනවා. එයින් පළමු කාරණය, විධායක ජනාධිපති ක්‍රමයයි. 94 න් පසුව පත් වූ සියළු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියල ජනතාවට පොරොන්දු වෙලා තිබෙනවා. සියළු දේශපාලන පක්ෂ සාකච්ඡා කරල මේ සදහා එක මතයකට පැමිණීම අවශ්‍යයි. අනික් කාරණය වන්නේ මැතිවරණ ක්‍රමයයි. ඒ සදහාත් සියළු දේශපාලන පක්ෂ එක මතයකට පැමිණීම අවශ්‍යයි. ප්‍රධාන දේශපාලන පක්ෂ කේවල ක්‍රමය හොදයි කියනවා. කුඩා පක්ෂ වල වැඩි කැමැත්ත තිබෙන්නේ සමානුපාතික ක්‍රමයට. බහුතර බලයක් ලැබෙන ඡන්ද ක්‍රමයක් ගැන ප්‍රධාන දේශපාලන පක්ෂ කැමතියි. අපේ පෙරමුණෙත් කුඩා පක්ෂ සමානුපාතික ක්‍රමයක් සහිත ඡන්ද ක්‍රමයක් ගැන කතා කරනවා. විරුද්ධ පක්ෂයට සම්බන්ධ කුඩා පක්ෂ වල මතයත් ඒකයි.

එක පක්ෂයකට ආණ්ඩුවක් ගෙන යෑමට හැකි වන පරිදි බලයක් ලැබෙන ඡන්ද ක්‍රමයක් ගැන ප්‍රධාන පක්ෂ කැමැත්තක් දක්වනවා. ප්‍රධාන පක්ෂ මේ මතය දරන්නේ ආණ්ඩු කරද්දී ඇතැම් අවස්ථාවල ඇතිවන ගැටළු නිසයි. කොහොම වුණත් කුඩා පක්ෂ වල පැවැත්ම ඇතිවන මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි කියන මතය බැහැර කරන්නේ නැහැ.

– ජයකාන්ත ලියනගේ

8,829 Viewers

11 Comments to “අලූත් ව්‍යවස්ථාවකුත් නෑ.. කෙටුම්පතකුත් නෑ.. හදන්නත් තීන්දු කරල නෑ.. මොකුත්ම නෑ..- අගමැති”

  1. අපි ගොන්නු නෙ..... says:

    ඇත්තයි නායකතුමනි…..ආණඩුව හැදුවෙ නැතිවුණාට…. තානාපති කාර්යලයකින් හදලා තියෙන්නේ …අහුවෙන්නැති වෙන්න හොරකමක්වත් කරන්න දන්නැති අැමැඅතිවරුන්ට පුලුවන්ද ව්‍යවස්ථා හදන්න…

    • බයියෙක් says:

      වැඩේ සාක්ෂි සහිතවම අහු වුනා.
      ජනතාව ප්‍රතික්ෂේප කළා. දැන් පච මෝලක් අරිනවා.
      ලෝල්ලෝ රැවටෙත්. අපි නොරැවටෙත්.

  2. ඇට නැති දිව.....හැපෙයි බොරු දත් කුට්ටමට.... says:

    ඇට නැති දිව…..හැපෙයි බොරු දත් කුට්ටමට….අනේ මේවා අහන්නේ කතිර ගහන උන් ගොන්නු කියලා හිතලද ගොන් අලියෝ?

  3. Sunil Dahanayake says:

    Moo maha gon thakkadiyek. I worked in UAE. The UAE government is one of most strong and established governments in the world and they will not allow any government or organisation to interfere with their activities.

    What this man tells is a falls imagination. These people are big in Sri Lanka. But countries like UAE, they will not recognise these bastards at all.

    Providing jokes to Thumpanae Gamayas.

  4. n.s fasions kurunegala says:

    hapoi mehemath boru

  5. වයසක සුදු අලියා says:

    මේකා විතර කපටි කෛරාටිකයෙක් ජීවිතේටම දැකල නැහැ.
    මූ ෆොන්⁣සේකා ඇන්දුවා.මෛත්රී ඇන්දුවා.මුලු umpයම ඇන්දුවා.තව ඉවරයක් නැහැ.

  6. Manel says:

    This man is suffering from Dementia.

  7. Bandaa says:

    “ලංකාවට පැමිණෙන සියළු සංචාරකයින්ට නුවරටම යන්න ඕනෑ වෙන්නේ නැහැ. කදුකර ප්‍රදේශයක් අවශ්‍ය නම් දෙනියාය වගේ ප්‍රදේශ වලට යන්න පුළුවන්”
    සා’ගල’ බලන්නද..?

  8. අපේ රට says:

    කොරපු රෙද්දකුත් නැහැ. රටත් ඉවරයි. දැයත් ඉවරයි. දැන්වත් තොලොංචි වෙලා සොබිත ලඟට ගියොත් නරකද? එතකොට අපායේ නව ව්‍යවස්ථාවක් සකස් කරන්න පුළුවන්. ලෝදිය බොනගමන්. අර අනචාරියයි උගේ පිරිමි නර්ස් පිම්පියයි ඩොලර් කාක්කෝ හැත්තයි දැන් මොකද කියන්නේ.

  9. Kings says:

    This man still thinking only Colombo 07 people’s are educated and when he gone out of Colombo, always telling lies. Bullshit. He is feeling with Dimentia. He cannot remember our Sri Lankans literacy is more than 90%. So he is trying to make fool all others. Is he a prime minister of Sri Lanka? What happened to our country? What happened to our voters to select this type of stupid fellow to run the country. Unfortunate citizen. Sad.

  10. UNP GAL IBBA says:

    මේ පුත්තලම් බූරුවා අර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොරේ පවුලතා දීපු ඉඩම් ඔප්පුව වෙන්න ඇති???????????

Leave a Comment

Main News