අලූත් ව්‍යවස්ථාවයට ජනමත විචාරණයක් කැදවනවා.. – අගමැති
November 19, 2016 at 1:20 pm | lanka C news
නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් සකසන මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ 2/3කින් හා ජනමත විචාරණයකින් සම්මත කරගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය හමුවේ කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් පිහිටවූ අනුකාරක සභාවල වාර්තා අද දිනයේ ඉදිරිපත් කිරීමෙන් අදහස් පල කරමිනි.
නව ව්‍යවස්තාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකින් සම්මත කල පසු ජනමත විචාරණයකින්ද සම්මත කර ගත යුතු යයි විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා විසින් කල යෝජනාව අනුමත කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත.