අලූත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ මෙහෙමයි.. කෙටුම්පතේ අකුරෙන් අකුර විමල් පැහැදිලි කරයි..

November 23, 2016 at 4:06 am | lanka C news
අලූත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ මෙහෙමයි.. කෙටුම්පතේ අකුරෙන් අකුර විමල් පැහැදිලි කරයි..

2017 මුල් මාස කිහිපය තුළ ජනතා අවධානය වෙනතකට හරවා සම්මතකර ගැනීමට සැරසෙන ‘රනිල් – සම්බන්ධන් පැකේජයේ’ ඒකීයභාවය පමණක් නොව ඒකීය රාජ්‍යය දෙපලු කිරීමට අවශ්‍ය සියලු අංග ලක්‍ෂණ ඇතුළත්ව ඇති බව ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“පාර්ලිමේන්තුවට, එහෙම නැත්තම් ආණ්ඩුව කියන විදියට ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට’ එය විසින් පත්කරනු ලැබුවායැයි කියන අනු කමිටු මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ වන මූලික කෙටුම්පත් ඉදිරිපත්කර තිබෙනවා. අප මේ අනු කමිටු වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පිවිතුරු හෙළ උරුමය සමඟ එක්ව ඒ පිළිබඳ අපේ අදහස් රට හමුවේ තැබුවා.

දැන් මේ අනු කමිටු වාර්තා ඔවුන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ ලෙස හඳුන්වන අපේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2017 ජනවාරි මාසයේ දින තුනක පමණ කාලයකදී විවාදයට ගැනීමට සූදානම් වෙනවා. ඒ විවාදයෙන් අනතුරුව අවසන් වශයෙන් සකස් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරි දිනයකදි පාර්ලිමේන්තුවේදී සම්මතකර ගැනීමටත් නියමිතව තිබෙනවා.

මෙහිදී අප අවධාරණය කිරීමට කැමතියි, මෙසේ සකස් කෙරෙන්නේ රටේ මූලික නීතිය බව. රටක මූලික නීතිය ඒ රටේ ජනතාවගේ ජීවිතවලට ඉතාමත් තදින් බලපානවා. ඒ නිසා නව ආණ්ඩක්‍රම ව්‍යවස්ථාවක් ජනතාවගේ අවධානයට යොමු විය යුතුව ඇත්තේ පූර්ව වශයෙන් නොව එය අවසානාත්මක ලෙස සකස් වීමෙන් අනතුරුවයි. රටේ ජනතාව දැනගත යුතුයි, තමන්ට ඉදිරියේදී ජීවත්වීමට සිදු වන්නේ කවර නීතියක් යටතේද, කියන එක. මේ ආණ්ඩුව ‘ලාල් විජේනායක කමිටුව’ කියලා එකක් පිහිටුවලා ‘මහජන අදහස් ලබා ගන්නවා.’ කියලා එන්.ජී.ඕ.කාරයන්ගේ අදහස් අරගෙන වාර්තාවක් නිකුත් කළා. ඒකෙන් පෙන්නුවා ‘අපි මේ අලුත් ව්‍යවස්ථාව හදන්න මහජන අදහස් ලබා ගත්තා’ කියලා දෙවනුව, පාර්ලිමේන්තුවට ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ කියලා බෝඞ් එකක් ගහලා ඒකේ අනු කමිටු ටික පත් කළා. පසුව ඒ අනුකමිටුවලට තමන්ගේ හෙන්චයියෝ ටික රිංගෙව්වා.

‘ජයම්පති වික්‍රමරත්නගේ භූමිකාව’

උදාහරණයක් විදියට මේ ‘මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවේ’ වාර්තාවට ප්‍රධානියා ලෙස අත්සන් තබා ඇත්තේ ඩී.සිද්ධාර්ථන් මන්ත්‍රීතුමා (වාර්තාව මාධ්‍ය වෙත දක්වමින්) එහෙම වුණාට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරලා මේ වාර්තාව සකස් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහත්තයා. ජයම්පති වික්‍රමරත්න කියන්නේ චන්ද්‍රිකාගේ පැකේජය හදන්න මහඟු කාර්යභාරයක් ඉටු කළ කෙනෙක්. මොහුව එක්සත් ජාතික පක්‍ෂය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආවේ ඔහු ලවා මේ අපරාධය සිදු කරවා ගන්නයි. මේ අනුකාරක සභාවේ ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයන් දෙදෙනෙකු හිටියා. ඔවුන් මේ වාර්තාවට එකඟතාව පළකර නැහැ. මේ වාර්තාව සම්පූර්ණයෙන්ම සකස් වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ උවමනාව මතයි.

මේ වාර්තාව සකස් කිරිමෙන් අනතුරුව එය ප්‍රබල සංවාදයකට භාජනය කළ යුතුව තිබුණා. නමුත් මේ ආණ්ඩුව කරන්න යන්නේ ‘අපි මහජන සංවාදය කලින් ඇති කළා’ කියන පිළිතුරු ඉදිරිපත් කරලා අවසන් වශයෙන් සකස් කරන ව්‍යවස්ථා කොටුම්පත’ මහජන සංවාදයකින් තොරව, වරදාන, වරප්‍රසාද දීලා හදා ගත්තු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයෙන් සම්මතකර ගන්න. සියලු මන්ත්‍රී වරප්‍රසාදවලට අමතරව වැට් බද්ද සමඟ මාසිකව ලක්‍ෂ 07ක කුලියකට වාහනයක් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන්නේ මේ අපරාධය සඳහා අත ඔසවන්නයි.

මුදුන දුර්වලයි- පරිධිය බලවත්’

මේ මධ්‍යම – පර්යන්ත සබඳතා පිළිබඳ අනුකාරක සභාවේ වාර්තාවෙන් ඉතා පැහැදිලිව කියන්නේ කුමක්ද? ‘මුදුනේ බලතල දුර්වල කරන්න. පරිධියේ බලතල බලවත් කරන්න්’ කියලයි. පළාත් පොලීසිය හදන්න, ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවට දෙන්න, පාර්ලිමේන්තුවට තිබෙන මුදල් බලතල පළාත් සභාවටත් ලබා දෙන්න, සමගාමී ලැයිස්තුව ඉවත් කරන්න කියලා මේ වාර්තාවෙන් නිර්දේශ කරලා තිබෙනවා.

ඒ වගේම පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරන තැනැත්තා මහ ඇමතිවරයා කැමති කෙනෙතු විය යුතුයි, කියාත් මෙහි සඳහන්. පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනයක් තිබෙනවා, ‘පළාත් සභාවක් තම බලය ඉක්මවා කටයුතු කළොත් ජනාධිපතිවරයාට එම පළාත් සභාව විසුරුවා හැරිය හැකියි ’කියා. ඒ බලය අභියෝගයට ලක් කරන්න මේ වාර්තාවෙන් නිර්දේශ කරනවා, ‘ව්‍යවස්ථා අධිකරණයක්. මේ ව්‍යවස්ථා අධිකරණයට විනිසුරන් පත් කරනු ලබන්නේ ජාතිකත්ව පදනමින්. මේ අපූරු අධිකරණයේ මේ ආණ්ඩුව අනිවාර්යෙන්ම එන්ජීඕ කාරයෝ කිහිප දෙනෙකු වාඩි කරවාවි. ජනාධිපතිවරයා යම් පළාත් සභාවක් සම්බන්ධයෙන් ගනු ලබන තීරණයකට එරෙහිව ඔවුන්ට මේ ව්‍යස්ථා අධිකරණය ඉදිරියට යන්න පුළුවන්. එහිදී පළාත් සභාවට වාසිදායක තීන්දු ලැබීමේ ඉඩකඩ නිර්මාණය වී තිබෙනවා.

‘පරමාධිපත්‍ය බලය බෙදීම’

ඒ වගේම මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පරමාධිපත්‍ය බලය බෙදා දීමටත් මේ වාර්තාව නිර්දේශ කරනවා. අපි මීට කලින් පෙන්වා දුන්නා නැගෙනහිර ටිමෝරයට ඉන්දුනිසියාවෙන් බෙදී වෙන් වී යාමට හේතු වූ කාරණය. ඉන්දුනිසියාව පිළිගෙන තිබුණා නැගෙනහිර ටිමෝරයට පරමාධිපත්‍ය බලයක් තිබෙන බව. ඒ සංකල්පය තමයි පසුව ඕස්fටි්‍රලියාවට උදව් වුණේ නැගෙනහිර ටිමෝරය ඉන්දුනීසියාවෙන් කඩලා වෙනම රටක් බවට පත් කරලා ඒ රටේ තෙල් සම්පත, සාගර සම්පත කෙල්ල කන්න.

‘සුරූපී නංගිලා පෙන්වලා කැත අක්කා දීග දීම’

දැන් ශ්‍රී ලංකාව තුළ සිදු කරන්න හදන්නේ ඒක. පොලිස් බලතල ඉඩම් බලතල, සම්පූර්ණයෙන් තිබෙනවා නම්, මුදල් බලය තිබෙනවා නම්, පරමාධිපත්‍ය බලය තිබෙනවා නම් වෙනම පාලනයක් සඳහා වෙන මොනවාද උවමනා වෙන්නේ? 2015 ජනවාරි 08 වැනිදා බල පෙරළියට උදව් කළ දෙමළ ඩයස්පෝරාව, දෙමළ ජාතිවාදී බෙදුම්වාදී කල්ලි පිනවන්න ගෙන එනු ලබන යෝජනාවල කැත වහගන්න තමයි, රනිල් – සම්බන්ධන්, හවුල ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය’ විසින් පත් කරනු ලැබූ අනුකාරක සභාවල වාර්තාවන් විසින් ඉදිරිපත් කළ යෝජනා’ කියන ලේබලය අලවන්නේ. කලින් ආවේ ‘චන්ද්‍රිකාගේ පැකේජය’ දැන් මේ එන්නේ ‘රනිල් – සම්බන්ධන් ජෝඩුවේ පැකේජය’ මේ ‘රනිල් – සම්බන්ධන් පැකේජයට’ අත ඔසවන්න අද රතු අලි පැටව් ටිකත් සූදානමින් ඉන්නවා. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම’ මූලික අයිතිවාසිකම් පුළුල් කිරීම නැමැති සුරූපී නංගිලා පෙන්වලා, මේ බෙදුම්වාදී කැත අක්කාව දීග දීමට, මේ ව්‍යවස්ථා ක්‍රියාදාමයෙන් සූදානම් වෙනවා.

මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් මේ රටේ තරුණයන් දිවි පිදුවේ, අතපය අහිමිකර ගත්තේ, ‘රනිල් – සම්බන්ධන් හවුලට’ පැකේජයක් ගෙනල්ලා මේ රට බෙදා වෙන් කරන්න නොවෙයි. 2017 මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යාමට පෙර නව ව්‍යවස්ථාව සම්මතකර ගත යුතුයි. එවිට මංගල සමරවීරට තම එකඟතාවයන්හි ප්‍රගති වාර්තාව පෙන්වන්න පුළුවන්. ‘අපි එකඟතාවන් වේගයෙන් ඉටු කරමින් යනවා. නව ව්‍යවස්ථාවකුත් සම්මතකර ගත්තා’ කියලා කියන්නයි මේ ආණ්ඩුවට උවමනා.

‘මේ රටේ මහානායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය, අනෙකුත් ආගමික නායකතුමන්ලා මේ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳව මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතුයි, කියලා. අපි විශ්වාස කරනවා. අපට අහිමි වෙන්නේ ඒකීය භාවය පමණක් නොවෙයි, ඒකීය රාජ්‍යය දෙපලු කරලා වෙනම රටක් නිර්මාණය කිරිමේ පියවරත් මෙමගින් හැදෙනවා. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් මුළුමනින්ම ක්‍රියාත්මක වුණේ නැහැ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ රජීව් ගාන්ධි අගමැතිවරයාගේ බලපෑමට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත ගෙන ආවාට පොලිස් බලතල සහ ඉඩම් බලතල පළාත් සභාවලට සම්පූර්ණයෙන් දුන්නේ නැහැ. එසේ නොදුනේනේ ඇයි? ඉන් සිදු වන හානිය බලවත් නිසයි. එසේ සම්පූර්ණයෙන්ම නොදුන්නු බලතල පමණක් නොවෙයි පරමාධිපත්‍ය බලයත් බෙදලා දුන්නාම රණවිරුවන් දිවි පුදලා රැකලා දුන්නු මේ රටේ ඉරණම කුමක්ද?

‘සහජීවනයට එකම මාවත’

බෙදුම්වාදීන්ට වෙනම ස්වෛරී රාජ්‍යයක් බිහිකර ගැනීමට අවශ්‍ය සම්පූර්ණ අංග ලක්‍ෂණ ටික මේ නව ව්‍යවස්ථා කෙටුම්පත තුළ අන්තර්ගත කරලා තිබෙනවා. මේ අපරාධය සිදු වීමට ඉඩහැර මේ රටේ ජනතාව නිහඬව ඉන්නවා නම් ඔවුන් තමන්ගේ මෑත ඉතිහාසයට පිටු පෑ ජාතියක් ලෙස ඉතිහාසයට එකතු වන එක වළක්වන්න බැහැ. අපි දන්නවා, ඇමෙරිකා ඒක්සත් ජනපදය 2015 ජනවාරි 08 බල පෙරළියට අවශ්‍ය ජනමතය හැදීමට මේ රටේ ‘හිවල් සංවිධානවල’ ප්‍රධානීන්ට ඩොලර් මිලියන ගණන් ලබා දුන්නා. සරත් විජේසූරියලා එදා ඒ සල්ලි අරන් වෙනසකට අවශ්‍ය ජනමතය හැදුවා. අද යළිත් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, බටහිර තානාපති කාර්යාල මේ අයට සල්ලි පොම්ප කරමින් සිටිනවා. ‘නව ව්‍යවස්ථාව තමයි සහජීවනයට එකම මාවත’ කියන මතය හදන්නයි දැන් මේ විදියට සල්ලි පොම්ප කරන්නේ.

ඒ නිසා අපි මේ රටේ ජනතාවට කියනවා ‘මේ ව්‍යවස්ථාව සම්මත වීමට ඉඩ දී නිහඬව සිටින්න එපාෟ! ඔබගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය මන්ත්‍රීවරුන්ට අල්ලසට යට වී මේ ව්‍යවස්ථාවට පක්‍ෂව ඡන්ද දීමට ඉඩදී නිහඬව සිටින්න එපා!’ කියලා.

අපි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස මේ කිසිදු අනුකාරක සභාවක සාමාජිකත්වය දැරුවේ නැහැ. ඒ වගේම අපි ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් යෝජනා කළා ‘අපි මේ අනුකාරක සභාවල හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හෝ සාමාජිකයන් නොවිය යුතුයි’ කියලා. සිංහල -මුස්ලිම් ගැටුම් හදලා ඒවාට සමාජයේ අවධානය යොමු කරලා මේ රටට හානිකර ව්‍යවස්ථා ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාමටයි මේ ආණ්ඩුව සැරසෙන්නේ. ඒ නිසා එදා චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කළා වගේ මේ ‘රනිල් – සම්බන්ධන් පැකේජය’ උපන්ගෙයිම වල දැමීමට පෙරට එන්න කියා අපි මේ රටේ සුජාත දූ පුතුන්ගෙන් ඉල්ලා සිටිනවා”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් සහ කුරුණැගල දිස්ත්‍රික් සංවිධායක කැලුම් ජයසුමන යන මහත්වරුද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

40 views

3 Comments to “අලූත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නේ මෙහෙමයි.. කෙටුම්පතේ අකුරෙන් අකුර විමල් පැහැදිලි කරයි..”

  1. Champa says:

    කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නවා විමල්. ඔබ හැමදාම වගේම වේලාසනම ජනතාව දැනුවත් කරනවා. LCN එකේ තියෙන ප්‍රවෘත්ති වල වැදගත්ම ප්‍රවෘත්තිය “රනිල්-සම්බන්ධන් ව්‍යවස්ථා පැකේජය”. ඒ වුනාට ඒකට නිසි අවධානය යොමු වෙලා නැහැ කියලා මට පේනවා. ආණ්ඩුවට මල් කඩලා දෙන “මල් පොහොට්ටුවට” නම් මීට වඩා prominence දෙනවා.

    ඔබේ අනතුරු ඇඟවීම් වලට ඇහුම්කන් නොදී ජනවාරි 8 වෙනිදා ලංකාවම ඉල්ලන් කෑවා. ඊළඟට අළුත් පක්ෂෙකින් ඡන්දේ ඉල්ලන් නැතුව අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණෙදි ශ්‍රීලනිපයෙන් තරඟ කරලා මහින්ද ඉල්ලන් කෑවා. මහින්ද හින්ද දෙවෙනි වතාවටත් මුළු ලංකාවම ආයෙ ඉල්ලන් කෑවා. දැන් රට බෙදන ව්‍යවස්ථාව ගැන ඔබ කරන අනතුරු ඇඟවීමට හරි අවධානය යොමු නොකර මුළු ලංකාවම තුන්වෙනි වතාවට හෙවත් අවසාන වතාවට ඉල්ලන් කන්නයි යන්නේ. අවසාන වතාවට කිව්වේ මේ ව්‍යවස්ථාව සම්මත වුනාට පස්සේ ආයේ ඉතින් ඉල්ලන් කන්න ලංකාවක් ඉතුරු වෙන්නේ නැති නිසා. අනේ විමල් ඔබත් ඉතින් ඉල්ලගෙනම කන්න උපන් රට බේරා ගන්න තවමත් අනතුරු අඟවනවා.

    ඔබ කරපු කතාවේ ඔබ අන්තිමට කිව්ව එකෙන් මම පටන් ගන්න කැමතියි. ලංකාවටම කතා කරන්න ඉස්සෙල්ල, ජනතාව පෙළ ගස්සන්න ඉස්සෙල්ල, ඒකාබද්ධ විපක්ෂය හරි ගස්ස ගමු නේද?

    “අපි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම ලෙස මේ කිසිදු අනුකාරක සභාවක සාමාජිකත්වය දැරුවේ නැහැ. ඒ වගේම අපි ඒකාබද්ධ විපක්‍ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටත් යෝජනා කළා ‘අපි මේ අනුකාරක සභාවල හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ හෝ සාමාජිකයන් නොවිය යුතුයි’ කියලා”

    මෙහෙම වෙන කොට මට කේන්ති යනවා. මහජනතාව කරන්න ඕනේ රනිල්-සම්බන්ධන් පැකේජයට අත උස්සනවා කියලා මෛත්‍රී පිලට දෝෂාරෝපණය කරන්න ඉස්සෙල්ල, රනිල්ට රට බෙදන ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුව ඇතුලේ සහයෝගය දෙන්න ඒ කමිටුවල සාමාජිකයෝ වෙලා ඉන්න ඒකාබද්ධ විපක්ෂයේ අනිත් පක්ෂවලට විරෝධය පල කරන එක. ඔබේ පක්ෂය මේ ව්‍යවස්ථා කමිටු වල නැහැ කියන එක ලංකාවම දන්නවා. ඔබ කිසි දවසක රට බෙදන ව්‍යවස්ථාවකට යටින් වත් උඩින් වත් හවුල් වෙන්නේ නැති බව ලංකාවම දන්නවා. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ඔබේ NFF එක හැර අනිත් පක්ෂ රනිල් එක්ක දවල් මිගෙල් රෑ දනියෙල්ට අඳිනවා. පාර්ලිමේන්තුව ඇතුලේ රනිල්ගේ රට බෙදන කමිටු වල සාමාජිකයෝ වෙලා ඒකට උපරිම සහයෝගය දක්වලා, එලියට ඇවිල්ල බොරුවට ජනතාවට කෑගහනවා “බුදු අම්මෝ… අන්න ආණ්ඩුව ව්‍යවස්ථාවෙන් රට බෙදන්න යනවෝ…. විරුද්ධ වෙයපියෝ….” කියලා.

    ඔබ ඉස්සෙල්ලම පාර පෙන්වන්න ඕනේ ඔබ ඔය එකතු වෙලා ඉන්න ඒකාබද්ධ විපක්ෂයට. ඔබ ඇර ඒකෙ ඉන්න එවුන් කිසි කෙනෙක් රටට ආදරේ නැහැ. තනිකර බොරුව කරන්නේ. තව උදාහරනයක් තියෙනවා. මේ ලඟදි දවසක් ඒකාබද්ධ විපක්ෂයේ එක මන්ත්‍රී කෙනෙක් කිව්වා (මට comment එකක් දාන්න බැරිවුනා. කවුද කියලා මතක නැහැ). රට බෙදන ව්‍යවස්ථාව ගෙනෙන සම්බන්ධන් හ…ලී…ම… හොඳයි කියලා. මොකොද කිව්වා නම් “අසීමිත” බලයක් (මේක නෙමයි පාවිච්චි කල වචනේ. මේ සමාන වචනයක්) උතුරට ඉල්ලන ෆෙඩරල් ව්‍යවස්ථාව ගැන තමන්ගේ අදහස් කියන්න මිනිස්සුන්ට අවස්ථාවක් දෙන්න ජනමත විචාරණයක් තියන්න ඕනේ කියලා “සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී” සම්බන්ධන් කිව්වලු. ඉතින් එහෙම කියන නිසා එයා හ…ලී…ම .. හොඳයිලු. ආණ්ඩුව කලින් ඡන්ද දෙකම දිනුවේ හොරට කියන එක අද ඒකාබද්ධ විපක්ෂයට අමතක වෙලා. උතුරේ විතරක් නෙමෙයි සමහර පළාත් වලත් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද වැටුනේ කොහොමද? ආණ්ඩුව මේකෙදිත් කරන්න හදන්නේ හොර ඡන්ද දැමීමක්. විශේෂයෙන් උතුරු නැගෙනහිර සහ තවත් පලාත්වල. එක නිසා ආණ්ඩුවට ජනමත විචාරණයක් දක්වා මේ ව්‍යවස්ථාව ගෙනියන්න ඉඩ දෙන්න හොඳ නැහැ. එහෙම කරනවා නම් ඊට වඩා මෝඩ කමක් තවත් නැහැ. මෙහෙම් ලිව්වේ ඔබ සිංහල ජනතාවගේ ප්‍රබල පෙළගැස්මක් ආපහු ඇති කරනකම්. ඊළඟට එන කිසි චන්දෙකදී රනිල්ට පරණ සෙල්ලම් දාන්න මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ.

    විධායකයට වඩා වැඩි බලයක්, පාර්ලිමේන්තුවට වඩා වැඩි බලයක් සහ ව්‍යවස්ථා අධිකරණයක් මගින් රටේ ස්වාධීන උත්තරීතර අධිකරණයට වඩා වැඩි බලයක් ලැබෙන විදියට පළාත් සභා වලට අසීමිත බලයක් දීලා උතුරුට සහ නැගෙනහිරට ස්වයං පාලනයක් දෙන්න අර අඳින “රනිල්-සම්බන්ධන් පැකේජයට” විරුද්ධව දැන්මම ජනතාව පාරට ගෙන්න ඕනේ. (මුන්ට ඇත්තටම මොලේ අමාරුවක්වත් තියෙනවද දන්නෑ නේද විමල්).

    දේශද්‍රෝහී ආණ්ඩුව තමන්ට එරෙහිව තියෙන ජනතා විරෝධය, සුළු ජාතික විරෝධයක් බවට හරවන්න සූක්ෂම නමුත් එළිපිටම ව්‍යාපාරයක් ගෙනියනවා. ඔබ ඒ ගැන ජනතාව දැනුවත් කරපු එක ඉහලින්ම අගය කරනවා. අපේ සිංහල ඇම්බැට්ටයෝ රැළකුත් හැමදාම වගේ ඒ උගුලට දැනටම අහු වෙලා. මේක එකපාරටම දැන් ආවේ ජනවාරි වල “රනිල්-සම්බන්ධන් පැකේජය” ගේනකොට මේ රට කඩ ගිනි තියන, ගෙවල් ගිනි තියන, සුළු ජාතිකයෝ මරණ, ගහන, බය කරන තැනකට රට ගෙනත් තියෙන්න ඕනේ නිසා. අද එකමුතු වෙලා ඉන්න සිංහල ජනතාව බෙදන්න ඕනේ නිසා. ආණ්ඩුවට මේකට සුළු ජන ඡන්ද ගන්න නම් සුළු ජාතීන් සිංහල ජාතිය එක්ක වෛර කරවන්න ඕනේ. එහෙම වුනාම අපි වගේම රට බෙදෙනවාට අකමැති මුස්ලිම් මිනිස්සුත්, එක පාරක් ජනවාරි 8 මහින්දට පාඩමක් ඉගැන්නුවා වගේ සිංහලයන්ට පාඩමක් උගන්වන්න කියලා ජනමත විචාරණයේදී ඒකට පක්ෂව ඡන්දේ දෙනවා. සිංහල අපි අතර ජෙවත් වෙන සුළු ජාතිකයන් රට බෙදනවට කැමති නැහැ. උතුරේ දෙමල ජනතාව, බෙදුම්වාදී ජාතිවාදී දෙමළ දේශපාලකයන්ගේ ප්‍රාණ ඇපකාරයෝ. ඔවුන්ගේ හැසිරීම් තීරණය කරන්නේ බෙදුම්වාදී දෙමල දේශපාලකයෝ. නමුත් අපි අතර ඉන්න සුළු ජාතිකයන් සිංහලයා එක්ක ඒකීය රටක ජීවත් වෙන්න කැමතියි කියන එක අමතක කරන්න හොඳ නැහැ.

    සිංහල අපි හොඳට මතක තියා ගන්න ඕනේ දෙයක් තමයි මුළු රටටම බලපාන රටේ ඉරණම සම්පූරනයෙන්ම වෙනස් කරන, බහුතරය වුනත් සිංහලයට අද තියෙන දේශපාලන බලය නැති කරන, තීරණ ගැනීමේ අයිතිය නැති කරන, විධායක බලය, පාර්ලිමේන්තුව බලය සහ අධිකරණ බලය යන තුනම බහුතර සිංහලයා අතින් ගිලිහෙන “රනිල්-සම්බන්ධන් පැකේජයට” වඩා තවත් තර්ජනයක් සිංහල අපිට නැහැ කියන එක.

    විමල් කියන දේට අඩුගානේ තුන්වෙනි පාරවත් ඇහුම්කන් දීපල්ලා කියලා මැටිමෝල් සිංහලයන්ට කියන්න කැමතියි.

    පාට පක්ෂ වලට බෙදිලා ඉන්න එක නවත්තලා ඒකීය රටක් විදියට, සිංහල බෞද්ධ රටක් විදියට, රටේ ඉරණම තීරණය කරන බහුතර ජනතාවක් විදියට සිංහල අපිට තවදුරටත් ජීවත් වෙන්න ලැබෙන අන්තිම අවස්ථාවත් නැති කරගෙන ජීවිත කාලෙම අපිට පසු තැවෙන්න වෙන, අඬ අඬා ඉන්න වෙන, අනාගත පරම්පරාවේත් සාපයට ලක් වෙන, අවුරුදු දෙදහස් හයසීයකට පස්සේ විනාශ වෙලා ගිය ජාතියක් විදියට ඉතිහාසයේ ලියැවෙන්න ඉඩ නොදී “රනිල්-සම්බන්ධන් පැකේජය” ගේන්න ඉස්සෙල්ල, මේක මෙතැනින්ම නතර කරන්න ආණ්ඩුවට බල කරන්න මහපාරට බහිමු. දැන්මම මේක නැවැත්තුවේ නැත්නම් ආයේ පාරට එන්න අවස්ථාවක්වත් ලැබෙන්නේ නැහැ ඉදිරියට. ආවත් වැඩක් වෙන්නෙත් නැහැ.

    මේ පැකේජය එන්නත් ඉස්සෙල්ල දැන්මම රනිලුයි සිරිසේනයි මාධ්‍ය වලින් මස් රාත්තල ගන්න හදන හැටි පේනවා නේද?

    මේ කරන්න හදන්නේ දේශද්‍රෝහී රනිල්-සිරිසේන-සම්බන්ධන් ආණ්ඩුවේ රට ජාතිය පාවා දෙන මෙහෙයුම ගැන ජනතාවට කරුණු දක්වන්න මාධ්‍ය විසින් කරන තීරණාත්මක, ගවේෂණශීලී, නිර්භය මෙහෙවරට වැට බඳින එක. ඉස්සරහට රට ආදරේ කරන දේශපාලන නායකයෝ හිරේ දමයි, රට වෙනුවෙන් පෙරට එන හාමුදුරුවරු හිරේ දමයි, හිටපු හමුදා නිලධාරින් හිරේ දමයි, පක්ෂ තහනම් කරයි, රූපවාහිනී නාලිකා තහනම් කරයි, පුවත්පත් තහනම් කරයි. අපිට ඒ වෙනකම් උඩ බලා ඉන්න බැහැ.

    දෙයි හාමුදුරුවනේ, සිංහල අපි මිලියන 15ක් ඉන්න රටේ පාර්ලිමේන්තුවේ ඉන්න එකසිය ගානකට මේ රට විනාශ කරන්න, රට බෙදන්න ඉඩ දීලා බලා ඉන්න තරම් මරිමෝඩ මැටිමෝල්ලුද අපි? සිංහල අපි එකා වගේ එකමුතු වෙලා “රනිල්-සම්බන්ධන් පැකේජය” ඉවත් කරගන්න ආණ්ඩුවට බල කරමු. ජනතා බලය පෙන්නමු.

    විමල්, ඔබ ගිය අවුරුද්දේ කරපු “මහින්ද සුළඟ” වගේ මේ පාර “සිංහල සුළඟක්” ඇති කරන්න ඕනේ. කිරා වැටෙන සිංහලයව අවදි කරන්න ඔබ ආපහු පෙරමුණ ගන්නවා නේද?

    මුළු ආණ්ඩුවම සුළු ජාතික බෙදුම්වාදී ජාතිවාදී දෙමල මුස්ලිම් ජාතිකයන්ට මේ රට බාර දෙන්න හදන කොට, බහුතර සිංහල අපිට ඊට විරුද්ධව නැගී හිටින්න පරම අයිතියක් තියෙනවා. මේ සිංහල අපේ රට කියලා අමතක වෙච්ච හැම එකාටම කියල දෙන්න අපිට අයිතියක් තියෙනවා.

    දෙමළට පුළුවන් නම් ජාතිවාදී වෙලා උතුරට ස්වයං පාලනයක් ගන්න, සිංහල අපිත් ජාතිවාදී වෙලා අපේ අයිතිය රැක ගන්න ඕනේ.

    සිංහල අපි ජාතිවාදීන් නොවුණු නිසයි ආණ්ඩුව මෙච්චර දුරක් ආවේ. සිංහලයාගේ තරම් ආණ්ඩුවට පෙන්වන්න කාලේ හරි. හැබැයි අමතක කරන්න එපා, අපේ සටන සුළු ජාතීන් එකක් නෙමෙයි. ආණ්ඩුව එක්ක. ගහේ එතිලා තියෙන වැලෙන් අපිට වැඩක් නැහැ. රටට පිළියක් වෙලා තියෙන ගහ එක්කයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ.

    රට වෙනුවෙන් හැමදාම පෙරමුණට එන, මුළු රටටම ශක්තිය දෙන විමල් ඔබට ශ්‍රී දළදා සමිඳුගේ පිහිටත්, ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ ආරක්ෂාවත්, රුහුණු කතරගම කඳ සුරිඳුන්ගේ රැකවරණයත් ප්‍රාර්ථනා කරනවා. Love you.

  2. VASANA says:

    රටබෙදන නව ව්‍යවස්ථාවට එරෙහිව සිංහලයෙනි පාරට බසිව්
    යහපාලන රජය දිනෙන් දින අප්‍රසාදයට පත් වෙයි. රජය පවත්වගෙන යෑමට නොහැකිව බැදුම්කර මගඩි තුළින් ණය බර උත්සන්න වී නලියන කල රජය බිඳ වැටීමකට ලක් විය යුතුය. අඩු ගණනේ අග්‍රාමාත්‍ය පදවිය වෙනස් වීමකට ලක් විය යුතුය. නමුත් ජනාධිපතිවරයා කලින් ලෙසම මෙම බිඳි වැටීම වළක්වාගෙන සිටී.එයට හේතුව ලෙසට අපට සැලකිය හැක්කේ පැවති රජය පරාජය කිරීම පිනිස විදෙස් බලවේග සමග ඇතිවූ එකඟතාවයන් අර්බුදයට යෑම වලක්වා ගැනීමයි. වෙසෙසින්ම සංහිඳියා පිළිවෙත තුළින් උතුර සහ නැගෙනහිරට අවශ්‍ය ප්‍රමාණවත් දේශපාලන බලතල ලබා දීම පිණිස පිහිටවූ සංහිඳියා ලේකම් කාරයාලය ඔස්සේ ඉදිරියට යන වැඩ පිළිවෙල කඩාකප්පල් කර ගැනීමට මේ පිරිසට නොහැකිය. අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණත වැඩි සංවාදයකට ලක් නොකර සම්මත කර ගැනීමෙන් අපට පැහැදිලි වන්නේ එකඟතාවයන් ඉෂ්ට කිරීමට රජය විශේෂයෙන්ම බැඳි සිටින බවයි.ඒ අනුව ඉදිරියේදී ඉක්ටා ගිවිසුම අත්සන් කිරීමත් ෆෙඩරල් බලතල සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමත් යන කාරණා සිද්ද කොට අවසන් කිරීමට යොමු විය හැකිය.ඒ පනත් නේද මේ ගෙන එන්නේ …රට බෙදන නව ව්‍යවස්ථාව…. මේ අරමුණු මෙසේ වුවද යුද්දයෙන් අවසන් කරන ලද කොටි ත්‍රස්ත බිය නැවත මතු වෙමින් පවතී. අවි ආයුද තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ගිනි අවි ප්‍රවාහනය කිරීම වැනි දේ උතුරේ යලි සිදු වෙයි. ආරක්ෂක හමුදා වලට පහර දීම සිදු වෙයි. දෙමළ පොලිස් නිලධාරින්ට ඉල්ලා අස්වන ලෙසට බල කෙරෙන දැන්වීම් ලැබෙයි. මීට ටික දිනකට ප්‍රථම උතුරේ මහ ඇමති විසින් කරන ලද වෛරී ප්‍රකාශවලින් පසු උතුරේ තරුණයන් ඇවිස්සී තිබේ. ඔවුන් උතුරේ බුදු පිළිම කුඩු කරයි.කැලෑ බෝගස් වැව වැනි සාම්ප්‍රදායික සිංහල ගම්මාන සංවර්ධනය කිරීමට විරුද්ද වෙයි. උතුරේ හමුදා කඳුවරු ඉවත් කළ යුතු යැයි විදෙස් නියෝජිතයන් හමු වේ ප්‍රකාශ වෙයි. බෞද්ධ නොවන ප්‍රදේශ ලෙස උතුර ගැන හඳින්වීමක් කර ඇත. මේ ළගදී ලංකාවට පැමිණි රීටා නමැති එක්සත් ජාතීන් ගේ සංවිධානයේ නියෝජිතවරිය මෙය අනුමත කරමින් ප්‍රකාශයක් ලබා දී තිබේ.පෙරහර එන විට කස පුපුරුවන බව අප දනිමු.1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථමවද මේ දේ සිදු විය.රටපුරා කලබගෑනි ඇති වී බලහත් කාරයෙන් ගිවිසුම අත්සන් කෙරිණි. …..සිංහලයෙනි මේ යහපාලන රෙජීමය ඉවත්කිරීමට මුළු රටේ දේශහිතෙෂි සියලුම ජනතාව පාරට වරෙව් ….සිරිසේන -රනිල් බලෙන් හෝ නෙරපා රට ජාතිය රැකගනිව්
    ගරු විමල් ඔබට තෙරුවන් සරණයි …!!!! ජයවේවා !!!!….රටජාතිය ආගම රැකීමට ශක්තිය ලැබේවා

  3. OLU says:

    එදා පැරණි විරුවන් සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජාතික විමුක්ති අරගලය දියත් කරේ යම් සේද ඊට නොදෙවෙනිව අද අපිත් දිගින් දිගටම සිංහලයා බෞද්ධයා ඉලක්ක කරමින් එල්ල කරන පීඩනය මැඩගෙන සිංහලේ සැබෑ නිදහස උදෙසා අත්වැල් බැදගෙන ජාතික ශාසනික විරෝධී පදනම් බිදගෙන ඉදිරිය බැලීමට අදිටන් කර ගතයුතු වන්නේය…
    රටක් ජාතියක් සමයක් කරණ කොට
    තුවක්කුවට කඩුවට ගල්මුල් වලට
    ඉල්ලකයක් වන්නට ඇත්නම් අපට
    සැපක් තමයි නො නිවෙන නිවනින් මෙපිට.
    පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා
    හෙළයිනි රටබෙදන නව ව්‍යවස්ථාවට විරුද්ධව උද්ගෝෂණ කරව් ..යමපාලනය නෙරපා සිංහල මහජන බලය පෙන්වව්
    ඒකාබද්ධ විපක්ෂයට ජයවේවා !!!

Main News