අලූත් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියනවා.. දෙමල මුස්ලිම් දැනටමත් කැමතියි.. සිංහලයන් කැමති කරගන්නවා..
March 29, 2017 at 10:00 am | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ දිනවල පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සකස් කරමින් සිටින්නේ යයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
එම නව ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් කරන බවද පවසන ඔහු ඊට සිංහල ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වන බවද කීය.
මේ වන විටත් නව ව්‍යවස්ථාව සදහා ශ්රීලනිපය ඇතුළු දෙමළ මුස්ලිම් පක්ෂවල සහාය ලැබී ඇතැයිද ඇමැතිවරයා සදහන් කරයි.