අලූත් ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසියි – රාජිත

December 27, 2016 at 10:40 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසියි –  රාජිත

දුම්කොල සමාගම් වල මුදල් වලින් ජනතාවට සහන සැළසීමට තමන් සුදානම් නැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කළුතර තිනියාවල ග්‍රාමිය රෝහලේ නව හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීෙමි අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“දුම්කොල සදහා බදු වැඩි කිරීමට තීරණය කරන කොට කැබිනට් මණ්ඩලයේ ඇතැම් අය පෙන්වා දුන්නා රුපියල් බිලියන 100 ක් නැති වෙනවා කියලා. දුම්කොළ සමාගම වහන්න වෙනවා කීවා. නමුත් ජනාධිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කළා මම දුම්කොළ සමාගම ආරක්ෂා නොකරන බව. දුම්කොළ සමාගම වහන්න වෙනවා නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ. මට අවශ්‍ය මෙි රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරිමටයි. ජනවාරි 08 වන දා අපි ලබා දුන් පොරොන්දු එකිනෙක ඉටු කරනවා. අපට අවශ්‍ය වුයේ පැවැති ක්‍රමය වෙනස් කිරීමටයි. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයත් සියළුම දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ඒකාබද්ධව සකස් කළා. 2020 දක්වා ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය තමයි වර්තමානයේ ක්‍රියාත්මක කරන්නේ. එහිදී ජනතාවට අවශ්‍ය වුයේ ක්‍රමය වෙනස් කිරීමටයි. ජීවන වියදම ගැන නොවෙයි ජනතාව අදහස් දැක්වුයේ. ජනාධිපතිවරයාගේ බලතල එකිනෙක අඩුවෙමින් පවතිනවා. බුදුරජාණන් වහන්සේත් විවෙිචනය කළ ලෝකයේ අපේ රටේ ව්‍යවස්ථාවෙි තිඛෙනවා ජනාධිපතිවරයා විවෙිචනය කරන්න බැහැ කියලා. වර්තමානයේ ජනාධිපතිවරයා විවෙිචනය කරන්න ඔිිනෑම පුද්ගලයෙකුට පුළුවන්. නව ව්‍යවස්ථාව මගින් ජනාධිපති ක්‍රමයත් අහෝසි කරනවා.”

“ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන තිඛෙනවා බෝ නොවන රෝග පාලනය කිරීම සදහා හොදම වැඩපිළීවෙල ශ්‍රි ලංකාවෙි ක්‍රියාත්මක කරන බව. එවැනි වැඩපිළිවෙලක් ලෝකයේ කිසිදු රටක ආරම්භ කර නැහැ. රජයේ වියදමින් රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීමට පියවර ගෙන තිඛෙනවා.” යැයි ද වැඩිදුරටත් පැවැසීය.

– නිපුන් ඒකනායක

18 views

3 Comments to “අලූත් ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසියි – රාජිත”

  1. Nish says:

    පිස්සුද මේකලට පලාත් සභා බලතල වැඩි කරන ගමන් ජනාධිපති බලතල කප්පාදු කරන්න?

  2. Praba says:

    “ජනතාවට අවශ්‍ය වුයේ ක්‍රමය වෙනස් කිරීමටයි. ජීවන වියදම ගැන නොවෙයි ජනතාව අදහස් දැක්වුයේ”
    මේකෙන් අදහස් කරන්නේ ජීවන වියදම උබලට අදාල නැහැ. කට වහගෙන හිටු. ජීවන වියදම අදාල වෙන්නේ අපිට (ඇමැට්ටන්ට​) විතරයි කියලයි. බඩට ඡන්දේ දුන්නු උබලට සතුටුද දැන්?

  3. Champa says:

    අළුත් ව්‍යවස්ථාවෙන් ජනාධිපති ක්‍රමය අහෝසියි? ජනාධිපතිතුමා කැමති වුනාද? මම දන්නේ නැහැනේ එතුමා නූතන සිරිසඟබෝ වෙන්න යනවා කියලා. දැන් එතුමා හිස දන් දෙන්න යන දුගියා කවුද? රනිල්ද? නෙද්දකින්.

Main News