අලූත් ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට සෘජුව විදේශයන්ගෙන් අවිආයුද ලබාගැනීමේ හැකියාව..

January 22, 2019 at 6:26 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට සෘජුව විදේශයන්ගෙන් අවිආයුද ලබාගැනීමේ හැකියාව..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පොලිසිය කෑලි කැඩෙන්නේ නැති බවට අගමැතිතුමා බොරු කිව්වත් පොලිසිය කෑලි 10කට කැඩෙන බව යෝජිත ව්‍යවස්ථාවේ 254 ඡේදයේ සඳහන් වෙනවා.  ඇත්තටම ලංකාව වගේ පුංචි රටක පොලිසිය කෑලි දහයකට කැඩුවොත් කුමක් වේවි ද?  මම මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

කප්පම් කල්ලියක් කඩවත දී තරුණියක් පැහැරගෙන නුවර පාර දිගේ නුවර පැත්තට යනවා.  119 අමතලා මේ සිද්ධිය කිව්වාම ඔන්න දැන් පොලිසිය අර වෑන් එක ලුහු බඳිනවා.  පැයක් ඇතුලත වෑන් එක අල්ලා ගත්තේ නැති නම් නෙළුම්දෙණිය පසු කරලා සබරලගමු පලාතට ඇතුළු වෙනවා.  මෙතෙක් වෙලා වෑන් එක ලුහු බැන්ඳේ බස්නාහිර පළාත් පොලිසිය.  නමුත් ඒ අයට සබරගමු පලාතේ නීතිය ක්‍රියාත්මක කරන්න බලයක් නෑ.  ඒ අය නෙළුම්දෙණියෙන් එහාට යන්නේ නෑ.  මේක හරියට තමිල්නාඩුවේ මිනීමැරුමක් කළ කෙනෙක් බෝට්ටුවක නැගලා යාපනයට පැනලා එනවා වගේ වැඩක්.  තමිල්නාඩු පොලිසියත් බෝට්ටුවක නැගලා අර මිනීමරුවා පස්සෙන් පන්නනවා.  හැබැයි ලංකා දේශ සීමාවට ආපු ගමන් තමිල්නාඩු පොලිසිය නතර වෙනවා.  ඊට පස්සේ සිදුවීම ලංකාවට දැනුම් දෙනවා.  දැන් අර මිනීමරුවා අල්ලලා භාර දෙන එක ලංකාවේ පොලිසියේ වැඩක්.

ඒ වගේ දැන් ඔන්න බස්නාහිර පළාත් පොලිසිය මේ පැහැර ගැනීම ගැන සබරගමුව පලාත් පොලිසියට දැනුම් දෙනවා.  ඒ අයත් වාහනයක් ලැහැස්ති කරගෙන වෑන් එක පස්සෙන් පන්නවා.  පැයක් ඇතුලත වෑන් එක අල්ලා ගන්න අසමත් වුණොත් අර වෑන් එක කඩුගන්නාවෙන් මධ්‍යම පලාතට ඇතුළු වෙනවා.  දැන් ඉතින් සබරගමුව පොලිසිය මධ්‍යම පලාත් පොලිසියට දැනුම් දීලා නිකන් ඉන්න ඕනි.  දැන් මධ්‍යම පලාත් පොලිසිය වෑන් එක ලුහු බඳිනවා කියමුකො.  දැන් මධ්‍යම පලාත් පොලිසියට තිබෙන්නේ විනාඩි 45යි.  විනාඩි 45ක් ඇතුලත වෑන් එක අල්ලා ගන්න බැරි වුණොත් වෑන් එක ගලගෙදර හරහා වයඹ පලාතට ඇතුළු වෙනවා.

දැන් බලන්න. පැය තුනක් ඇතුලත පලාත් හතරක් හරහා මේ වෑන් එක යනවා.  ඉතින් කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ?  ඒ නිසා පොලිසිය කෑලි දහයකට කඩලා නීතිය ක්‍රියාත්මක කිරීම විහිලුවක් කරන්න එපා කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

විග්නේශ්වරන් වැනි අන්තවාදි මහ ඇමතිවරයෙකු යළි උතුරු පළාත් සභාවට පත් වුවහොත් යළිත් බෙදුම්වාදි යුද්ධයක් ඇති වීමේ අනතුරක් තිබෙනවා.  එදාට යුද්ධය ඇති වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදින් අතර නොව ශ්‍රී ලංකා හමුදාව සහ උතුරේ පොලිසිය අතරයි. එදා  ඉන්දියාව ත්‍රස්තවාදින්ට අවි සැපයුවේ හොරෙන් හොරෙන්.  නෝරවේ පුහුණුව සැපයුවේ හොරෙන්. හොරෙන්.  නමුත් උතුරේ අනාගත යුද්ධය කරන්නේ නීත්‍යානුකූල පොලිසියක් නම් විදේශීය බලවේග වලට එලිපිටම ඒ අයට සහය දක්වන්න පුළුවන්.  ඒ නිසා පොලිසිය කෑලි දහයකට කඩලා මේ රට යළි ගොඩ පැමිණිය නොහැකි වලකට ඇද දමන්න එපා කියා අපි අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වසර  37 න් ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුනත් මෙවැනි නීත්‍යනුකූල පොලීසියකට ජාත්‍යන්තරවත් සහය ලැබෙද්දී දෙමළ ඊලම බිහිවෙන එක කාටවත්ම නතර කරන්න පුළුවන් කමක් නෑ.

– අරවින්ද අතුකෝරල

28 views

9 Comments to “අලූත් ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට සෘජුව විදේශයන්ගෙන් අවිආයුද ලබාගැනීමේ හැකියාව..”

  1. prabadh says:

    නුවර පාරේ එනකොට නෙළුන්දෙනියෙන් නෙවෙයි සබරගමු පලාත පටන්ගනෙ.වරකාපොලින්.ජාතික නායකයෙක් යැයි කියාගන්නා කෙනෙක් ප්‍රකාශයක් කරනවිට රට තොට ගැන අවබෝධයක් තිබියයුතුයි.

    • Xenophon Onasis says:

      හරියටම හරි . ඔබතුමාට ප්‍රශ්නයේ බරපතල කම හොඳටම තේරුනා. ඇත්තටම මෙතන තියෙෙ මායිම් වල ප්‍රශ්නයක් තමයි . නෙලුම්දෙනිය වරකපොල අතර තියෙන හැතැප්ම කිහිපයට වුනත් ලක්ශ ගානක් මැරෙන්න පුළුවන් .

    • Mangala says:

      ගමක නමක් අල්ලාගෙන දඟලන්න එපා , කාරනේ වටහා ගන්න . දැනටත් අපිට උතුරේ වැඩි පාලනයක් නැති එකේ පොලිස් බලතල දුන්නොත් රට බෙදා වෙන්කිරීම වැඩි ඈතක නෑ.කුහක දේශපාලඥයෝ ඉන්නකන් මේ රටට හරියන්නේ නෑ.

  2. Janaka from Matara says:

    moo nam boru hilak.

    • කනිෂ්ක says:

      ආර්ථිකයේ ඉඳන් සැම කටයුත්තකදීම රට ෆෙඩරල් උනොත් පළාත් වලට බලය බෙදා දුන්නොත් ප්‍රශ්න ඇතිවෙනවා .ලංකාව ෆෙඩරල් කරන්න පුංචි වැඩියි .මේ ලියන්නේ ෆෙඩරල් රටක ජිවත්වන කෙනෙක්
      ආර්ථිකයෙන් පටන් ගත්තොත් ලංකාවේ ආර්ථිකය එක එක පලාත්වල ස්වයන්පොෂිත නෑ ඒවගේම අමුද්‍රව්‍ය එක එක පලාත්වලට විසේෂිතයි .පලාත්වලට බල දුන්නාම ඔවුන් ඔවුන්ගේ බදු ක්‍රම සකසනවා එවිට එක පලාතක බාන්ධයක් අනෙක් පලාතට යද්දී බදු වෙනස් වනවා නිෂ්පාදනය තනිකරම අච්චාරුවක් වෙනවා ඒවගේම එක පළාතක ජිවත්වන සේවකයන් වෙනත් පලාතක සේවය කරනවානම් ඔවුන් බදු දෙකකට යටත් වෙනවා .එක පළාතකට යම් රජයන් ආදර කළහොත් අනෙක් පලාත්වල ආර්ථික විෂමතා ඇතිවෙනවා .ඒවගේම පෙර රට පුරා විකිනු දේශීය නිෂ්පාදන විදේශයන්ට හිතවත් පළාත් මගින් කෙලින්ම මුළු නිෂ්පාදනයම විදේශයන්ට විකිණිය හැකියි එනිසා අමු ද්‍රව්‍ය හිඟවීම ආහාර ද්‍රව්‍ය හිඟවීම ආදී දේ සිදුවෙන්න පුළුවන් .රථ වාහන බදු පළාතෙන් පලාතට වෙනස්වනවා එසේම වාහන විකිණීම මිලට ගැනීම අච්චාරුවක් වනවා ඒ ඒ පළාත්වලට ගෙවියයුතු බදු වෙනස් වීම නිසා ,ඒවගේම එක පලාතක පරිසර නීති ,තාක්ෂණික නීති දැඩි නම් අනෙක් පලාතක දිවෙන වාහනයක් ඒ දැඩි නැති තිබෙන පළාතේ ධාවනයට අවසර නැතිවෙන්න පුළුවන් .මේ කරුණු ෆෙඩරල් රටවල අදටත් තිබෙන ප්‍රශ්න .
      ඒවගේම එක පලාතක රෝහලක සිට අනෙක් පලාතක රෝහලකට මාරුවීම ඉස්සර වගේ කරන්න ලැබෙන්නේ නෑ ඒවාට විශේෂ අවසර අවශ්‍ය වනවා දොස්තරලා මාරු කිරීමත් එලෙසමයි ළමුන්ගේ පාසල් නීතිත් එලෙසමයි .
      ගම්මන්පිල මහතා කියන්නේ පොලිසිය සම්බන්ද සරල උදාහරණයක් පමණයි .මේකේ ඉන්න “මාතර ජනක “වගේමෝඩයෝ දන්නේ නෑ තමුන් පනින්න යන ලිඳේ ගැඹුර වැටුනොත් වැටුනාම තමයි .ප්‍රශ්න එන්නේ ඔය ෆෙඩරල් කලාට පස්සේ .මුලින්ම වෙන්නේ ආර්ථිකය අඩියටම වැටෙන එක .අපි වගේ රටකට මේවා කළමනාකරණය කරගන්න මුදල් හා සම්පත් නෑ .දුර දකිනා නුවනක් නෑ ප්‍රශ්න එන එන විදියට විසදුම් දිදී ට්‍රයල් ඇන්ඩ් එරර් කරකර අවුරුදු පනහක් ලෙහෙසියෙන්ම කාල විනාශ කරලා දමාවි අන්තිමේ රට එකම ගිනිජාලයක් වේවි .
      කරුණාකර රටේ මිනිසුන්ව දැනුවත් කරන්න මාතර ජනක වගේ ෆෙඩරල් ලිඳට පනින මෝඩයන් දැනුවත් කරන්න

  3. kawinda says:

    What he brings to light is very correct.

  4. Analyst says:

    Is it a one ,which has more powers to the provincial councils than powers given by the Indian central government to the state governments?Even in India ,the central government handles the military and external affairs. Further,the centralGovernment can dissolve the state governments ,if necessary.

  5. හිටන්ගෙදර අප්පුහාමි says:

    රටට ප්‍රශ්නයක් වී ඇති jr ගේ ව්‍යවස්ථාව සහ පළාත් සභා අහෝසි කර, 1972ව්‍යවස්ථාවට ආපසු යන්න. කොට්ටාස ක්‍රමය සහ පක්ෂ මාරු කලොත් ආසනය අහිමි වී අතුරු මැතිවරණයකට යන පරණ ක්‍රමය තමා අපිට වඩාත් සුදුසු. ආසන සංක්‍යාව 175ක් පමණ හොදටම ඇති.

  6. ගරසරප says:

    ෆෙඩරල් තිබුනනම් අම්පාරෙ හිටපු දලබුවා නුවරට පැතිරෙන්නේ නෑ කියන්නෙ .

Main News